නව වසරක් උදා විය

ජනවාරි 3, 2020

කිතු වසරින් 2019 වැන්න අවසන් වෙයි. දෙසැම්බර 31 වැනි දායින් එය අවසන් වී 2020 වැනි වසර ජනවාරි පළමු වැනි දායින් අරැඹුණි. සමහරුන් මෙය අලුත් අවුරුද්දක් හැටියට ද සඳහන් කරනු අසන්නටත් ,දකින්නටත් ලැබෙයි.

ඒත් අවුරුද්ද යනු වසර නො වේ. වසර යන්නේ අරුත වටයක් සැරීම හෙවත් සපිරීම යි. අවුුරුද්ද යනු එයට වඩා වෙසෙසි අරුතක් ඇති වදනකි. එය සෑදි ඇත්තේ “අ+වරු+දු” යන කොටස් තුන එක්වීමෙනි. අලුත් අවුරුද්ද යන ව්ඥඹ රඥචප යැයි ඉංගිරිසියට පෙරළා ඇත්තේ සිංහල වදනේ අරුත නොදත් ඉංගිරිසි උගතුන් විසිනි.

මේ වසර ඇරැඹීම ද ඈත අතීතයේ පැවැති ඇත්තේ අද පවතින තතුවට වඩා වෙනස් ලෙසකට බව පිළිගන්නට කරුණු තිබේ. සැප්තැම්බර, ඔක්තෝබර, නොවැම්බර, දෙසැම්බර යන මාසවල ඉංගිරිසි වදන් අරුත් සලකන විටැ ඒ බව පැහැදිලි වැ පෙනෙයි. ඉඥනබඥථඡඥප යන්නෙහි අරුත සත් වැනි මස යන්නයි. ර්‍ණජබධඡඥප යන වදනේ අරුත අට වැනි මස යන්නයි. ව්ධමඥථඡඥප යන වදනේ අරුත නව වැනි මස යන්න යි. ච්ඥජථඡඥප යන වදනේ අරුත දසවෙනි මස යන්නයි. ඒත් ඒ නම් අද යොදා ගැනෙනුයේ නව වැනි, දස වැනි, එකොළොස් වැනි, දොළොස් වැනි මාස සඳහා යි. ඒ අනු වැ බලන විට පෙනීයන්නේ ඈත අතීතයේ යුරෝපා රටවල වසර ඇරැඹීම මාරතු මසින් පැවැතී ඇති බව යි.

ගී‍්‍රක අදිරජයේ අග රජු ලෙස ජුලියස් සීසරයන් පත් වූ අවදියේ ජානුස් නමින් හැඳින්වුණු ගී‍්‍රක දෙවි උතුමකුට හරසර දක්වන පිණිස ජානු +ආරි නමින් හැඳින්වුණු මාසය (බ්චදභචපර) වසරේ ඇරැඹුම් මස හැටියට යොදා ගෙනැ ඇත. හත් වැනි මාසය යන නමින් හැඳින්වුණු සැප්තැම්බරය නව වැනි තැනට වැටී ඇත්තේ එ තැන් සිට යි. එ පමණක් නො වැ අට වැන්න, නව වැන්න, දස වැන්න යන අරුත් ඇති අනෙක් මාස තුන ද දස වැනි, එකොළොස් වැනි, දොළොස් වැනි තැනට වැටී ඇත්තේ ද එ තැන් සිට යි.

මෙ වැනි වරදක් දුරුතු ,නවම් , මැදින් අද සිංහල නම්වලට පැවැතිණි නම් අපේ අය ඒවා හෙළා දකිනු නොවැළැක්විය හැක. ඒත් යුරෝපීයයන් වරදක් කළත් එය වරදක් නො වේ. සුදුස්සකි. වසරේ කටයුතු යුරෝපීයයනට ඕනෑ හැටියට කලින් කලැ වෙනස් කැරැ ගෙනැ ඇත. පෙබරවාරි මාසයට දින 28 ක් වී ඇත්තේ ද එ හෙයිනි. ජුලියස් සීසරයන් බලයට පත් වූ කාලයේ ඔහු ගේ නමින් හැඳින්වෙන මාසය හැටියට සලකා ජූලි මාසයට දින 31 ක් යොදා ගෙනැ ඇත. ඒ දිනය පෙබරවාරියෙන් අඩු කැර ඇති බවත් සඳහන් වෙයි. ඉන් පසු වැ බලයට පැමිණි ඔගස්ටස් සීසරයන් ඔහු ගේ නමින් ඕගස්ට් යන මාසය යොදා ගෙනැ එයට ද දින 31 ක් ඇතුළත් කැර ඇත. ඒ දිනය ද අඩු කැර ඇත්තේ පෙබරවාරියෙනි. මේ තතු නො දන්නා ඇතැමුන් පෙබරවාරි මාසයේ යෙදෙන සුබ නැකතක් කිසියම් සුබ කටයුත්තකට ගලපා දුන් විට, “අපොයි! ඒ අඩු මාසය නේ ද? වෙන මාසයක දිනයක් ගලපා දෙන්නැයි කියති.” පෙබරවාරියේ සඳු අඩුවෙන් ගමන් කරන්නේ නැත. නැකත සඳු ගේ ගමන් මඟට අදාල වන්නකි. එ හෙයින් පෙබරවාරිය අඩු මාසයක් ලෙස සලකා ඒ මාසයේ සුබ මොහොතකින් කිසියම් කටයුත්තක් අරඹන්නට ඇතැමුන් අකැමැති වීම ද තතු නොදැනීම නිසා ඇති වූවකි.

වසර ඒ ඒ ජාතීන් කැමැති කවර හෝ මසෙකින් ඇරැඹිය හැකි යැ. ඒත් අවුරුද්ද එ සේ කළ නො හැකි යැ. එය ජාතික උළෙලකි. එය ජාතියේ වෙසෙසි කරුණක් අරමුණු කැරැ ගෙන පවත්වන්නකි. එක් ජාතියෙක දෑ උළෙල තවත් ජාතියකට හිමිකිරීම ද නො කළහැක්කකි. ඉංගිරිසි පාලන සමයේ සිංහල අවුරුදු දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කැර දින දක්නයේ එය සඳහන් කිරීමේදී (ඉඪදඩචතඥඥඵ චදඤ ඊචථඪත ව්ඥඹ රඥචප) සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යැ යි සඳහන් කර තිබීම ද බලවත් වරදකි. මේ වරද දැන්වත් නිවැරැදි කැරැ ගත යුතු වැ ඇත. එක් ජාතියෙක ජාතික උළෙලක් තවත් ජාතියකට හිමි කළ නොහැක. එ හෙයින් ‘සිංහල අවුරුද්ද’ යන්න ඉංගිරිසි බසට හැරැවිය යුත්තේ “ව්චබඪධදචත ච්චර ධට බඩඥ ඉඪදඩචතඥඥඵ” කිය යි. අවුරුද්ද යනු ව්ඥඹ රඥචප නො වේ. ව්ඥඹ රඥචප යනු නව වසර යි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.