වාස්තු සම්ප්‍රදාය හා නූතන භාවිතය අතර තුලනය හා ගැටුම

නොවැම්බර් 10, 2023

පුරාණ වාස්තු ශාස්ත්‍රය වසර දහස් ගණනක් තිස්සේ ඝෘෂි ආචාර්ය ආදී උත්තමයන්ගේ දැනුම ඔස්සේ සමාජගත වූවකි. එකී ඥාන සම්භාරය සමාජයේ වාසස්ථානවල ස්වභාවය ඉක්මවා ජීවන ශෛලිය පවා විධිමත් කිරීමට මහෝපකාරී වූ දැනුම් ගබඩාවක් වී පැවතිණි. එබැවින් ඉදිකිරීම් ශිල්පය පවතින තාක්කල් මෙකී පුරාතන වාස්තු ශාස්ත්‍රීය දැනුම් පද්ධතිය නිසි ලෙසින් සපුරා ඉවතලිය හැකි නොවේ.

එසේ වුවත් අද වන විට අපේ රටේ මෙන්ම ලොව පුරා ඉදිකිරීම් ලෙස බරපතළ වෙනස්කම්වලට ලක්ව තිබේ. මේ තත්ත්වය ඉදිකිරීම් මාදිලි හා ශෛලීන්, හැඩතල ආදියේ පමණක් නොව ඉදිකිරීම් අමුද්‍රව්‍යවලින් පවා බරපතළ වෙනස්කම් ඇතිවී තිබෙන බව අප කාටත් පිළිගැනීමට සිදුවී තිබේ. මේවා සියුම්ව අන්තර් ඥානයෙන් හා පාර ඉන්ද්‍රිය හැකියාවන් සහිතව විග්‍රහ කරගත හැකි උත්තමයන් අද නොමැති තරම් ය. මෙවැනි තත්ත්වයක් යටතේ වර්තමාන සමාජය යම් වාස්තු ශාස්ත්‍රයන් වර්තමාන තත්ත්වය විග්‍රහ කොට පැහැදිලි කර ගැනීම පහසු කටයුත්තක් නොවේ.

නිදසුනක් ලෙස පැරැණි ව්‍යවහාරයේ පැවැති ඉදිකිරීම් අමුද්‍රව්‍ය අනුව ආකාර 16කින් පමණ වර්ගීකරණයක් දක්වා තිබේ. ඒ අතර පවත්නා මන්දිර, භවන, සුමන්්ත, විජය ආදී ගෘහයන්ගේ යම් උපයෝගතාවක් අදටත් පැවතුණත් ඒවා මිශ්‍රකොට යොදා ගන්නා ඉදිකිරීම් පිළිබඳ එනම් පාෂාණයෙන් (මන්දිර) පුළුස්සන ලද ගඩොලින් (භවන) නොපුළුස්සන ලද ගඩොලින් (සුමස්ත) ආදී දේ එක්කොට කෙරෙන ඉදිකිරීම් මෙන්ම එදා නොපැවති සිමෙන්ති වැනි නව නිෂ්පාදන කොන්ක්‍රීට් වැනි යකඩ (චණ්ඩ යවන) යොදා ගනිමින් කරන ඉදිකිරීම් පිළිබඳ අධ්‍යයනය තවදුරටත් සංකීර්ණ ස්වභාවයක් ගන්නා බව පහදා ගැනීම අපහසු නොවේ.

මෙයටත් වඩා ඉදිකිරීම්වලද අද යොදා ගන්නා පෙනුම සලකා සිදු කරන හැඩතල හා වෙනත් බොහෝ මෝස්තර ආදිය නිසා මේ තත්ත්වය වඩ වඩාත් සංකීර්ණ වන බැවින් වාස්තු විශ්ලේෂණය වඩාත් බැරෑරුම් හා සංකීර්ණ වන බව විෂයයට හා සමාජයට වගකියන වාස්තු ශිල්පීනට වටහා ගැනීම අපහසු නැත. මේ ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් දිය නොහැකි වුවහොත් වසර දහස් ගණනක් අඛණ්ඩව සමාජයට සේවය සැපයූ උත්තම ශාස්ත්‍රයක අභාවය වළකා ගැනීමට කිසි කෙනෙකුට හැකි නොවනු ඇත.

මෙවැනි තත්ත්වයන් යටතේ අපට බටහිර විද්‍යා දැනුමේ පිහිට ලබා ගැනීමට සිදු වී තිබේ. කෙතරම් අසම්පූර්ණ පරස්පරතා බහුල දැනුම් පද්ධතියක් වුවත් මෙය අපට අද අකැමැත්තෙන් වුව යොදා ගැනීමට සිදු වී තිබේ. ඒ අනුව වාස්තු ශාස්ත්‍රයේ එන මූල ධර්ම පැහැදිලි කර ගත හැකි බටහිර විද්‍යාවේ එන ප්‍රධාන සංකල්පය වන්නේ ශක්තිය පිළිබඳ සංකල්පයයි.

පාසලේදී විවිධ ශක්තීන් දැන උගත් අපට අද මේ විෂයය පිළිබඳව අධ්‍යයනයේදී ඒ ඇසුරෙන් තවත් ශක්තීන් රැස් පිළිබඳ අපගේ අවධානය යොමු කිරීමට සිදු වී තිබේ. ඒ අතර ප්‍රමුඛතම ශක්තීන් වනුයේ අන්තරීක්ෂ (Cosmic) ශක්තියත්, ඒ ඇසුරෙන් ගොඩනැඟෙන භූ (Earth)  ශක්තියත්, චුම්භක (Magnetic) ශක්තියක් වේ. මේවා පිළිබඳව වඩ වඩාත් ගැඹුරෙන් අධ්‍යයනය කළ අයෙකුට නූතන ඉදිකිරීම් ශිල්පය කෙතරම් සංකීර්ණ හා විවාදාපන්න වුවත් අතිශය නිරවුල් ලෙස විග්‍රහ කරමින් ජන ජීවිතය යහපත් බවට පමුණුවා ගැනීම අපහසු නොවේ.

ඉදිකිරීමේ ඇති අංග පිහිටුවා ඇති දිශාවන් උස මට්ටම් හා වෙනත් දත්ත නිවරද ලෙස මැන ගොඩනඟා ගත් පසු මෙකී නූතන බටහිර විද්‍යා සංකල්පයන් යොදා ගනිමින් පෙර කී ශක්තීනට සිදු වන්නේ කුමක්දැයි වටහා ගැනීමෙන් නිශ්චිත ලෙස සමාජයට ඵලදායී මෙහෙවරක් සිදු කිරීමට අපට වාස්තු ශිල්පීන් ලෙස අවස්ථා සැළසෙන බව සතුටින් හා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළ හැකියි.

විද්‍යුත් හා වෙනත් මෙවලම් කෙතරම් අලුතින් භාවිතයට පැමිණියද ඒවායෙන් සිදුවන බලපෑම කවර මට්ටමෙන් සමාජයට බලපාන්නේ ද යන්න විමසීමට ඒ අනුව නූතන වාස්තු විද්‍යාව භාවිතයෙන් සිදු කළ හැකියි. එයින් නොනැවතී යම් ගැටලු, දෝෂ ආදිය හඳුනාගත පසු ඒවාට පිළියම් සැපයීමටද අලුත් පහසු සරල ක්‍රමවේද නිර්මාණය කර ගැනීමටද මේ වටපිටාව යටතේ එතරම් අපහසු නොවේ.

ඒ අනුව අද වන විට සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රය මත නූතන වාස්තු විද්‍යාව මැනැවින් යොදා ගනිමින් පිරමිඩ ආශි‍්‍රත පිළියම් සළසන පයිරා වාස්තු ශිල්පයක් ගොඩනැඟී ඇති බව අප වැඩි වැඩියෙන් සමාජයට වටහා දිය යුත්තේ ඒ මඟින් දෝෂ නිවාරණය සඳහා සිදුකර ඇති දැවැන්ත ඉදිකිරීම් කඩා බිඳ වෙනස් කිරීම් සිදු නොකොට පිරමීඩ යොදා පෙර කී ශක්තීන් මැනවින් කළමනාකරණයට ලක් කර සාර්ථක ප්‍රතිඵල සමාජයට ලබාදිය හැකි බැවිනි. එබැවින් සමාජයෙන් නොසළකා හැරීමේ ප්‍රවණතාවක්ව පැවති වාස්තු භාවිතය මේ අනුව චිරත් කාලයක් සුරක්ෂිතව පැවතීමට මෙයින් අවස්ථාව සැලසෙනු නියත ය.

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.