වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
වඳවෙමින් පවතින විෂ සහිත ඖෂධීය ශාක නියඟලා
ග්ලොරිඕසා සුපර්බායන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නියඟලාවලට ඉංගී‍්‍රසි බසින් (ඉභනඥපඡතඪතර) ග්ලෝරි ලිලී යනුවෙන්ද සිංහල බසින් නියඟලා ලියනගලා යනුවෙන්ද දෙමළ බසින් අක්කිනිවිලම් යනුවෙන්ද හඳුන්වා ඇත. ඖෂධ සඳහා යොදාගන්නා නියඟලා අල පූර්ණ විෂකින් සමන්විත වේ.
සිම්බාබ්වේ ජාතික පුෂ්පය වන නියගලා මල ඉතා දැකුම්කලු පුෂ්පයකි. සංස්කෘත බසින් ශක්‍රපුස්පී, විශල්‍යා අග්නිජිහ්වා පුෂ්පසෞරහා සිරිදිස්තා ශ්‍රක්‍රපුෂ්පා ආදී නමිවලින් හඳුන්වනු ලබන අතර හින්දි බසින් කලියාරී ලෙසද හඳුන්වා ඇත. නියඟලා මල අපි‍්‍රකාවට හා ආසියාවට ආවේනික වූ ශාකයකි. ආරෝහන ශාක ගණයෙහිලා ගැනෙන පැළෑටියක් වන මෙය කැලෑබද ප්‍රදේශවල බහුලව වැවෙන අතර ශාක පත්‍රයේ අග කෙළවර පහුරක් සේ අනුවර්තනය වී ඇත.
නියඟලා පුෂ්පය රතු හා කහ මිශි‍්‍රත පෙතිවලින් යුක්ත වේ. ශාකයේ කඳ භූගතව පවතින අතර අලය අර්තාපල් අලයට හා සමාන වේ ශාකය පුරාම විෂ සහිත වන අතර විෂකාරකය. ඇල්කාලොයිඩ් කොල්විසීන් වේ. ඉන්දියාවේ නියඟලා ශාකයට විශේෂත්වයක් හිමිවන්නේ එම ශාකයේ අඩංගු කොල්විෂීන් නම් රසායන ද්‍රව්‍ය ලබාගැනීමට ව්‍යාපාරයක් ලෙස වගා කරන බැවිනි. ශාක පත්‍ර මීටර් තිහක්, හතළිස්පහක් විතර විෂ්කම්භයකින් යුක්ත වේ. සමහර මල් කහ, රතු සහ තැඹිලි පැහැවලින් වර්ණවත් වී ඇත. අඩි දහයක්, පහළොවක් පමණ උස දාරකයක වැඩෙන වැලක් වූ මෙහි කොළ කෙළවර උල්වූ දඟර සහිත වේ. නියඟලා උප විෂයට අයත් ශාකයක් වන බැවින් ඖෂධවලට එක් කිරීමට ගැනීමේදී එහි විෂ ඉවත් කෙරේ. නියඟලා අලය ගෙන පෙති කපා ඒවා ගෝමුත්‍රයේ දිනක් තබා පසුව ගෝ මුත්‍රයෙන් ඉවත්කොට නියඟලා අලේ පෙති උණුදියෙන් සෝදා වේලා ගනිති.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>