නිවැසියන්ට ගුණදායක ටයිල් පොළොවද? සිමෙන්ති පොළොවද?

සැප්තැම්බර් 22, 2023

අප වෙත සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ශක්තිය පොළොවේ ගබඩා වීමත්, පොළොවට දරා ගත හැකි ශක්ති ධාරිතාව වසර ලක්ෂ ගණනකට පෙර ඉක්මවා තිබීමත් ඒ හේතු කොට එදිනෙදා භූගත වන ශක්ති ප්‍රමාණයට සමාන ශක්තියක් පොළොවෙන් පිටතට නිකුත් වීමත් වශයෙන් අපට නව ශක්ති ක්‍රියාවලියක් ලෙස භූ (Earth) ශක්තිය ඉපදෙන අයුරු විස්තර කළ හැකි වේ.

තිරිසන් සතුන් කෙරෙහි මෙන් නොව මිනිසා කෙරෙහි මෙකී භූ ශක්තිය බලපාන අයුරු සුවිශේෂ වෙයි. එයට හේතුව පොළොව මත ඍජුව සිටගනු ලබන්නෙකු ලෙස සිරුරේ ඇති විශේෂ ස්වරූපයයි. මේ අනුව මෙකී භූ ශක්තිය මනුෂ්‍යයාගේ සිරුරේ ඉහළ කොටස්වලට (චක්‍රවලට) වඩා පහළ කොටස්වලට (චක්‍රවලට) බලපාන බව පහදා දිය හැකියි. මේ අනුව භෞතික ශරීරය ආශ්‍රය කොටගෙන පවතින ශක්ති ශරීරයේ (Aura) පහළ කොටස් දුර්වල වීම කෙරෙහි භූ ශක්තියේ දුර්වලතා ද මහත් සේ බලපායි.

එබැවින් පොළොවේ ගබඩා වී ඇති ශක්තිය එයින් ඉවතට නිකුත් වන ආකාරය පිළිබඳව ද යම් අදහසක් සහිතව විමසීමේදී පොළොවේ ද්‍රව්‍යමය සැකැස්මද අතිශයින් වැදගත් වේ. වැලි සහිත පොළොවට වඩා මැටි සහිත පොළොවක භූ ශක්තිය නිකුත් වීමට ඇති බාධාව වැඩි වේ. මැටිවල ඇලෙන සුලු ගතිය නිසාය. ඊළඟට ගොම මැටි ගෑ නිවසක භූ ශක්තිය ඊට වඩා මඳක් අඩුය. ගොමවල ඇලෙන සුලු ගතිය තවත් වැඩි නිසාය.

ගොම මැටි ගෑ පොළොවකට වඩා සිමෙන්ති දැමීම හා මැටි ගඩොල් භාවිතය සැසැඳීමේදී ඒවායෙන් ගොම මැටිවලට වඩා භූ ශක්තිය ගමන් කිරීමට වැඩි බාධාවක් වන බව පැහැදිලියි. සිමෙන්තිවලට වඩා බිම් උළු (Tiles)  භාවිතය භූ ශක්තියට වැඩි බාධාවක් සිදු කරයි. බිම් උළු ඉක්මවා කළුගලෙන් නිමා වන ලද බිම් උළු (Granite Tiles) භාවිතය නිකුත් වූ ශක්තියට වඩාත් බාධා පමුණූවයි.

මේ අනුව ලෞකික ජීවිත ගත කරන්නන් අතර එකී ලෞකික අරමුණූ ජය ගැනීම සඳහා උත්තේජනය සපයන ශරීරයේ පහළ කොටස් (චක්‍ර) බාධා කරවන (ශක්තියට බාධා සිදු කරන) ද්‍රව්‍ය පොළොවෙහි නොපිහිටුවීමට අපි නිර්දේශ කළ යුතු වෙමු. මේ අනුව භූගතව ගලා යන ජල ධාරාවන් භූ ශක්තිය උරා ගැනීමට බාධා පමුණුවන බවද පර්යේෂණාත්මකව තහවුරු කළ හැකියි. එවිට එකී භූගත ජල ධාරාව උරාගත් ශක්තිය භූමියෙන් පිටතට පහසුවෙන් ගලා යෑම නිසා පරිසරයට සාමාන්‍යයෙන් නිකුත් කෙරෙන භූ ශක්තිය සැලකිය යුතු ලෙස අඩු වන බව පැහැදිලියි.

එසේම මෙහිදී පොළොවේ පවත්නා විවිධ තද බවෙන් යුතු පාෂාණ විසින්ද භූ ශක්තිය බොහෝ සෙයින් අඩුවීමට සලස්වනු ඇත. මේ තත්ත්වයන් අනුව සිදුවන වෙනස්කම් අවබෝධ කර ගැනීමෙන් එදිනෙදා අප අත්විඳින බොහෝ සමාජ සිදුවීම් කෙරෙහි භූ ශක්තියේ බලපෑම මැනැවින් වටහා ගැනීමට හැකියාව හිමි වේ. ඉතා උස් කඳුවල ලොව පුරා ආධ්‍යාත්මික චරිතවල වාසභූමි ඇති වන බව පෙන්වාදිය හැකියි. එවැනි කඳු මුදුණක භාවනාවක යෙදී සිටින්නකුට පහසුවෙන් ඉහළ ආධ්‍යාත්මික තත්ත්ව ස්පර්ශ කිරීමේ හැකියාව වැඩිදියුණූු වනු නිසැකය. විවිධ ආරණ්‍යගත අත්දැකීම් අනුවද මෙකී තතත්ත්වය පහසුවෙන් අවබෝධ කර ගත හැකියි.

කඳුකර පරිසරයක පිහිටුවාගත් ආරණ්‍යයක මුදුණෙහි දක්නට ඇති දැවැන්ත ගල් පර්වත විසින්ද භූ ශක්තිය අවම කර එමඟින් පුද්ගල ශක්ති ශරීරයේ විවිධ ලෞකික ගැටලු ඇතිවන බව අවබෝධ කර ගත හැකිය. කඳු මුදුණක අන්තරීක්ෂ ශක්තියද බලවත් වන බැවින් ආධ්‍යාත්මික හැකියාවන් ද තවත් වැඩි වර්ධනය වන නිසා ආධ්‍යාත්මික වශයෙන් දියුණු චරිත බිහිවීමට එවැනි ස්ථාන උපයෝගීවේ.

භූ ශක්තියේ පවත්නා ශුභ ප්‍රතිඵලයන් සේ භූ ව්‍යාධි (Geopathic Stress)  තත්ත්වයන් නිසා ඇති කරනු ලබන අහිතකර ස්වභාවයන්ද මෙහිදී අවධානයට ලක් විය යුතු වේ. එහිදී ඇති වන ව්‍යාධි කලාපයන් බරපතළ රෝගාබාධ ඇති කරනු ලැබේ. මෙයට අමතරව පුරාතන වාස්තු විෂයෙහි එන ද්වාර පාද සටහන් හෙවත් දොරවල් පිහිටුවිය යුතු ආකාර දනවන සටහනද භූ කම්පන රටා අනුව සකස් කරනු ලැබූවක් බව පෘෂ්ඨ කම්පන සිද්ධාන්තය (Plate Vibration Theory) අනුව මැනැවින් පැහැදිලි කර ගත හැකියි.

නිවසේ පැති හතරම වෙන වෙනම ගෙන කොටස් 15කට වෙන්කොට ඒවා නන්දා, භද්‍රා ජයා, රික්තා, පූර්ණා ලෙස තුන්වරක් නම් කරනු ලැබේ.

එසේ වෙන් කළ පසු භද්‍රා පාදය හා රික්තා පාදය දොරවල නොතැබිය යුතු ස්ථාන ලෙස නම් කරනු ලැබේ. මෙසේ නම් කරන ස්ථානයන් හය (6) ම උපරිම විස්තාරයකින් (ඉහළ පහළ යෑමකින්) කම්පනය වන ස්ථාන හෙවත් කම්පන තරංගයේ නිම්න – ශීර්ෂ දක්වන ස්ථාන බව පර්යේෂණාත්මකව තහවුරු වී තිබේ.

මෙසේ ස්ථාවර තරංගයක නිම්නයක් හා ශීර්ෂයක් පිහිටන ස්ථානයන්හි ගුරුත්ව ක්ෂේත්‍රය මොහොතින් මොහොත උපරිමව කම්පනය වන අතර එතැන්හි දොරවල් පිහිටුවා ඒ හරහා ගමන් කිරීමේදී පුද්ගල ශක්ති ශරීරය (ඒභපච) බරපතළ ලෙස හානි වේ. එබැවින් පොළොවේ පවත්නා ස්වභාවික කම්පන ක්‍රියාවලිය අනුව එකම කම්පන ස්වභාවයක් ඇති කර ගැනීමට මෙන්ම එහි අහිතකර ප්‍රතිඵල මඟහැරීමට අවශ්‍ය පසුබිම සපයාදීමටත් සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේ එන පොළොවේ පාද සටහන මහත් සේ ඉවහල් වේ.

මේ අනුව අපට පසක් වන්නේ මිනිස් අප දරා සිටින මේ මහ පොළෝ තලය විසින් විවිධාකාරයෙන් ඇති කරන හිතකර හා අහිතකර ක්‍රියාවලීන් මැනවින් වටහා ගැනීම සඳහා වාස්තු ශාස්ත්‍රයේ පිහිට නිරන්තරයෙන් අපට ලබා ගත හැකි බවයි.

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.