නළල් තලේ තිබෙන බලේ

නොවැම්බර් 19, 2021

සිනාවෙන් හෝ කතාවෙන් මැනිය නොහැකි මිනිසුන් වෙසෙන සමාජයක් තුළ ඔවුන්ගේ දේහ ලක්ෂණ අනුව ඔවුන්ගේ චරිත ස්වභාවයන් අනුව ගත හැකි නම් ඔවුන් හා කටයුතු කිරීමට එය අපිට මහත් පහසුවක් වනු ඇත. අපේ පැරණි සෘෂිවරු ස්ත්‍රී පුරුෂ දේහ ලක්ෂණ අනුව ඔවුන්ගේ චරිත ස්වභාවයන් විවිධාකාර ලෙස විස්තර කර ඇත. එම අනාවැකි පිළිබඳව ඔබට දැනුමක් ලබා දීම මෙම ලිපියේ අරමුණයි.

එදා විසූ සෘෂිවරුන් මෙන්ම නූතන සාහිත්‍යධරයන් විසින්ද කාන්තාවකගේ නළල්තලය මහත් අභිරුචියෙන් වර්ණනා කළහ. අඩ සඳක් මෙන් ශෝභමාන අඟල් තුනක් පමණ වූ පුළුල් නළල් තලය සෞභාග්‍යමත් නාරි ලක්ෂණයක් ලෙස ඔවුන් හැඳින්වූහ. මෘදු මොලොක් වදන් පවසන ඇය මහත්වූ සැප සම්පත් ලැබීමේ පින්බල ඇති තැනැත්තියකි. ඇය සැබැවින්ම කාරුණිකය. මනුෂ්‍යත්වය හොඳින් හඳුනන්නීය. අඩසඳවන් නළල්තලය මැද්දේ ස්වස්තික රේඛාවකුත් පිහිටා ඇත්නම් ඇය මහා භාග්‍යවන්තියක් වනු නිසැකය. මිහිපිට බිම් අඟලක් නොමැතිව උපන්නත් නිරවුල් දේපළ රාශියක හිමිකාරියක් වන බැව් එම ලකුණින් කියැවෙයි. එසේ නමුත් නළල්තලය අධික වශයෙන් රෝමයන්ගෙන් ගැවසී අත්නම් නියත වශයෙන්ම නොයෙකුත් රෝග පීඩාවන්ට ලක්වනු ඇත. කෙළවරක් නැති දුක් දොම්නස් ඉහ වහා ගිය දිළිඳුකම ඇය අසරණ කරයි. ඉහත කී අනිටු ලකුණුවලින් තොර අඩසඳකට සමාන නළල් තලයක් පිහිටි කතුන් සැබැවින්ම අවංක ගුණ යහපත්කමින්ද අනූනය. නැණ නුවණ ඇතිවේ. ශක්තිමත් ශරීරයක් ඇති ඔවුන් අවංක ආදරයෙන් බැඳී සිටියි.

නළල්තලය පැතලිවී ගිය ආකාරයෙන් පිහිටා ඇත්නම් නිර්භීත ගතිය හා අනුකම්පාසහගත බව ඇය කෙරෙන් දුරස්වී ඇත. තමන්ට ප්‍රශංසා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අනුන්ගේ අඩුපාඩු හා රහස් සෙවීමට උත්සාහ කරයි. ඉදිරියට නෙරාගිය නළලින් හෙළි කරන්නේ කවදත් අහංකාර උඩඟුකමින් යුත් චරිතයකි. ඔවුන් වාද විවාදවලින් පරාජය දකින විට ඉක්මනින් කිපේ. අනවශ්‍ය වචන භාවිතයෙන් මිතුරන් සතුරන් කරගනී.

නාසයේ මුල සිට ඉරක්මෙන් ලකුණකින් දෙකට බෙදී ගිය ආකාරයෙන් යුත් නළලක් පිහිටි කතුන් නිර්භීතකමින් යුක්ත ඥානවන්තව කටයුතු කරන අයවේ. සණ්ඩුදබර කිරීමට සමත් මොවුන් සැහැසි ගතියෙන්ද යුතුවේ. නළල මැද දීප්තිමත්ව බැබළේ නම් වස්තු සම්පත්, සැප විහරණ නොමදව ලැබීමේ වරම්ලත් සුපින්වත් අයවෙති. රජයේ උසස් තනතුරු දැරීමට භාග්‍යය උදාවේ. නළල මුදුනින් ඉදිරියට නෙරා පිහිටීමද බොහෝ රේඛා පිහිටීමද ස්වල්ප රෝම ඇතිවීමද යන මෙයින් කිසිවක් ඇති වී නම් ඔවුන් කාමාශාවෙන් පෙළෙන අයවෙති. දුටුවන් පි‍්‍රය කරන ශරීර ලක්ෂණවලින් ද යුක්තවන්නේ ය.

උල් තුනක් ආකාර ලකුණක් නළලේ විද්‍යාමාන වේ නම් ඇය කුමන ක්ෂේත්‍රයක හෝ කැපී පෙනෙන ප්‍රසිද්ධ කාන්තාවක් විය යුතුයි.

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ භාර්යාවන් කෙරෙහි ද බොහෝවිට මෙම ලක්ෂණ පිහිටා තිබෙනු දැකිය හැකිය.

නළල දෙපැත්තේ ගැට පිහිටා ඇත්නම් ඇයගේ චරිතය අපිරිසුදුය. මායාකාර කුහක කතුන්ට මෙවන් ලකුණු පිහිටයි. බෙහෙවින් දිගැටි හැඩයක් ගන්නා නළල් තලයද අසුබය. එය ඇගේ ස්වාමිපුරුෂයාට අපලගෙන දෙන්නකි. බුද්ධිමතුන්ගේ නළල් තලය එක අයුරකින් ද, බුද්ධි හීන අයගේ නළල්තලය වෙනත් අයුරකින්ද පිහිටයි. කෙනෙකුගේ නළල්තලය පුළුල්ව රැලිසහිතව පිහිටා ඇත්නම් ඔහු බුද්ධිමතෙකි. දීර්ඝායුෂ ඇති අයකු ද වේ.

පටු නළලක් ඇති තැනැත්තා බුද්ධිහීනය. හේ බොහෝවිට ඉක්මන් තීරණ ගනී. නෙරාගිය නලල්තලයක් ඇති අය හිතුවක්කාර බවක් පෙන්නුම් කළත් කොයි කාගේත් ආධාර ලබමින් තම සිතැඟි ඉටුකර ගැනීමට දක්ෂය. වංචනික පුද්ගලයින්ගේ නළල වළ ගැසුණු ස්වභාවයක් පෙන්වයි. බෙහෙවින් පටු නළලින් නොමේරූ මනසක් ඇති මනුෂ්‍යත්වයට නිගාදෙන පහත් වැඩ කරන පුද්ගලයා හඳුනාගත හැකිය. කොතැනක ගියත් කාගේත් අවඥාවට ලක්වනුයේ ඔවුන් තුළ සහජයෙන්ම පිහිටි අවගුණ නිසාමය. දුර්වල ධාරණ ශක්තියක් ඇති මොවුන් ඉගෙනීමටද අදක්ෂයෝ ය.

ඇහිබැම දෙපසින් නෙරා ඇති නළල ද සුබ නොවේ. තියුණු වින්දන ශක්තියකින් යුත් හදවතකට හිමිකම් කියන කලාකාමි බුද්ධිමත් පුද්ගලයාට සමචතුරස්‍රාකාර හැඩයක් ගන්නා නළල්තලයක් හිමිය. කෙතරම් පහත් තත්ත්වයකින් ජීවිතය ආරම්භ කළද ඔවුන් කාර්යශූරත්වය හා

අචලාධිෂ්ඨානය නිසා දියුණුවේ ඉහළම තත්ත්වයකට පත්වීමට සමත්වන්නාහ.

නළලක උස මනින්නේ ඇහිබැම දෙක අතර සිට නළලේ කෙස් ආරම්භවන රේඛාව දක්වාය. නිකටේ කෙළවර සිට නාසය ආරම්භන ස්ථානය දක්වා දුර මෙන්ම නාසයේ දිග ද බොහෝවිට නළලේ උසට සමානය. දිග නාසයක් හිමියාට එම නිසා ස්වභාවයෙන් උස් නළලක් හිමිවේ. පෙර සඳහන් මිමිවලට වඩා නළල උසින් අඩුවීම යහපත් නොවේ. එය බුද්ධිය හීනවීමේ ලකුණකි. එසේම උස නළලක් හිමිවීම බුද්ධිමත් බවේ පමණක් නොව වාග්චාතුර්ය පිළිබඳවද හොඳම සාක්ෂියකි. තමා සතු සුපිරි බුද්ධිමත් බව නිසාම අන් අයගේ අදහස් නොවිමසා සිටීමට පෙලඹේ. එම හේතුවෙන් එවැනි අය ඒකාධිපතීන් හෝ උඩඟු අය ලෙස සැලකේ. ශ්‍රීමත් වෝල්ටර්රැලේට (ඉඪප එචතබඥප අචතඥඪඨඩ) උස් වූ නළලක් හිමිව තිබුණි. ඔහුගේ චරිතාපදානය ලියූ ජෝන් ඕබ්‍රි (බ්ධඩද ඒභඡපඥර) ශ්‍රීමත් වෝල්ටර් රැලේ උස හා කඩවසම් කෙනෙකි. නිර්භීතය.

නමුත් දුර්වලතාවකට තිබුණේ අසීමිත උඩඟුකම වේ යැයි ඔහුගේ කෘතියේ සඳහන් කර ඇත.

උපදින විට යම් දරුවකුගේ නළලේ කුරුසයක් වැනි සටහනක් පිහිටියේ නම් එම දරුවාගේ ආයුෂ අඩුය. දරුවා උපදින විට නළලේ හරි මැදින් ත්‍රිශූලයක්, නයි පෙණයක් වැනි සලකුණක් පිහිටා ඇත්නම් එම දරුවා අනාගතයේ දී බොහෝ ඇසූපිරූ තැන් ඇති රට ජාතියට හිතැති

ශ්‍රේෂ්ඨ අයකුවන බව සෘෂිවරු පවසා ඇත. අත්ලේ හෝ යටිපතුල්වවල රේඛා පිහිටන්නාක් මෙන් බොහෝ අයගේ නළල්තලයෙහිද විවිධාකාර රේඛා පිහිටා ඇත. නළල උස රැලි ගැන්වූ විට ඒවා වඩාත්ම පැහැදිලිව දර්ශනය වෙයි. නළල් තලයේ දික් අතට වැටී ඇති එවැනි රේඛා උපයෝගි කිරීමෙන් කෙනෙකුගේ ආයුෂද ගණන් බැලිය හැකි ය. යමෙකුගේ නළලේ වඩා රේඛා තිබේ නම් රාජකීය භාවය හා අනුපස් වර්ෂයක් පමණ ආයුෂ ද ඇත්තේවෙයි. කැඩීගිය රේඛාවලින් යුත් නළල ඇති අය කාමුක වේ. හිසකෙස් දක්වා විහිද ගිය රේඛා ඇත්තේ නම් අනුවර්ෂයකි. රේඛා 5, 6, 7 ආදී වශයෙන් රේඛා ඇත්තේ නම් වර්ෂ 50ක් හෝ වර්ෂ 60ක් පමණ ආයුෂ හිමිය. දුඹුරු සහ නිල්පාටට හුරු නළලක් ඇත්තේ නම් හතළිස් වර්ෂයක් පමණ ද කොටවූ රේඛා ඇහිබැම දක්වා විහිද ගිය රේඛා නම් අල්පායුෂ වේ.

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.