වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඕනෑම ශාස්ත්‍රයක එක් පැතිකඩක් නොව විවිධ පැතිකඩයන් දැන සිටීම අතිශය වැදගත් වන්නෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ද එසේ ය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේද නොපෙනෙන පැති රැසකි...
2023-10-19 18:30:00
දේහ ලක්ෂණ විද්‍යාව අනුව ඇයගේ මුහුණ ඇයගේ චරිතය පිළිබිඹු කරන කැඩපතක් බඳු ය. මුහුණෙහි පවතින හැඩරුව හා යම් යම් අංග ලක්ෂණ අනුව ඇගේ චරිතය මෙසේ යැයි දේහ...
2023-10-19 18:30:00
මුඛය යනු පුද්ගලයකුගේ සමස්ත ශරීරයේම කැඩපත යැයි හැඳීන්වුවහොත් එය නිවැරැදිය. මුඛය තුළ ඇති වර්ග හතරකින් යුතු දත් අපට විවිධ කාර්යයන් සඳහා උපකාරී වේ...
2023-10-19 18:30:00
මහපට ඇඟිල්ල ගැන සම්බන්ධ කරුණු රාශියක් පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද අතර තවදුරටත් ඒ සම්බන්ධව සාකච්ජා කරමු.මහපට ඇගිල්ලේ හැඩයද පුද්ගලයකුගෙන් පුද්ගලයකුට...
2023-10-19 18:30:00
1901.10.31 බ්‍රහස්පතින්දා දහවල් 01.18කුම්භ ලග්නයෙන් උපත ලත් මේ කුඩා දරුවා ගමේ පාසලින් ඉගනුම ලැබුවේ ය. උසස් අධ්‍යාපනය පසෙක තබා ගුප්ත විද්‍යාව පැත්තෙන්...
2023-10-19 18:30:00
අපේ සාම්ප්‍රාදායික ජීවන ගමනේ දී ඉතාම වැදගත් වූ සන්ධිස්ථානයක් වනුයේ විවාහයයි. පැරැණි කාලයේ තරුණ ගැටයින් ගැටිස්සියන් අවුරුදු උත්සවයන්, මඟුල් හා...
2023-10-19 18:30:00
මහා භාරතයේ විසූ කාක බුන්ජර මහා ඍෂිවරයා ඡ්‍යොතිෂ්‍ය විෂයෙහිලා තාරකා විද්‍යාව, තාරකා ගවේණයෙහිලා අතිමහත් ප්‍රාගුණ්‍යයකින් හෙබි සුවිශේෂ වූ තාරකා විද්...
2023-10-12 18:30:00
නිරන්තරයෙන්ම සිනහමුසු මුහුණින් වැඩ කටයුතු කළ තරුණ වියේදී පුවත් පත් කලාවට අත තැබූ හේමපාල මහතා කැපවීමෙන් සිය පන්හිඳ මෙහෙයවීය. සියලුම පත්රකලාවේදීන් සමඟ...
2023-10-12 18:30:00
ඔක්තෝබර් මස 18 වෙනි බදාදා අලුයම 1.29ට රාජ්‍ය කාරක රවි ග්‍රහයා තුලා රාශියට ගොස් නීච වීම රටටත් ජනතාවටත් දුෂ්කර කාලයක් වනු ඇත.ඔක්තෝබර් මස 14 වෙනි...
2023-10-12 18:30:00
පොරොන්දම් පරීක්ෂාව නිෂ්ඵලය. පොරොන්දම් පරීක්ෂාව, පමණක් නොසෑහේ. මෙකී නොකී ප්‍රශ්න සමාජය තුළ පවතී. මේවාට විවිධ දැනුම් පද්ධතීන් ඇසුරෙහි විවිධ පිළිතුරුද...
2023-10-12 18:30:00
පිරිමියකුගේ ඇසිපිය සියුම් ලෙස පිහිටා තිබේ නම් ඔහු වාසනාවන්තය. සාර්ථක ජීවිතයක් ගත කරන්නේකි. බිරිඳට ද දරුවනට ද බෙහෙවින් ආදරය කරන, පවුල් ජීවිතය ගත කළ...
2023-10-12 18:30:00
දෙසැම්බර් 28 සහ ජනවාරි මාසයේ 1, 10, 19, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජනවාරි...
2023-10-12 18:30:00
ශ්‍රී ලංකාව ප්‍රමාදයකින් තොරව වයස්ගතවන ජනගහනයක් සිටින රටක් ලෙස වාර්තාගත වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් පමණ අවුරුදු හැටට වැඩි වයස්ගත...
2023-10-05 18:30:00
ඇස අතිශයින්ම කාහටත් වැදගත් ය. ඇස නැත්නම් ජීවත් වෙලා කුමට දැයි කියැවෙන්නේය. මුහුණට ලස්සන ඇස් දෙකෙන් එයි. ඇසෙහි ලස්සනට වශීව ආවාහුට ඇස ගලවා දුන්...
2023-10-05 18:30:00
දික්වූ උස්වූ නැහැය ශෝභාමත්ය. මුහුණට අපූර්ව ලස්සනක් ගෙන දෙන්නකි. සැළලිහිණි සන්දේශයේ කතුවර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි විෂ්ණු දෙවිඳුගේ දික් වූ උස්වූ...
2023-09-28 18:30:00
මහා විෂ්ණු බලා රාජ තෛලය“බැවිල මුල් මැඩ සියක් පලමක් සිව් සැටක් ජල වක්කරා පසුවදා මිරිකා පෙරාගෙන දසය වනතුරු කකාරා ඊට කසපැන් දියත් එපමණ ඇවත දසයට...
2023-09-28 18:30:00