වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
හොල්මන් විශ්වාස කරනවද ?
අගෝස්තු 30, 2019
හොල්මන් අවතාර ගැන ගොඩක් අය අහන්න කැමතියි. ඒත් දකින්න කැමති නැහැ. මේවායේ සත්‍යයක් තිබෙනවද? එහෙනම් මොනවද මේ හොල්මන්. අවතාර ගැන එක එක ආකාරයට විස්තර කරනවා. සමහරු සෙලවෙන මනස කියල විස්තර කියනවා. මොනවා උනත් මෙහෙම දේවල් විශ්වය තුළ පවතිනවා කියල තමයි කියන්න තිබෙන්නෙ.
මේ ගැන ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කළාම වටහාගන්න බැරිකමකුත් නැහැ. අපි මේ හොල්මන් අවතාර ගැන පටලවාගෙනයි ඉන්නේ. යකා ගහල පිටේ ඇඟිලි පහම තිබුණා. එහෙමත් නැත්නම් අර ගොරක ගහ යටින් යනකොට කවුදෝ ගැහැව්වා . නූලෙන් බේරුණා. මේවා ආදි කාලේ රට නොදියුණුව තිබූ කාලේ අහන්න තිබූ දේවල්. සුදු ඇඳගත් ගැහැනියෙක් ළමයෙකුත් වඩාගෙන මේ තවත් එකක්. මේවා ගැන අපට කිසිම දැනුමක් නැති වුණාට ගුරුකම් කරන මන්ත්රාචාර්යතුමාට එච්චර ගතියක් නැහැ. මන්ත්‍ර ගුරුකම් කරන්න කලින් ඡ්‍යොතිෂය ටිකක් ඉගෙන ගන්න ඕනෑ. ඕගොල්ලො අසාවි ගුප්ත විද්‍යාවට ඡ්‍යොතිෂය මොකටද කියලා. යහපත් ගුරුකම් හා අයහපත් ගුරුකම් කියල වර්ග දෙකක් ගුප්ත විද්‍යාවේ තිබෙනවා. ප්‍රතිඵලය සුබ නම් යහපත් ගුරුකම් අශුභ නම් අයහපත් ගුරුකම්.
යහපත් ගුරුකම් කරන්න ඕන පුර තිථියට, ඒ කිව්වේ මාසේ පෝයට දින 14 ක් ඉදිරියට. අව තිථිය කිව්වේ පෝයට පසුදින 14 ක අමාවකටත් ගුරුකම් කරනවා. නමුත් මාසේ පෝයට කරන්නෙ නැහැ. අනික දැනගන්න ඕනෑ පුරට කලාව පිහිටන්නේ මනුෂ්‍ය ඔලුවට කිට්ටුව. මේ විදියට බැලුවාම තිථිය ගැන දැනුමක් තිබෙන්න ඕනෑ. තිථිය උගන්වන්නේ ඡ්‍යොතිෂ පාඩම්වලදී. යක්ෂ උපද්‍රව, පේ‍්‍රත උපද්‍රව, පිසාච උපද්‍රව ,හොල්මන් අවතාර මොනවද කියල නිකමට හෝ පොඩි දැනීමක් තිබුණොත් පිංතූරවල, රූපවාහිනිවල දකින කොට ඔබට වැඩි අවබෝධයක් සතුටක් ලබන්න පුළුවන්.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික ගුප්ත විද්‍යාධර
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
෴ සබැඳි ලිපි ෴
අධ්‍යාපන කටයුතු පිළිබඳව මවුපියන් දරුවන් වෙනුවෙන් දැඩි සටනක යෙදෙන මේ වකවානුවේ දී එම උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මවුපියන්ගෙන් කීයෙන් කී දෙනෙකුට තම දරුවාගේ...
2024-11-07 18:30:00
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන්්ගේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්වල බල මහිමය කෙතරම් ද යත් එකී බලයන් උපයෝගීකරගෙන පනහ, හැට දශකවල මෙරට දේශපාලන ක්‍රියාවලිය...
2024-11-07 18:30:00
පුද්ගලයකුගේ අඟපසඟ පිහිටීම අනුව හෙවත් දේහ ලක්ෂණ විද්‍යාව අනුව චරිත ස්වභාවයන් කිවහැකි සේම කෙනකුගේ ශරීරයේ පිහිටන උපන් ලප අනුව ද චරිත ලක්ෂණ පැවසිය හැකි...
2024-11-07 18:30:00
මෙතෙක් කතාවසයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් ගැටවර වියේ සිටම සොරකම්වල සහ වෙනත් දඩබ්බරකම්වල යෙදුණු නමුත්, අවුරුදු 28 දී...
2024-11-07 18:30:00
ජන්ම අංක 04 න් උපන් ඔබ පිළිබඳ සුබාසුබ තත්ත්වයන් , චරිත ලක්ෂණ හා දුර්වලතාවයන් පිළිබඳව අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව විමසා බලමු.අංක හතර යුරේනස් ග්‍රහයාගේ...
2024-11-07 18:30:00
මේෂ ලග්නයපැවති කරදර අවම වේ. නොවැම්බර් 15න් පසු සෙනසුරු වක්‍රතාව අවසන්වේ. හැකිතාක් ධාර්මික කටයුතු කරන්න. මාසය මැද වැඩ කටයුතු බොහෝමයක් සාර්ථක වෙයි....
2024-10-31 18:30:00
නිවෙසක් ඉදිකර ගන්නේ නිදහස් ජීවිතයක් ගත කිරීමටත් තනිව හෝ දූ දරුවන් සමඟ ජීවත්වීමේ මහත් අභිප්‍රායෙනි. මවුපිය උරුමයෙන් හෝ තමා උපයාගත් මුදල් හා ආධාර...
2024-10-31 18:30:00
නොවැම්බර් 1(පෞද්ගලික අංකය 1) වෘශ්චික රාශියේ බලපෑම හේතුවෙන් ඔයාට තරමක් සටන්කාමී ස්වරූපයක් පෙන්නුම් කෙරෙනවා. නායකත්වය දැරීමට වගේම සමාජයට විශාල බලපෑම්...
2024-10-31 18:30:00
සරස්වතී දෙවඟන විශ්වය මවන ලද මහා බ්‍රහ්මයාගේ පාද පරිචාරිකාවයි. ඈ සකල ශාස්ත්රයටම අධිපතිනියද වේ. සරස්වතී දෙවඟන ගැන ඇගේ බලපරාක්‍රමය පිළිබඳව...
2024-10-31 18:30:00
ගැහැනියකගේ ලස්සන ගැන පුරාණ කවීන් වර්ණනා කර ඇත්තේ දේහ ලක්ෂණයෙන් රසික සිත කුල්මත් වී කාමුක සිතුවිලි දනවන ආකාරයටය. කේන්දරයක කුජ සිකුරු යෝගය පිහිටීම...
2024-10-31 18:30:00
ඝෝෂාකාරි මහබිරුම් හඬ මධ්‍යයේ බලු රෑනක් පිරිවරා ගෙන කොණ්ඩදෙණිය පන්සල සොයාගෙන පැමිණි දෙපා නිරුවත් අහිංසක පෙනුමැති හීන්දෑරි තරුණයෙකි. ඔහු මහ ගේට්ටුවට...
2024-10-31 18:30:00
හිටිවනම රජ පවුල්වලට සමීපවන ප්රාතිහාර්යය පාන්නන්, ඉන්ද්‍රජාලික සුව කරන්නන් සහ අනාගත වක්තෘවරුන් පිළිබඳව අසන්නට ලැබෙන්නේ අද ඊයේ සිටක නොවේ. එසේම අප...
2024-10-31 18:30:00
ඔක්තෝබර් 25(පෞද්ගලික අංකය 2/7)සඳු, නෙප්චූන් මෙන්ම බුධගේද බල කදම්භය ගැබ්ව පවතින ඔයා ප්‍රබල හැකියාවන් රැසක් උපතින් ගෙන ආ කෙනෙක්. ඔයා සතු නිර්මාණ...
2024-10-24 18:30:00
එදා පාර්වතිය (උමයංගනාව) දියනෑමට ගියාය. ඇය ස්නානය කර යළි එනතුරු කිසිවෙකුටත් එන්නට නොදෙන ලෙස සිය පුතාවූ ගනේෂට නියම කළාය.එසේ මැයි කියා පුතු මුර කරන්නට...
2024-10-24 18:30:00
දුක්දොම්නසින් පිරුණු අඳුර ඉවත් කර සතුට, සම්පත, කරුණාව උදාකොට හින්දු නිවෙස් තුළ ආලෝකය ඇති කරන දීපාවලිය අඥානය දුරුකොට ප්‍රඥාව පහළ කරනු ලබන අතිවිශිෂ්ට...
2024-10-24 18:30:00
දශකත්රයකට වඩා දිගු කලක් තිස්සේ මෙරට සහ දේශ දේශාන්තරවල ජන සමාජයන්හි දැවැන්ත භූමිකාවකට පණ පොවමින්, පරක් තෙරක් නොපෙනෙන මහා සමුදුරක් බඳු ඡ්‍යොතිෂ විද්...
2024-10-24 18:30:00