වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ශරීරයේ ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට ඉවහල්වන පලතුරු
ඉතා රසවත් පළතුරක් වූ අන්නාසිද පෝෂ්‍යදායි ගුණයෙන් හා ශක්තියෙන්ද ඉහළය. ශරීරයේ රුධිර සංරක්ෂණ පද්ධතියට ආහාර ජීර්ණ පද්ධතියට හා ස්වසන පද්ධතියට ගුණදෙන රසායනිකයන් කීපයක්ම අඩංගුව පවතී.
පලතුරු අතර ඖෂධීය අතින් වඩාත්ම ගුණවත් පලතුරක් වන පැපොල් නැතහොත් ගස්ලබු මිනිස් සිරුරට අවශ්‍ය රසායනික සංයෝග අඩංගු රෝග රැසකට ගුණවත් වටිනා පලතුරකි. ඇස්වලට හිතකර සිරුරේ ශක්තිය වර්ධනය කරන ආහාර දිරවීම පහසුකරන බඩවැලේ හටගන්නා රෝග දුරලන මාංශපේශීන් අලුත් කරන චර්ම රෝග හා මලබද්ධය දුරලන ශරීරයේ පැහැපත් බව ඇතිකරන දැවිලි වේදනා නැතිකරන පැපොල් ආහාරයට ගැනීමෙන් ශරීර සුවය බෙහෙවින් ඇති කෙරේ.
ඉතා පෝෂ්‍යදායි රසවත් ආහාරයක්වන පැපොල්වල සමහර ගෙඩිවල මදය කහ පාටින් යුක්ත වන අතර සමහර පැපොල්වල මදය රතුපාටින් යුක්තය. පැපොල්වලට ආහාර ඉතා යහපත් අයුරින් ජීර්ණපද්ධති ආශි‍්‍රතව ඇතිවිය හැකි රෝගාබාධ අවම කිරීමේ ශක්තියක් ද පවතී.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>