වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
අවුරුද්දට කළඑළි බහින ජාතික ක්‍රීඩා අතර පොරපොල් ක්‍රීඩාවට ද හිමිවන්නේ විශේෂ තැනකි. පොරපොල් කෙළිය මෙරට ජාතික ක්‍රීඩාවක් ලෙස පිළිගැනුන ද එය ශාන්ති...
2022-04-07 18:30:00
හෙළ සංස්කෘතිය අනුව වැදගත්ම ප්‍රමුඛත්වයේ සැලකෙන හෙළ සිරිතට විරිතට මෙන්ම නැකැත් චාරිත්‍රවලට ද මුල්තැනදී කටයුතු කරන සූර්ය මංගල්‍යය මිහිමත වෙසෙන මානවයනට...
2022-04-07 18:30:00
ආගමික, ජාතික සමාජ උත්සව පැවැත්වීම මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිට පැවති බව මානව විද්‍යාඥයෝ කියති. එදා සිට අද දක්වා ඉදිරියට පවත්වා ගෙන යන උත්සව...
2022-04-07 18:30:00
ඪ වන විමලධර්මසූරිය රජු (ක්‍රි. ව. 1592 – 1604) විසින් දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා වහන්සේ මහනුවරට වඩම්මවා එහි දළදා මැඳුරක් කරවා එහි තැම්පත් කිරීමත්...
2022-03-31 18:30:00
ධන සම්පත් ලබාගෙන සැප සම්පත් විඳගැනීමට අපි කවුරුත් කැමැත්තෙමු. ලක්ෂ්මී යෝගය ධනය ලබාදෙන ප්‍රධාන යෝග අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිකර ගත් ග්‍රහ යෝගයක් බව...
2022-03-31 18:30:00
ගමන බිමන, දේහ විලාශය වගේම කිසියම් අයකුගේ කේශ කලාපය අනුව ද ඔහුගේ හෝ ඇයගේ චරිත ස්වභාවයන් පැවසිය හැකි බව පැරණි කාලයේ විසූ සෘෂිවරුන් පවසා ඇතැයි අපේ පැරණි...
2022-03-31 18:30:00
ඔබේ අල්ල එක් අතකින් විශ්වයේ ඇන්ටනාවකි. තවත් අතකින් ඔබේ ශරීරයේ නිල ක්‍රියාවලිය දැක්වෙන කම්ද්රලක යතුරු පුවරුවකි. ආත්මයේ ඉතිහාස කතාව ඇත්තේ අල්ලේ...
2022-03-24 18:30:00
අනාදිමත් කාලයක සිට සිහින පිළිබඳව මිනිසා තුළ ඇත්තේ ඉමහත් විශ්වාසයකි. අපි කවුරුත් සිහින දකිමු. එම සිහින රාත්‍රී, මධ්‍යම අලුයම් යාමය වශයෙන් කොටස්...
2022-03-24 18:30:00
නිර්මලාගේ සිරුර දහඩියෙන් පිරිලා. වෙලාව උදේ 6.30 යි. කන්තෝරු කෝච්චියේ නිර්මලාගේ යෙහෙළියන් හිටියෙ පුදුමෙන් වගේ බලාගෙන.“අනේ මට හරියට දහඩිය...
2022-03-17 18:30:00
යුවතිපතියන් දෙදෙනකුගේ ප්රමුඛ බලාපොරාත්තුව වන්නේ තම විවාහයෙන් පසු ඔවුන්ගේ ම කුළුඳුල් සිඟිති දරුවකුගේ දරු සුරතල් බැලීමේ අවස්ථාව උදා වන තෙක්ය. සිඟිති...
2022-03-03 18:30:00
මනුෂ්‍යයා යහපත් මනුෂ්‍යයකු කරලිය හැක්කේ නම් ඒ මහා කාර්යයකි. ජන සමාජයේ සිටින්නා වූ ආගමික ශාස්තෘවරු, සෘෂිවරු, පඬිවරු, විද්වත්හු සැවොම උදාර...
2022-02-24 18:30:00
කොතරම් ලස්සන රුවක් කෙනකුට පිහිටියත් මුඛයේ දත් නොතිබේනම් කුමන ලස්සනක් ද? එමෙන්ම දත් නිසා කෙනකුගේ මුහුණට අමුතුම අලංකාරයක් ගෙන දෙන අතර ආහාර සැපීම සඳහා ම...
2022-02-24 18:30:00
දුවක් සිටින ඕනෑම මාපියෙක් පින්වන්තයි. මින් අදහස් කරන්නෙ පුතෙක් සිටින මාපියෙක් පින්වන්ත නොවේ කියා නොවේ. කොහොමටත් පුතෙක් සිටින ඕනෑම මාපියෙක් පින්වන්තයි...
2022-02-17 18:30:00
1915 දී ඇති වූ ජාතිවාදී අරගලයේ දී අත් අඩංගුවට පත් සිංහල නායකයන් බේරා ගැනීම සඳහා විජයවර්ධනයන් සහ ඔහුගේ පුවත්පත් ගත් තැත සුළුපටු නොවීය. ලංකාවට නිදහස...
2022-02-17 18:30:00
සූර්යයා අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන තාරකාව සූර්යයාය. තාප ශක්තිය තත්පරයකට ටොන් හතළිස් ලක්ෂයක් (4 00 0000) වෙයි. මෙයින් පෘථීවියට ලැබෙන්නේ...
2022-02-10 18:30:00
ශ්‍රී ලාංකික අප වර්තමානයේ භාවිතා කරන සිංහ සංකේතය සහිත ශ්‍රී ලාංකේය ජාතික කොඩිය ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ වන ඩී.ආර්.විජයවර්ධන යන...
2022-02-03 18:30:00