වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
දෙවියන්ට පුද පුජා තබන විට දී අනිවාර්යනේම තැබිය යුතු ද්‍රව්‍ය අතර අත්‍යවශ්‍ය දෙයක් වන්නේ, පොල් ගෙඩියකි.ගණ දෙවියන් මුල් කරගෙන පොල් ගෙඩියක් පූජාවට...
2022-05-05 18:30:00
සිංහල ජන සමාජය අනුගමනය කරන බෞද්ධ බාරහාර සම්ප්රදායේ දී යම්කිසි බාරයක් වනු පිණිස කිසියම් සංකේතාත්මක භෞතික මාර්ගයක් උපයෝගි කරගන්නා බව හඳුනාගත...
2022-05-05 18:30:00
“නිය පොත්තෙන් කඩන්න තිබුණ වැඩේ පොරවෙන් කපන්න බලා ඉන්න එපා.” යන කියමන අපේ ජන සමායේ බෙහෙවින් ප්‍රචලිත වූවක්. එහි නියපොත්ත සුළු දෙයකි. “ඒක මං නිය...
2022-05-05 18:30:00
චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථිවිය පැමිණ ඒක රේඛීය වීමෙන් පෘථිවියේ සෙවණැල්ල චන්ද්රයාමතට වැටීමෙන් ඇතිවන සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳීන්වේ....
2022-05-05 18:30:00
අපේ රටේ පවත්නා ශාන්ති කර්ම රාශිය අතර දහඅට සන්නිය වැදගත් තැනක් ගනී. සන්නි යකුම නම් වූ මෙය පහතරට බලිතොවිල් අතර ප්‍රධාන තැනක් ගනී. සබරගමු පළාතේ ද...
2022-04-28 18:30:00
මෙරට බහුලව ඇතිවන හිසරදය හේතු රැසක් නිසා හටගනී. වාතය, පිත සහ සෙම යන තුන්දොස් වෙන් වෙන්ව හෝ තුනම එකතු වී කෝපවීම නිසාත්, රක්තජ (ලේ කෝපවීම නිසා) ක්‍රිමිජ...
2022-04-28 18:30:00
ලෝකවාසී බැතිමතුන්ගේ සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වු රුහුණු මහා කතරගම දේවාලය මුල් කරගෙන බෞද්ධ හින්දු බැතිමතුන් කතරගමට පැමිණ දෙවියන්ගේ ආශීර්වාදය ප්...
2022-04-28 18:30:00
“හපොයි එයා ඇස් වහකාරයාඑයාට පේන්න මුකුත් කරන්න එපා”ඇස් වහ, කටවහ, හෝවහ ගැන විශ්වාසයක් එදා මෙන්ම අදත් ජන සමාජයේ වන්නේ ය. “හපොයි එයා නම් ඇස්වහ කාරයා එයාට...
2022-04-28 18:30:00
සාමාන්‍යයෙන් ගැහැනු දරුවකුගේ වැඩිවිය පැමිණීම ලෙස හඳුන්වනුයේ, ප්‍රථම ආර්තවය සිදුවීම වශයෙන් හඳුන්වා දිය හැකියි. නමුත් මෙය වෛද්‍ය විද්‍යාවට අනූව නම් ඊට...
2022-04-28 18:30:00
කාවඩි කී පමණින් අපේ සිහියට නැගෙන්නේ කඳ සුරිඳුන් උදෙසා කතරගම මහ දෙවොලේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන වාර්ෂික ඇසළ මහා මංගල්‍යය යි. ඒ සමඟම නිරන්තරයෙන්...
2022-04-21 18:30:00
විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවත් සමඟම ලෝක ජනතාව දියුණුවේ දොරකඩටම ළං වී තිබේ. දේශ සීමාවන්ගෙන් වෙන් වූවත් රට රටවල් අතර ඇති අන්තර් සබඳතාවය ළං වී තිබේ....
2022-04-21 18:30:00
ආහාර පිසීම සඳහා දර ළිප් භාවිතා කිරීමට බොහෝ ගෘහණියෝ මනාපයක් නොදක්වති. එහෙත් දර ළිප් භාවිතය තම ජීවිතය නිරෝගීව පවත්වාගෙන යාමට උපස්ථම්භක වන බව බොහෝ...
2022-04-14 18:30:00
මහියංගනයේ සජ – වයස 35,යුගදිවිය ගැනපිළිතුර –සිංහ ලග්න වෘශ්චික නවාංශක හිමිව ජන්ම ලද ඔබ දැනට ගත කරනුයේ ගුරු මහ දසාවයි. විවාහ ස්ථානය වන 7 වැන්නේ බුධ...
2022-04-14 18:30:00
එදා අපේ මුතුන්මිත්තෝ ස්වභාදහමට අනුව ජීවත් වූහ. ඔවුහු ස්වභාදහම් වස්තූන් දේවත්වයේ ලා සලකන්නට වූහ. ඉර, හඳ, සුළඟ, ගින්න, වැස්ස ආදිය තම ජීවිතයට...
2022-04-07 18:30:00
“කී‍්‍රඩාව” පුද්ගලයකුගේ සෞඛ්‍යය වර්ධනයට මෙන්ම සියලු මිනිස් වර්ගයාගේම චර්යා සංවර්ධනයටද වැදගත් වේ. එපමණක් නොව “කී‍්‍රඩාව” අපගේ අධ්‍යාත්මික...
2022-04-07 18:30:00
අපගේ සංස්කෘතියේ වැදගත්ම අවස්ථාව සිංහල හින්දු අවුරුද්දයි. එය අපගේ රටේ මහා මංගල්‍යයයි. මෙම අවුරුදු උත්සවය ගැන විවිධ මත රාශියකි. නක්ෂාත්රානුකූලවද...
2022-04-07 18:30:00