වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
විස්මිත නැකතක මහිමය
මර්සලින් පුතා අගනුවර කොලීජියට යවන්නට ජයකොඩි වෙද මහත්මයා සාදා ගත් අපූරු නැකත
තමන්ගේ පල්ලියේ හැම කටයුත්තකටම උද්යෝගයෙන් සහභාගිවන ජෝශප් වෙද මහතාගේ පුතා ගැන සෙබස්තියන් පියතුමාට කලක සිට පැවැතියේ විශේෂතම කැමැත්තකි.
එම වයසේ දරුවන් මෙන්ම දඟකාර කමින් යුතුවකු වුවද අනෙක් දරුවන්ට වඩා මේ මර්සලින් දරුවාගේ ඇවැතුම් පැවැතුම්වල වෙනසක් දකින්නට එතුමාණෝ සමත්වූහ. ආගමික පාඩම් මෙන්ම වෙනත් දේවල්වලින් ද දරුවා යමක් කී ලෙසටම අපුරු අන්දමින් සිතට ගෙන සිත තුළ තැන්පත් කර ගන්නා බවද පියතුමා මැනවින් දුටු එක් සත්‍යයකි. එහෙයින් මේ සම්බන්ධවද ගම්බද සාමාන්‍ය අධ්‍යාපනයක් ලබනවාට වඩා මෙවන් දරුවකුට කොළඹ උසස් විදුහලක අධ්‍යාපනය ලබන්නට ඉඩක් ලැබුණොත් ඔහු වැන්නන්ගේ අධ්‍යාපනික තත්ත්වය ඉහළ යා හැකි බව එතුමාට වැටහිණ. ‘මා හිතනවා මර්සලින් දරුවාට කොළඹ උසස් කොලීජියක අධ්‍යාපනය ලබන්නට ඉඩක් ලැබුණහොත් ඔහුට රටේ ඉහළ තත්ත්වයකට යන්නට ඉඩ ලැබෙයි කියලා. මේ දරුවා ගැන කාලෙක ඉඳලම මම තියුණුව සොයා බැලුවා.’ යනුවෙන් එක් දිනෙක පල්ලියේ දී හමු වූ විට සෙබස්තියන් පියතුමා වෙදමහත්මයාත් හාමිනේත් හමුවේ කියා සිටියේ ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>