වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ආසියාවේ රිදී සීනුවට ඔටුනු පැළඳූ ඒරාෂ්ටකය
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ‘ආසියාවේ රිදී සීනුව‘ ලෙස විරුදාවලි ලත්, ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයකු වන එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳවය. බණ්ඩාරනායක මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව, ලග්නය කුම්භ වන අතර, චන්ද්‍රයා 10 වැනි භාවය තුළ නීචව තැන්පත්ව ඇත.
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙරට රාජ්‍ය නායකත්වයට පත් වූයේ 1956 වසරෙහි අපේ‍්‍රල් 12 වනදාය. ඒ වන විට ශනි ග්‍රහයා වෘශ්චික රාශිය මතින් ගමන් කරමින් තිබුණි. එනම් බණ්ඩාරනායක මහතා මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන විට ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා මතින් ශනි ගමන් කරමින් තිබූ බව ඡ්‍යොතිෂය පිළිබඳව ආධුනික දැනුමක් ඇති අයෙකුට වුවද ඉතා පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත. එනම් පංච මහා බලවේගය පෙරටු කරගෙන බණ්ඩාරනායක මහතා මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන මොහොත වන විට ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇති බව පෙනේ. මෙයින් පෙනී යන්නේ මෙරට රාජ්‍ය නායකයන් තිදෙනෙකුම බිහි කළ පරපුරක් වූ බණ්ඩාරනායක පරපුර විසින් එම රාජ්‍ය නායකයන් තිදෙනාම බිහි කර ඇත්තේ අතිප්‍රබල ඒරාෂ්ටක ගත කරමින් සිටියදී වීමය.
මෙරට පහළ වූ තවත් රාජ්‍ය නායකයන් ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව ඔවුන්ගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍රසටහන් අනුව හෙළිකරගෙන සිටියද ඔවුන්ගේ ක්‍රියාකාරි දේශපාලන කටයුතු මේ වන විටද සක්‍රීයව පවතින නිසා මේ ලිපි පෙළ මඟින් ඒ පිළිබදව තොරතුරු හෙළි කිරීමට බලාපොරොත්තු නොවෙමි.
මෙරට විසූ රාජ්‍ය නායකයෙකු වූ රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්ද්‍ර සටහනට අනුව බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ඒ මහතා “මේෂ” ලග්නය දරන්නෙකු බවය. නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි පුස්තකාලයෙහි තිබු පැරැණි පොතක පේ‍්‍රමදාස මහතාගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කළ ඡ්‍යොතිර්වේදියෙකු පවසා තිබූ පරිදි ඒ මහතාගේ ලග්නය “වෘෂභ” වන අතර තවත් පැරණි පොතකද පේ‍්‍රමදාස මහතාගේ කේන්ද්‍ර සටහන “වෘෂභ” ලග්න කේන්ද්‍ර සටහනක් ලෙස දක්වා තිබුණි. පේ‍්‍රමදාස මහතා 1989 වසරෙහි ජනවාරි 2 වැනිදා මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම ලබන විට ශනි ග්‍රහයා ධනු රාශිය මතින් ගමන් කරමින් තිබුණි. ඒ අනුව, සමහර කෘතීන්වල දැක්වෙන ආකාරයට රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ ලග්නය “වෘෂභ” ලෙස සැලකූ විට ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ ලග්නයෙන් අට වැනි භාවයෙහි ශනි ග්‍රහයා ගමන් කර ඇති බව පෙනේ. ඒ අනුව පේ‍්‍රමදාස මහතාගේ ලග්නය “වෘෂභ” ලෙස උපකල්පනය කළ විට ඒ මහතා රාජ්‍ය නායකත්වයට පත් වද්දී අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්කයක් ගතකර ඇති බව පෙනේ.
මීළඟට අද දිනයේත් සුපුරුදු පරිදි පෞද්ගලික උදාහරණ කිහිපයක් ඇසුරින් ඒරාෂ්ටක කාලවකවානුවලදී සිදු වූ සුබදායක සිදුවීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. මා දන්නා තැනැත්තියක ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වද්දිම විශාල රිය අනතුරකට ලක් වූවාය. නමුත් එම රිය අනතුර ඇයගේ දෛවය වෙනස් කළ කඩඉමක් විය. ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව තුළ සිදුවු මෙම රිය අනතුර නිසා ඇයට ආරෝග්‍යශාලාවේ නේවාසිකව ප්‍රතිකාර ගන්නට සිදුවූ අතර ප්‍රතිකාර කිරීමේ පහසුව සඳහා ඇයගේ කොණ්ඩයද කොටට කපන්නට සිදු විය. නමුත් අදාළ ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු ආරෝග්‍ය ශාලාවෙන් නික්ම නිවෙස බලා එද්දී ඇයගේ ජීවිතය කැපී පෙනෙන වෙනසකට ලක් වී තිබුණි. එනම් ඒ වන විට එතරම් සමාජශීලිව නොසිටි ඇයගේ සමාජශීලි බව සහ පෞරුෂය අදහා ගත නොහැකි ලෙස වැඩි වී තිබුණි. මේ ජන්ම ඒරාෂ්ටක කාලසීමාව තුළ ඇයගේ ආකර්ෂණයද වැඩිවූ අතර ඉගෙනීමේ කටයුතු කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වූ ඇය ඉතා උද්යෝගයෙන් අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නටද පටන් ගත්තාය. එමෙන්ම ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවද්දි සිදු වූ මේ හදිසි අනතුරින් ඇය රෝහල වෙත කඩිනමින් රැගෙන ගිය තැනැත්තා ඇයගේ පෙම්වතා බවට පත්වූ අතර ඉන් පසු ඔහු ඇයගේ සහකරු බවට පත් විය. ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ලබා සතියක් වෙද්දී සිදු වූ පෙරළිකාර සිදුවීම ඇයට තීරණාත්මක ලෙස බලපා ඇති බව පෙනේ.
මාගේ වැඩිමහල් සහෝදරයා මේෂ ලග්නයෙන් උපත ලැබූවෙකු වන අතර ඔහුගේ කේන්දර සටහනේ චන්ද්‍රයා දෙවැනි භාවය තුළ තැන්පත්ව ඇත. ඒ අනුව ඔහුටද 2000 වසරෙහි ජුනි 5 වැනිදාත්, 2001 වසරෙහි ජනවාරි 20 වැනිදාත් අතර කාලය තුළ ද, 2001 වසරෙහි පෙබරවාරි 9 වැනිදාත් 2002 වසරෙහි ජූලි 22 වැනිදාත් අතර කාලය තුළ ද 2002 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත්, 2003 වසරෙහි අපේ‍්‍රල් 11 වැනිදාත් අතර කාලසීමාව තුළද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. ඒ අනුව ඔහු මේ තදබල ඒරාෂ්ටකය කාලසීමාව තුළ මොරටුව සරසවියේ අවසන් වසර විභාගයට පෙනී සිට ඇති අතර පෙර වසර කිහිපයටද වඩා ඉතා විශිෂ්ට ප්‍රතිඵල මෙම අවසන් වසර විභාගය සඳහා ලැබී ඇත. එනම් මෙම තදබල ඒරාෂ්ටයක කලාවකවානුව තුළ පංති සාමාර්ථයක් සහිතව ඉංජිනේරු උපාධිය ලැබු ඔහුට කෙනෙකුට කලාතුරකින් ලැබෙන භාග්‍යයක්ද උදා විය. එනම් එම සරසවියෙන්ම විද්‍යාපති උපාධියක් හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබීමය. මෙම තදබල ඒරාෂ්ටක කාලවකවානුව තුළම තම විද්‍යාපති උපාධිය සම්පූර්ණ කිරීමටද වාසනාවන්ත විය. මාගේ වැඩිමහල් සහෝදරයා ඉතා තදබල ඒරාෂ්ටයක කාලවකවානුවලදි මුහුණ දුන් තවත් සුබදායක අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට මීළඟ ලිපියෙන්ද බලාපොරොත්තු වෙමි.