වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පිළිගන්නා දේශාභිමානී ගීතයක් නිර්මාණයකොට ගායනා කිරීමෙන් රටවැසියා තුළ තම රට පිළිබඳව ඇතිවන්නේ මහත් භක්තියක් මෙන්ම මහත් සතුටකි....
2022-02-03 18:30:00
මහා බලසම්පන්න සෙත්කවි රත්නයහිමිව ඇති බල තෙදිනි මනුසත වෙතට යහපත නිතර සදමිනපිනැති සිරිවස් දෙව් සෙනෙවි ගණදෙවිඳ නිති ගැති වඳීමි බැතියෙනනවම් මස තුළ සියලු...
2022-02-03 18:30:00
ග්‍රහ මණ්ඩලයේ මනාලිය වශයෙන් සලකනු ලබන සිකුරු පෘථිවියට එක් පැත්තකින් ද අනිත් පැත්තෙන් කුජ ද පිහිටා ඇත. සූර්යාගෙන් අංශක 48 කට වඩා ඈත් නොවේ. මෙම ග්‍රහයා...
2022-02-03 18:30:00
යම් ජන්මියකුගේ ජීවනෝපාය මාර්ගය දස වැන්න බලා පැවසිය යුතු බව පූර්ණාචාරීන්ගේ මතය වේ. එය නිවැරැදිය. නමුදු දසවැන්න පමණක් බැලීමෙන් පෙන්නුම් කෙරෙන්නේ...
2022-01-27 18:30:00
බැලූ බැල්මට කැපී පෙනෙන අංග ලක්ෂණයක් වූ ඇහිබැම ද දේහ ලක්ෂණ විද්‍යාවේදී විශේෂ ස්ථානයක් ගනී. කායික විද්‍යා අංශයෙන් ද බලන විට ශරීරයේ යම් යම්...
2022-01-27 18:30:00
ඔබේ විශ්වාසය හා කැපවීම තුළින් ශිෂ්‍යත්ව විභාගය ඇතුඵ සියලු විභාග ඉහළ ලකුණු ලබා සමත්වීමට ප්‍රබල සෙත්කවි පෙළක් මෙන්න.මස්, මාළු, කිලිකුණුවලින් ඈත්ව...
2022-01-20 18:30:00
ඓතිහාසික හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේ අභිනව තෙමහල් සංඝාරාමයේ වැඩ අවසන් කිරීමේ දෙවන අදියර සඳහා කෙරෙන පුණ්‍යෙීත්සවය මේ මස 23 වැනි ඉරුදින සිදු...
2022-01-20 18:30:00
මෑත යුගයේ අප රටේ පහළ වූ සදා මතකයේ රැදුණු මහා සඟරුවනක් ලෙස කොටුගොඩ ධම්මාවාස අතිපූජනීය මහනායක මහ හිමිපාණන් වහන්සේ හැඳින්විය හැක. බොදු හදවත් වලට ඉතා සරල...
2022-01-13 18:30:00
ඈත අතීතයේ සිටම හින්දු ජනතාව තෛපොංගල් දිනය සමරනු ලබන්නේ කෙත බත බුලත සශ්‍රීකත්වය හා සෞභාග්‍ය උදා කෙරෙන ආගමික උත්සවයක් ලෙසිනි. හිරු දෙවියන් සියලු...
2022-01-13 18:30:00
දින දර්ශනය ගැන සඳහන් කරන විට ඊජිප්තුව අමතක කළ නොහැකි ය. ඒ මුල්ම දින දර්ශනය නිපදවන ලද්දේ ඊජිප්තුව නිසයි. එය ක්‍රි.පූ. දෙසිය හතළිස් එකේ දී එළි දක්වා...
2022-01-06 18:30:00
"ගී්රක අදිරජය පැවැති කාලයේ ගී්රසියේ බලවත් දෙවියකු ලෙස සැලැකුණු ජානුස් නමින් හැඳින්වුණු දෙවියාගේ නමින් හැඳින්වෙන සේ ජානු ආරි යන්න මුලට ගැනීමට...
2022-01-06 18:30:00
අප රටට විජය කුමරු හා පිරිස ගොඩ බසින ලද අවස්ථාවේ ඔවුන්ගේ ආරක්ෂාව පතා පිරිත් පැන්, පිරිත් නූල් දී සෙත් කරන ලද්දේ මේ රටත් සම්බුදු සසුනත් රැකීමට වරම් ලබා...
2021-12-30 18:30:00
යොවුන් වියට පත් තරුණ තරුණියන් තම අනාගත සහකරු සහකාරිය ගැන මෙන්ම විවාහ ජීවිතය ගැනද දැන ගැනීමට බොහෝ කැමැත්තක් දක්වති. විවාහය ප්‍රේම සබඳතාවයක් මත සිදුවේද...
2021-12-30 18:30:00
ලෝකය නැත්නම් විශ්වය නිර්මාණය වූ විගසම පුරාණයා එක එක මත දැරූ බව අපි කවුරුත් දන්නවා. ඒ අපේ දැනීමට අනුව ගත් පියවරවල්. ඒ අයට තිබූ දැනීමේ ප්‍රතිශතයට...
2021-12-23 18:30:00
මෙම නත්තල් ගස ගැන පුරාවෘත්ත රැසක්ම තිබෙනවා. ජර්මනියේ එක්තරා ප්‍රදේශයක දුප්පත් ගස් කපා ජීවත්වන අයෙක් සිටියා. දිනක් ශීත ඍතුවක සීතලට හසුවුණු දරුවකු තමාට...
2021-12-23 18:30:00
සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වූ සමනොළ කන්ද රක්ෂිතය සුන්දරත්වයේ චමත්කාරය කියාපාමින් සිවු දෙසට ගලා බස්නා මහවැලි, කැලණි, වලවේ හා කළු ගංගා මෙන්ම මිහිදුම්...
2021-12-23 18:30:00