නොවැම්බර් පළමුවැනිදා රත්රන් පූූජාවෙන් ධනය ළඟා කරගන්න

නොවැම්බර් 1, 2024

දීපාවලී උත්සවයට සමගාමීව ධනය හා සමෘද්ධිය උදෙසා කෙරෙන චාරිත්‍ර ඇරැඹීම හින්දු ඡ්‍යොතිෂයේ ක්‍රමයයි.එ ් අනුව නොවැම්බර් මස 01 වැනිදා සිකුරාදා මෙරට වැසියන් සඳහා ද ධනයට අධිපති දෙවියන් වන කූබේර සහ ලක්ෂ්මී දේවිය, ආයුර්වේදයේ දෙවියන් වන ධන්වන්තරී දෙවියන්ට පුද සත්කාර කිරීමට ඇතැම් භක්තිකයෝ සූදානම්ව සිටිති. එසේ ධනය හා වාසනාව ළඟා කර ගැනීම සඳහා නොවැම්බර් 01 වැනිදා සවස 5.15 සිට 5.47 දක්වා කාලය තුළ ඒ ඒ ලග්න හිමියන් පහත පරදි පිළිවෙත් කිරීම සුබදායක වේ.

මේෂ ලග්නය

මෙදිනට මේෂ ලග්න හිමියන් කුඩා රන් භාණ්ඩයක් දෑතට ගෙන ධනයට අධිපති දෙවිවරුන්ට, විශේෂයෙන් ලක්ෂ්මී දෙවඟන ඉදිරියේ යාතිකා කිරීම සුබ වේ. මේ අවස්ථාවේ ඔබේ දකුණු අතේ රන්මුදුවක් පැලඳ සිටීමෙන් මූල්‍ය වාසනාව ඉහළ නංවා ගත හැකිය. එලෙසම ඔබේ මුදල් පසුම්බියේ රන් ආභරණ කැබැල්ලක් දමා ගැනීමෙන් ධන වාසනාව ඔබ වෙත පැමිණේ.

වෘෂභ ලග්නය

ඔබේ කෑම කාමරයේ හෝ විසිත්ත කාමරය සමීපයේ පහනක් දල්වමින්, කුඩා බත් පිඟානකට රන් මාලයක් හෝ පෙන්ඩනයක් තබා ධනයට අධිපති දෙවියන්ට යාඥා කරන්න. ඔබේ ධනය වර්ධනය වේ.

මිථුන ලග්නය

මෙදින ඔබේ දෑතට මාලයක් හෝ පෙන්ඩනයක් තබාගෙන ධනයට අධිපති දෙවි දේවතාවන්ට යාඥා කිරීමෙන් ධන වාසනාව ඇතිවන බව විශ්වාසය වේ.

කටක ලග්නය

රන් කාසියක් හෝ ස්වර්ණාභරණ කැබැල්ලක් නිවසේ ආගමික කටයුතු සිදු කරන ස්ථානයේ තබා ධනයට අධිපති දෙවියන්ට යාඥා කිරීම සිදුකරන්න. ඔබේ මුදල් අවශ්‍යතා ඉටුවේ.

සිංහ ලග්නය

උදෑසන සිට දැල්වෙන පහනකට හෝ ඉටිපන්දමකට මුද්දක් හෝ රන් ආභරණයක් තබා යාඥා කිරීමෙන් ධනය සමෘද්ධිය ලබා ගැනීමට ඔබට හැකිවේ.

කන්‍යා ලග්නය

ඔබේ නිවසේ සුදුසු ස්ථානයක රන් ආභරණයක් තබන්න. ඒ අසල කොළ හෝ කහ ඉටිපන්දමක් දල්වා ප්‍රාර්ථනා කරන්න. ඔබේ මූල්‍ය සැලසුම් හා අරමුණු සපල කර ගැනීමට එය උපකාරී වනු ඇත.

තුලා ලග්නය

රන් ආභරණ කැබැල්ලක් කැඩපතක් ඉදිරිපිට තබන්න. පසුව එයට සුවඳ දුම් අල්වා ධනයට අධිපති දෙවියන් ඉදිරියේ යාතිකා කරන්න.ධනය ඔබට ආකර්ෂණය වේ.

වෘශ්චික ලග්නය

රන් කාසියක් හෝ ආභරණ කැබැල්ලක් අතට ගෙන සුදුසු තැනක භාවනා කරමින් ධනයට අධිපති දෙවියන් සිහිකරන්න. අනාගතයට අවශ්‍ය ධන වාසනාව ඔබට උදා වනු ඇත.

ධනු ලග්නය

රන් ආභරණයක් ගෙන ඔබේ සටහන් පොත් සමග ධනයට අධිපති දෙවියන් ඉදිරියේ තබා ප්‍රාර්ථනා කරන්න. ඔබේ මූල්‍ය කටයුතු අදහස් හැකියාවන් සාර්ථක වීමට මග පෑදෙනු ඇත.

මකර ලග්නය

ඔබගේ රැකියා ලාංඡනය අසල රන් කාසියක් හෝ ආභරණයක් තබා ධනයට අධිපති දෙවියන් ඉදිරියේ ප්‍රාර්ථනා කරන්න. ස්ථාවර මූල්‍ය ජයග්‍රහණ සමඟ ඔබට විශාල දියුණුවක් ඇතිවේ.

කුම්භ ලග්නය

ඔබේ වටිනා කියන භාණ්ඩයක් අසල රන් ආභරණයක් තබා නිල් පැහැති ඉටිපන්දමක් දල්වා ධනයට අධිපති දෙවියන්ට ප්‍රාර්ථනා කර ආශිර්වාද ලබාගන්න. එමගින් ඔබේ දියුණුව ඇතිවේ.

මීන ලග්නය

නිවෙසේ ආගමික ස්ථානයේ රන් කාසියක් හෝ ස්වර්ණාභරණයක් තබා ඒ අසල සුදු ඉටිපන්දමක් දල්වා ධනයට අධිපති දෙවි දේවතාවන්ට යාතිකා කරන්න. ඔබට දියුණුව සැලසෙනු ඇත.

ආචාර්ය විජය සමරසිංහ

ඉෂාරා විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.