ඇසිපියවලින් ගතිගුණ කියමු

ඔක්තෝබර් 13, 2023

පිරිමියකුගේ ඇසිපිය සියුම් ලෙස පිහිටා තිබේ නම් ඔහු වාසනාවන්තය. සාර්ථක ජීවිතයක් ගත කරන්නේකි. බිරිඳට ද දරුවනට ද බෙහෙවින් ආදරය කරන, පවුල් ජීවිතය ගත කළ යුත්තේ කෙසේදැයි මැනවින් දන්නා අයෙකි. සමාජයට උදවු කිරීමේ අභිලාෂය ඇත්තේය.

පිරිමියකුගේ ඇසිපිය දීර්ඝ නම් දුශ්චරිතයක් ඇත්තෙකි. සමාජයේ පිළිකුලට භාජනය වන මෙවැන්නෝ හුදකලා වෙයි. සිල්වත් ගුණවත් බවක් නැත.

දැකුම්කලු පැහැදිලි ඇසිපිය ඇති පිරිමි ඉතා භාග්‍යවන්ත අතර ධනවතකු වෙයි. අන්‍යයන් වෙනුවෙන් යමක් කිරීමට නිතර පෙලඹෙයි. කා අතරත් පි‍්‍රයජනකය.

මහත් වූ ඇසිපිය ඇති පිරිමිහු ද වාසනාවන්ත ජීවිතගත කරනු ඇත. අදහස් ඉටු වෙයි.

ඇසිපිය කෙටි නම් ඔහු කණගාටුවෙන් කල් ගෙවයි. දුක් පීඩා උරුමයි.

කාන්තා ඇසිපිය

කාන්තාවන්ගේ ඇසිපිය ඔස්සේ චරිත ලක්ෂණ බලන විට දීර්ඝව ඇසිපිය ඇති ස්ත්‍රිය අභාග්‍ය සම්පන්නය. දුක් කම්කටොලුවලට බර ජීවිතයක් ගෙවයි. සැපක් නැත. සැමියාට අවාසනාවක් ගෙන දේ.

ඉතා මොළොක් ලෙස ඇසි පිය පිහිටා ඇති නම් එම කාන්තාව භාග්‍යවන්තය. සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යයි. සැමියාට ධෛර්ය ගෙන දෙන මෙවැන්නියක් නිසා සැමියා බැබළෙයි. ස්වාමිපුරුෂයාට මහත් ආදරය දක්වන මැය ආදර්ශවත් චරිතයකි.

රළු නැති, ගණ නැති, මෘදු ඇසිපිය ඇති ස්ත්‍රිය රාගාධික චරිතයකි. සිය කාමාශාවන් සර්තර්පණය කර ගැනීමේලා පරපුරුෂයන් සොයා යයි. අන්‍යයින්ගේ උපදෙස් පිළි නොගනී. ඇසිපිය කෙටි නම් දුක් පීඩා කරදරවලට ගොදුරු වන අවාසනාවන්ත චරිතයකි.

ඇසිපිය මහත් කාන්තාව උද්ධච්ච ගති පැවතුම් ඇත්තියකි. සැමියා අභිබවා ක්‍රියාකරන, සියලු තීන්දු තීරණ ගන්නා හිතුවක්කාර ගති පැවැතුම් ඇති චරිතයකි. සැමියාගේ එක වචනයකුදු පිළිනොගන්නා අසාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නියකි.

තුනීවූ සියුම් ඇසිපිය පිහිටි කාන්තාව සංයමයෙන් යුතු ශාන්ත චරිතයකි. ආචාරශීලිය, උත්සාහවන්තය. කලබලකාරි නොවෙයි. පාඩුවේ තම කටයුතු ක්‍රමානුකූලව කර ගනියි. රහස් රැක ගැනීමේ හැකියාව ඇත.

රවුම් ඇසිපිය අති තැනැත්තිය ධනවත්ය. රාගී චරිතයකි. ඇයගේ සමාගමය ධනවතුන් සමඟය.

ඇසිපිය පහතට හා වී ඇති නම් එබඳු ස්ත්‍රිය සමාජයේ පිළිගැනුමට ලක් නොවෙයි. මෙබඳු ස්ත්‍රියට බොරුකීම සෙල්ලමක් බදුය. බොරුව ඇත්ත ලෙසට ගැනෙන අයුරින් කීමේ හැකියාවක් ඇත.

 

 

කලාභූෂණ ශාසනදීපන, සාහිත්‍යකීර්ති

ලේඛක ශිරෝමණී

ආචාර්ය සිරිපාල මාදුවගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.