වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබේ සහකරුවාත් මේ වගේද
නොවැම්බර් 26, 2021
හතර වරිගයටම වග කියන හතර වර්ගයක පිරිමි ගති ලක්ෂණ
පිරිමියා සහ කාන්තාව අතරින් කායික ශක්තියෙන් ඉහළ තැනැත්තා පිරිමියා වුවද වත්මන් කාන්තාව තම බුද්ධි මහිමයෙන් කැපවීමෙන් අධ්‍යාපනයෙන් ලබා ඇති තත්ත්වය පිරිමියා අතික්‍රමණය කරන (ඉක්මවා යන) බව පැහැදිලි සත්‍යයකි.පිරිමි මූලික සමාජය තුළ කාන්තාව ප්‍රබල වී සිටියද ඇතැම් කටයුතු වලදී පිරිමියාගේ දායකත්වය ඉහළින්ම කැපී පෙනෙයි.
මේ විමසුම ඡ්‍යොතිෂයට අනූව පිරිමින්ගේ ගති ලක්ෂණ පිළිබඳයම් අවබෝධයක් ඔබට ලබාදීම පිණිසයි.
ඡ්‍යොතිෂයට අනූව ලෝකයේ වෙසෙන පිරිමි ඔවුන්ගේ දේහ ලක්ෂණයන් අනූව වර්ග හතරකට බෙදනු ලැබෙයි.හැඩරුව, ගතිගුණ දෙස ඉතා වුවමනාවෙන් ඔබ විමසා බැලුවහොත් ඔබ විමසන පුරුෂයා කෙබඳු අයුරක පුරුෂයෙක්ද යන්න මේ අනුව වටහා ගත හැකිය.
“ශෂ” වර්ගයේ පිරිමි
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් වර්ග කිරීමේදී මුල්ම කොටසට අයත් වන්නේ “ශෂ”පුරුෂයාය.මේ “ශෂ” පුරුෂයාගේ මුහුණ රවුම් වටකුරු හැඩයක් ගනියි.උස මධ්‍යම ප්‍රමාණයකින් යුක්තය.දෑත් වල ඇඟිළි අතර ඉතා විශාල හිඩැස් දැකිය හැකිය.දෑස් රතුපැහැයෙන් යුක්තය.පපුවේ සහ පිටේ පවා රෝම සහිත සිරුරක් හිමි “ශෂ” වර්ගයේ පුරුෂයා ඉතාම යුක්තිගරුකය.මානව දයාවෙන් යුක්තය.අන්‍යයන්ගේ සැපය වෙනුවෙන් තමන්ගේ බොහෝ දේ කැප කරනු ලබයි.එසේම ශෂ වර්ගයේ පුරුෂයාට කරදර කම්කටොලු ගෙනදීමට පියවර ගන්නා අන්‍යයන් බුද්ධියෙන් මට්ටු කරන්නට තරම් මානසික තත්වයක් හා ශක්තියක් ශෂ වර්ගයේ පුරුෂයා සතුය.
එකවිට කාර්යයන් කීපයක් කිරීමට දක්ෂ “ශෂ”වර්ගයේ පුරුෂයා තමා අතින් අතපසු වීමකින් හෝ සිදුවූ වරදක් වුවද වගකීමෙන් බාරගනියි.තමා නොකළ වරදක් තමන් වෙත පටවන්නේ නම් තදින් කිපෙයි.ජීවිතයේ සියලුම කටයුතු පිළිවෙලකට කරන මේ “ශෂ” වර්ගයේ පිරිමියා ඡ්‍යොතිෂයේදී ඉතා සාර්ථක දැහැමි,පරාර්ථකාමී යහපත් පුද්ගලයකු ලෙස අර්ථ දක්වන අතර ඒවැනි පුරුෂයකු තම විවාහක බිරිඳට සහ දරුවන්ට බොහෝ සේ ආදරය කරයි.තම බිරිඳට අවශ්‍ය සියලු සැප සම්පත් තමාට හැකි ආකාරයෙන් උපරිම ලෙස ලබාදීමටද “ශෂ” වර්ගයේ පිරිමියා කිසිවිටෙකත් පසුබට නොවෙයි.ඒමෙන්ම “ශෂ” වර්ගයේ පිරිමින් විවිධ කලා කටයුතු වල නිරත වන අතර ඔහු අන්‍යයන්ගේ පීඩිත බව කෙරෙහි දැඩි ලෙස කම්පා වන්නෙකි.අන්‍යයන්ට කිසියම් විපතක් වී නම් නොපැකිළවම උපකාර කිරීමට දෙවරක් නොසිතයි.
“මෘග” වර්ගයේ පිරිමි
දෙවැනි වර්ගයේ පිරිමියා හඳුන්වනු ලබන්නේ “මෘග”පුරුෂයා වශයෙනි.වචනයේ හැඩය, උච්චාරණය, පරිහරණය අනූව මෘග යන වචනය තුළ තිරිසන් බවක් පෙන්නුම් කළත් ජ්‍යොතිෂයට අනූව “මෘග” පුරුෂයා හොඳ පුරුෂයෙකි.ඔහුගේ ගතිගුණ බොහෝ දුරට “ශෂ” වර්ගයේ පිරිමියාට සමානය.
“මෘග” වර්ගයේ පිරිමියාද බිරිඳට සහ දරුවන්ට පණ සමව ආදරේ කරයි. අන් දරුවන්ද තම දරුවන් සේ සලකයි.වංචාකාරී නැත.බිරිඳගේ හා පවුලේ ගරුත්වය සුරකින විශ්වාසවන්තයෙකි. මොහුගේ ස්වරූපය වන්නේ නිතර නිතර වටපිට බැලීමය. සිත එක අරමුණක නතරව පවතින්නේ නැත. එහෙත් සැක උපදවාගතයුතු නැත. කාය බලයෙන් ශක්තිමත් මේ පුරුෂයාගේ අතපය ඉතා හොඳීන් පූර්ණව පැහැපත්ව වැඩී තිබේ.සිනහවකින් පිරුණු මුව මඬලක් “මෘග” වර්ගයේ පිරිමියාට ඇති අතර නිතර නිතර ආහාර ගැනීමට ප්‍රියතාවයක් දක්වයි.ආහාර ගන්නා විට එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමද “මෘග” පුරුෂයාගේ ලක්ෂණයකි. මේ නිසාම ලෙඩ රෝග වලට බහුලව ලක්වේ. කරුණාවන්තව පැහැදිලි කිරීම් මඟින් එම තත්ත්වය වලකා ගත හැකිය.
“වෘෂභ” වර්ගයේ පිරිමියා
“වෘෂභ” වර්ගයේ පිරිමියා ලෙස හඳුන්වන තුන්වන වර්ගයේ පිරිමියා එතරම් විශ්වාසවන්ත පුද්ගලයකු නොවේ.නමුත් “වෘෂභ” යන වචනය යෙදුණද මේ “වෘෂභ” පිරිමියා අණුවණ අයකු නොවේ.නමුත් අලසය.ශරීර සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකීමක් දක්වන්නට “වෘෂභ” පිරිමියා කටයුතු නොකරන නිසා ඔහු නිතරම රෝගියකු බවට පත්වේ.ඡ්‍යොතිෂය නියමයන්ට අනූව මොහු හොඳ වර්ගයේ පිරිමියකු ලෙස සලකන්නේ නැත.වෘෂභ වර්ගයේ සමග විවාහ වන කාන්තාව ඉතා කෙටි කාලයකදී ඔහුව ප්‍රතික්ශේප කිරීම සාමාන්‍ය තත්ත්වයකි. විශාල හිසක්ද, රවුම් මුහුණක්ද, ඇති “වෘෂභ” පිරිමියාගේ දත් ඉතා කෙටිය.ඇඟිලි මහත්ය.උදරය රවුම්ය.රතුපාට අල්ලක් ඇති “වෘෂභ” පුරුෂයා ලෝකයට පෙනෙන්නට සිල් ගන්නෙක් පමණි.මොවුන්ගෙන් ප්‍රවේශම් වන්න ,කාන්තාවනි එවැන්නෙක් විවාහය සඳහා තෝරා ගන්නවාට වඩා අවිවාහකව සිටීම මැනවි.
“අශ්ව” වර්ගයේ පිරිමියා
ජ්‍යොතිෂයට අනූව හතරවෙනුව වර්ග කරන්නේ “අශ්ව” පුරුෂයාය.මොහුද ඡ්‍යොතිෂයට අනූව ඉතා හොඳ පුරුෂයකු ලෙස වර්ග නොකරයි.බිරිඳට දසවධ දෙන පුද්ගලයෙකි.ජීවිතයේ වගකීම් යුතුකම් කිසිවක් මනා ලෙස ඉටු කිරීමට කටයුතු නොකරන “අශ්ව” පුරුෂයාව විශ්වාස කිරීමද අසීරුය.අනුන්ගේ දොස්ම පමණක් දැක තමන් ගැන උසස් ලෙස කතාකරයි.නමුත් “අශ්ව” වර්ගයේ පිරිමින් කඩවසම්ය,පියකරුය.
මොහුගේ අතපය දිගටිය.මුහුණද දිගටිය.දත්ද දිගු හැඩයක් ගනී.හිසකෙස් ඝනව වැඩී ඉලිප්පී පවතී.මහපට ඇඟිල්ල කැපී පෙනෙන ලෙස දිගය.සිරුරේ රෝම නැත.රෝම ඇත්නම් එම රෝම කවදාවත් කළුපාට නැත. තඔ වැනි වර්ණයක් ගනී.
විශේෂ අවධානයට
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් මෙසේ වර්ග හතරකට බෙදා වෙන් කළත් මූලික වශයෙන් පිරිමින් ගැන මෙම සැලකිල්ල යොමු කරනු ලබන්නේ විවාහයේදී පමණක් වන බවද මතක තබාගත යුතුය.
ඡ්‍යොතිෂයේදී පිරිමින් පමණක් මෙසේ වර්ග කළත් ලෝකයේ සිටින පිරිමින් කෝටි ප්‍රමාණයක් ගොඩවල් හතරකට වෙන්කිරීම පිළිබඳව බමුණන් දක්වන්නේ දැඩි විරෝධතාවකි.පිරිමින් මෙසේ ගොඩවල් හතරකට වර්ග කිරීම ගැන ඉපැරැණි ඍෂිවරුන්ද විවිධ මතිමතාන්තර ඉදිරිපත් කොට ඇත්තේ පක්ෂ හා විපක්ෂ වශයෙනි.
මේ කුමන ආකාරයකට පිරිමියා වර්ග කළත් මඟුල් තුලා, සුබ කටයුතු, ව්‍යාපාර ඇරඹීම, යාන වාහන ගේ දොර කටයුතු ඇරඹීම, මිලදී ගැනීම, ආදී කටයුතුවලදී “ඔහු” ගේ ජන්ම පත්‍රය නිවැරදි ලෙස ඡ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරවා ගැනීම සිදුකළ යුතුය.
ඒ.සී.එස් නවීලා
෴ සබැඳි ලිපි ෴
මේ වන විට ප්‍රබලම සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බෝනොවන රෝග හේතුවෙන් වර්ෂ 2045 වන විට මිනිසාගේ පරමායුෂ අවුරුදු 45 කට සීමා විය හැකි බවට ලෝක සෞඛ්‍ය...
2023-10-26 18:30:00
ලෝකය විවිධාකාර පුද්ගලයන්ගෙන් ගැවසුණු සමාජයකි. තමන්ගේ බලය, ශක්තිය හැම ප්‍රදේශයට, රටට පමණක් පාලකයන්ගෙන් සිදුවෙයි. තමන්ගේ පාලන ප්‍රදේශයේ අධිපතියා ඔහු ය...
2023-10-26 18:30:00
ඡ්‍යොතිෂය ගැන වැඩි විශ්වාසයක් නොමැති අය ද තම විවාහය සිදුකරන විටදී, නිවෙසක් සාදන කල්හි දරු උපතකදී ඡ්‍යොතිෂයේ පිහිට ලබති. අද අපි කතා බහේ යෙදෙන්ට...
2023-10-26 18:30:00
ලෝකයේ විස්මිත මිනිස් නිර්මාණ අතර, අද ලොව පවතින එකම යෝධ ගොඩනැඟිල්ල වෙන කවරක්වත් නොව චීන මහා ප්රාකාරයයි. (Great wall of China) මිනිස් ශ්...
2023-10-19 18:30:00
ඕනෑම ශාස්ත්‍රයක එක් පැතිකඩක් නොව විවිධ පැතිකඩයන් දැන සිටීම අතිශය වැදගත් වන්නෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ද එසේ ය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේද නොපෙනෙන පැති රැසකි...
2023-10-19 18:30:00
දේහ ලක්ෂණ විද්‍යාව අනුව ඇයගේ මුහුණ ඇයගේ චරිතය පිළිබිඹු කරන කැඩපතක් බඳු ය. මුහුණෙහි පවතින හැඩරුව හා යම් යම් අංග ලක්ෂණ අනුව ඇගේ චරිතය මෙසේ යැයි දේහ...
2023-10-19 18:30:00
මුඛය යනු පුද්ගලයකුගේ සමස්ත ශරීරයේම කැඩපත යැයි හැඳීන්වුවහොත් එය නිවැරැදිය. මුඛය තුළ ඇති වර්ග හතරකින් යුතු දත් අපට විවිධ කාර්යයන් සඳහා උපකාරී වේ...
2023-10-19 18:30:00
මහපට ඇඟිල්ල ගැන සම්බන්ධ කරුණු රාශියක් පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද අතර තවදුරටත් ඒ සම්බන්ධව සාකච්ජා කරමු.මහපට ඇගිල්ලේ හැඩයද පුද්ගලයකුගෙන් පුද්ගලයකුට...
2023-10-19 18:30:00
1901.10.31 බ්‍රහස්පතින්දා දහවල් 01.18කුම්භ ලග්නයෙන් උපත ලත් මේ කුඩා දරුවා ගමේ පාසලින් ඉගනුම ලැබුවේ ය. උසස් අධ්‍යාපනය පසෙක තබා ගුප්ත විද්‍යාව පැත්තෙන්...
2023-10-19 18:30:00
අපේ සාම්ප්‍රාදායික ජීවන ගමනේ දී ඉතාම වැදගත් වූ සන්ධිස්ථානයක් වනුයේ විවාහයයි. පැරැණි කාලයේ තරුණ ගැටයින් ගැටිස්සියන් අවුරුදු උත්සවයන්, මඟුල් හා...
2023-10-19 18:30:00
මහා භාරතයේ විසූ කාක බුන්ජර මහා ඍෂිවරයා ඡ්‍යොතිෂ්‍ය විෂයෙහිලා තාරකා විද්‍යාව, තාරකා ගවේණයෙහිලා අතිමහත් ප්‍රාගුණ්‍යයකින් හෙබි සුවිශේෂ වූ තාරකා විද්...
2023-10-12 18:30:00
නිරන්තරයෙන්ම සිනහමුසු මුහුණින් වැඩ කටයුතු කළ තරුණ වියේදී පුවත් පත් කලාවට අත තැබූ හේමපාල මහතා කැපවීමෙන් සිය පන්හිඳ මෙහෙයවීය. සියලුම පත්රකලාවේදීන් සමඟ...
2023-10-12 18:30:00
ඔක්තෝබර් මස 18 වෙනි බදාදා අලුයම 1.29ට රාජ්‍ය කාරක රවි ග්‍රහයා තුලා රාශියට ගොස් නීච වීම රටටත් ජනතාවටත් දුෂ්කර කාලයක් වනු ඇත.ඔක්තෝබර් මස 14 වෙනි...
2023-10-12 18:30:00
පොරොන්දම් පරීක්ෂාව නිෂ්ඵලය. පොරොන්දම් පරීක්ෂාව, පමණක් නොසෑහේ. මෙකී නොකී ප්‍රශ්න සමාජය තුළ පවතී. මේවාට විවිධ දැනුම් පද්ධතීන් ඇසුරෙහි විවිධ පිළිතුරුද...
2023-10-12 18:30:00
පිරිමියකුගේ ඇසිපිය සියුම් ලෙස පිහිටා තිබේ නම් ඔහු වාසනාවන්තය. සාර්ථක ජීවිතයක් ගත කරන්නේකි. බිරිඳට ද දරුවනට ද බෙහෙවින් ආදරය කරන, පවුල් ජීවිතය ගත කළ...
2023-10-12 18:30:00
දෙසැම්බර් 28 සහ ජනවාරි මාසයේ 1, 10, 19, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජනවාරි...
2023-10-12 18:30:00