උපන් නැකත අනුව මේ වසර ඔබට බලපාන හැටි

ජනවාරි 5, 2024

 

අස්විද නැකැත

 

ආර්ථිකය - සශ්‍රීක කාලයක ආරම්භයක් නැවත ගොඩනඟන කාලයකි. ව්‍යාපාර කරණයන්ගෙන් ඉහළ ලාභ සහිත ආර්ථිකයක් ගොඩනැඟෙනු ඇත. වාසනාවන්ත වසරක් ලෙස ගමන්මග ඇරඹේ.

පවුල් ජීවිතය - පී‍්‍රතිමත් ලෙස ආරම්භ වන වසරකි. දරු සම්පත් ප්‍රමාද වූ අයට දරඵල ලැබේ. විවාහ ප්‍රමාද අයගේ සිහින ඉටුවේ. වාසනාවන්ත වසරකි.

අධ්‍යාපනය - ගෞරවාන්විත වසරක් මෙන්ම ඉහළ අධ්‍යාපනික අවස්ථා සාර්ථක අධ්‍යාපනයක් හිමිවේ. විදේශ අධ්‍යාපනය ද හිමිවේ.

සෞඛ්‍යය - පෙර වසරවලට වඩා රෝගාබාධක අඩුවන වසරකි. මානසික සැහැල්ලුව සතුට ද හිමිවේ. සුළු රෝගී තත්ත්වයක් දැනෙනුයේ උරහිස හා ඉඟටිය ආශි‍්‍රවයි.

 

බෙරණ නැකැත

 

ආර්ථිකය - ඉක්මන්වීමෙන් කටයුතු අඩාල වන අතර හවුල් ගනුදෙනුවලින් අලාභ අමනාපකම් ආර්ථික පීඩනය දැඩිව එල්ලවන වසරකි. ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

පවුල් ජීවිතය - ගැටලු හා කලකිරීම් සහිත කාලයකි. සංයමයෙන් ක්‍රියා කළ යුතු වේ. ප්‍රේමය, විවාහය වැනි කාරණාවලට ගැටලු මතුවේ. දරුඵල බාධක ඇතිවේ.

අධ්‍යාපනය - ක්ෂණික අමතකවීම් අතපසුවීම් මනසට පීඩය ඉහළ කාලයකි. අධ්‍යාත්මික පැත්තට යොමුවීම යෝග්‍ය වේ. මානසික සංයමයෙන් කටයුතු කිරීමෙන් මෙකී තත්ත්වය පාලනය කරගත හැකිවේ.

සෞඛ්‍යය - රුධිර පීඩනය, මානසික කලකිරීම් ඇතිවේ. දණහිස, උරහිස ප්‍රදේශ මෙන්ම පපුව ආශි‍්‍රත වේදනා ඇතිවන වසරකි. අඩුවෙන් ආහාර ලබා ගන්න.

 

කැති නැකැත

 

ආර්ථිකය - ඉඩම් වත්කම් පාඩු මත අහිමි වන කාලයකි. එහෙත් පෙර පින් මතුවිය හැකි කාලයකි. අලාභ පවතී. විදේශ ගමන් සංචාර හිමි වේ.

පවුල් ජීවිතය - මනසේ පීඩනයෙන් ආරම්භ වසරකි. බැඳීම් අතර අවුල් වියවුල් නිර්මාණය වේ. කතා බහේ ඉතා ප්‍රවේශම් වීම අනිවාර්ය වේ.

අධ්‍යාපනය - දුෂ්කරතා බාධක මැද අරමුණු දකින වසරකි. විටෙක ක්ෂණික අධ්‍යාපන බිඳ වැටීම් ද වසරේ අග සිට වේගවත් අධ්‍යාපනයක් හිමිවේ. විදේශ සංචාර හිමිවේ.

සෞඛ්‍යය - අත්පා ආශි‍්‍රත වේදනා ආමාශ උෂ්ණත්වය ඉහළයාම් දැකගත හැකිය. උෂ්ණ ආහාර පාලනය කළ යුතු වේ.

 

රෙහෙන නැකැත

 

ආර්ථිකය - නව ව්‍යාපාරික ආර්ථික මට්ටම් කෙරෙහි යොමු වෙමින් ලාභ ලබයි. නොසිතූ ධනය තමන් වෙතට ළඟාවෙන කාලයකි. ඉහළ සමාජ ගෞරවයක්ද හිමිවේ.

පවුල් ජීවිතය - විනෝදයෙන් සතුටින් පිරි බැඳීම් ඇතිවේ. පෙර වසරවල පැවතුන බාධක ගෙවී අවසන් වෙයි. දරුවන් ඉතා පින්වන්ත ජනපි‍්‍රය වෙයි. දරුඵලද ඉතා සාර්ථක වේ.

අධ්‍යාපනය - ප්‍රබෝධයෙන් අධ්‍යාපනයට යොමුවේ. තීන්දු තීරණ ඉතා නිවැරැදි වේ. විදේශීය මෙන්ම දේශීයවද උසස් අධ්‍යාපනික අරමුණු ඉටුවේ. දැඩි ආත්ම ශක්තියකින් ක්‍රියා කරන වසරකි.

සෞඛ්‍යය - රෝග බාධක යටපත්වෙව්. සැත්කම් හෝ දැඩි සෞඛ්‍ය බලපෑම් මඟ හැර නිරෝගීභාවය ඇතිවන වසරකි. ඉහළ මට්ටමින් ආකර්ශනය නිවැරැදි සෞඛ්‍ය රටාවන් පිළිබඳව සැලකිලිමත් වේ.

මුවසිරස නැකැත

 

ආර්ථිකය - ඉහළ ආර්ථික ලාභ හිමිවේ. බලාපොරොත්තු රැසක් පෙර වසරවලට වඩා දිනා ගනී. නව ව්‍යාපාර ආර්ථිකයක් ද දිනා ගනී.

පවුල් ජීවිතය - දෙමාපියන්ට සලකන ආදරය, බැඳීම් ඉහළට පවතින දෙමාපිය උරුමයන් ලබන දරුඵල හා දරුවන්ට ඉතා යහපත් ය.

අධ්‍යාපනය - ඉතා සංයමයෙන් අධ්‍යාපනික අරමුණු දිනාගනී. අරමුණු උදෙසාම ඉතා කැපවීමෙන් ක්‍රියා කරයි. නව අධ්‍යාපනික වෘත්තිමය ක්ෂේත්‍රයන් කෙරෙහි නුවණ මෙහෙයවයි.

සෞඛ්‍යය - ව්‍යායාම හා නිවැරැදි සෞඛ්‍ය රටාවන් කෙරෙහි යොමුවන වසරකි. පෙර වසරවලට වඩා ආකර්ශනය සෞඛ්‍ය තත්ත්වය ඉහළට ගමන් කරයි.

 

අද නැකැත

 

ආර්ථිකය - කම්මැළි අලස බව ඉහළ යන වසරකි. එකී තත්ත්වයන් කියැවෙන විවිධ චෝදනා, ආර්ථික බිඳ වැටීම් ඇතිවේ. ඉක්මන් නොවී දුරදිග සිතා කටයුතු කරන්න.

පවුල් ජීවිතය - වෙනත් බැඳීම්, වෙනත් ගුප්ත මානසික පසුබිම් ඇතිවේ. තවද නිහඬව වාසය කිරීමට කැමති කාලයකි. මේ බාධක වැඩ පවත්වා ගැනීමට ධර්මය කෙරෙහි යොමුවන්න.

අධ්‍යාපනය - අලසකම් නිසා වැදගත් තැන් මඟ හැරෙයි. දුරදිග සිතා බලා කැපවීමෙන් ක්‍රියා කර ජය අත්කර ගත හැකිය.

සෞඛ්‍යය - හදිසි අනතුරු පවතී. අනුන් සමඟ අඬ දබර, කරකර පීඩා ඇතිකර ගනී. ඉවසීමෙන් මෙන්ම නිවැරැදි සෞඛ්‍ය රටාවන් කෙරෙහි යොමු විය යුතුම වේ.

 

පුනාවස නැකැත

 

ආර්ථිකය - වාසනාවන්ත කාලයක් ක්‍රමයෙන් ගොඩ නැඟේ. ඉහළ තනතුරු, උසස්වීම් සමාජයේ කැපී පෙනෙන කාලයකි. ප්‍රමාද කටයුතු රැසක් අති සාර්ථක වේ.

පවුල් ජීවිතය - විනෝදයෙන් හා පී‍්‍රතියෙන් ගෙවේ. නිතර සංචාරක අවස්ථා ද යෙදේ. ප්‍රමාද වූ විවාහ කාරණා ඉටුවේ. නව සම්බන්ධතා ගොඩ නැඟේ. සාර්ථක බැඳීම් ඉටුවන වසරකි.

අධ්‍යාපනය - කාර්ය බහුල වසරකි. ලේඛන කලාව හා නව විෂයන්ට හොඳින් යොමුවීමට ලැබෙන වසරකි. උසස් ප්‍රතිඵල අත්කර ගනී.

සෞඛ්‍යය - සෙම් පිත් ඉහළයන අතර පෙරට වඩා වෙනත් රෝගාබාධක අවම වන වසරකි. ශාරීරික යෝග්‍යතා ව්‍යායාම කෙරෙහි හොඳින් යොමුවන වසරකි.

 

පුෂ නැකැත

 

ආර්ථිකය - නිවැරැදිව ක්‍රමවත්ව ධනය උපයන වසරකි. ආර්ථික දියුණුවට අවස්ථා රැසක් හිමිවේ. ඉහළ වත්කම් රැසක් උපයා ගන්නා වසරකි. විදේශ විනිමය ඉපයීමේ හැකියාව ලැබේ.

පවුල් ජීවිතය - කාර්ය බහුලතාවය නිසා වෙනයම් පීඩනයන් දැනේ. බැඳීම් ආදරය යහපත්ව ගෙවෙයි. දරුඵල ද හිමි වසරකි. විවාහ මංගල්‍ය කටයුතුවලට ඉතා සුබදායක වේ.

අධ්‍යාපනය - යහපත් වේ. දීර්ඝ අධ්‍යාපනික සැලසුම් නිර්මාණය කරයි. බිඳ වැටුණු හෝ ප්‍රමාද වූ අධ්‍යාපනයක් නැවත සාර්ථක කර ගනී. විදේශ ගත මෙන්ම මෙරට දීද යහපත්ව අධ්‍යාපනය සාර්ථක කර ගනී.

සෞඛ්‍යය - උෂ්ණ අධික රෝග බාධක ඇතිවේ. රුධිර පීඩනය තරමක් ඉහළ යයි. උෂ්ණ ආහාර සම්පූර්ණයෙන් පාලනය කළ යුතු වේ. නිවැරැදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම කෙරෙහි යොමුවන්න.

අස්ලිස නැකැත

 

ආර්ථිකය - අභියෝගාත්මක කාලයක් වේ. වැරැදි තීන්දු තීරණ බොහොමයක් හේතුවෙන් සිත් තැවුල්, පීඩා, විවිධ අලාභ හානි ඇතිවීමට අවස්ථාව පවතී. ප්‍රවේශමෙන් සහ බුද්ධිමත්ව පරිබාහිර අය සමඟ ගනුදෙනු කටයුතු කිරීම වැදගත් වේ. නිවැරැදි ඉපයීම ක්‍රමය යොදාගෙන ආර්ථිකය ගොඩ නැගීම වඩාත් යහපත් වේ.

පවුල් ජීවිතය - අදහස් අතර මත ගැටුම්, කලකිරීම්, අවුල් සහගත තත්ත්වයන් මතුවේ. ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ. සැලැස්මකට අනුව කටයුතු කිරීම වැදගත් වේ. දවස, සතිය, මාසය හොඳින් කළමනාකරණය කර ගැනීමෙන් ජීවිතය වඩාත් සාර්ථක වේ.

අධ්‍යාපනය - උනන්දුව, උද්යෝගයෙන් නිවැරැදි වේලාවට නිවැරැදි කැපවීමෙන් අධ්‍යාපනය තුළ නිරතවීම අතිශය වැදගත් වේ.

සෞඛ්‍යය - හිස බරගතිය, ආතතිය හා පීඩනය ගුප්ත ස්වරූපය පවතින කාලයක් වේ.

 

මා නැකැත

 

ආර්ථිකය - යහපත් වූ ආර්ථික තත්ත්වයක් දියත් කරන කාලයක් වේ. විදේශ විනිමය ලැබීම නොසිතූ අයගෙන් උදව් උපකාර ලැබීම වැනි තත්ත්වයන් පවතී. හවුලේ සිදුකරනු ලබන හවුලේ කටයුතුවලින් තමන්ට ඉහළ ලාභ ලබා ගැනීමට හැකිවේ.

පවුල් ජීවිතය - විවාහය, ආදරය බැඳීම්වලට බලපාන තත්ත්වය යහපත් වේ. විවාහ යෝජනා ප්‍රමාද වූ අයට ඉහළ විවාහ යෝජනා ලැබෙන කාලයක් උදාවේ. බුද්ධිමත්, ගුණදහමින් පරිපූර්ණ වූ මනසකින් යුක්තව ක්‍රියා කිරීමෙන් බැඳීම් සුරක්ෂා කර ගත හැකි කාලයකි.

අධ්‍යාපනය - කලාවට ඉතා කැමති රසාස්වාදය ඉහළ යන ප්‍රසිද්ධ නිර්මාණ බිහිවන කාලයක් උදාවේ. කලාව හැරුණු කොට වෙනත් පරිබාහිර විෂයන් කෙරෙහි යොමුවන්නේ නම් ඒවා ද සාර්ථක කර ගැනීමට හැකිවේ.

සෞඛ්‍යය - වරින් වර ආමාෂ ගත උෂ්ණත්වය වෙනස් වීම, පසු ප්‍රදේශයේ පැත්තක රිදෙන සුළු ගැටිති ස්වරූපයන් මතුවේ. ශරීරයේ උෂ්ණත්වය හා උණුසුම වෙනස් වන රෝග ලක්ෂණ හට ගනී.

 

පුවපල් නැකැත

 

ආර්ථිකය - යම් යම් කරදර බාධක තත්ත්වයන් ඇතිවේ. ක්‍රම ක්‍රමයෙන් අයහපත් තත්ත්වයේ මිදේ. සැලසුම්කරණ ලද වත්කම් මූල්‍යමය වාතාවරණය අඩුවේ. අපේක්ෂා කටයුතුවල මුල් භාගයේ මැද බොහෝ සෙයින් අඩපණ කාලයක් වේ. ඉන් පසු යහපත් වූ ආර්ථික තත්ත්වය , ආර්ථිකමය අවකාශයක් වසර අග භාගයේ ක්‍රියාත්මක වේ.

පවුල් ජීවිතය - කරදර බාධා ඇති වේ. පවුල් ජීවිතය තුළ දී මානසික වශයෙන් පිඩා ඇති වේ. කල්පනාකාරීව කටයුතු කරන්න.

අධ්‍යාපනය - සාර්ථක භාවයක් මුල් කොටසේ හිමි නොවේ. මනසට පීඩා ගෙනෙන මාස කිහිපයක් ගත වේ. වසර අග භාගය වන විට ක්‍රම ක්‍රමයේ සුබවාදී වේ. උසස් අධ්‍යාපනික වරම් හිමිවේ.

සෞඛ්‍යය - සෞඛ්‍යය තත්ත්වය යහපත් නොවේ. මානසික ආතතිය, ශරීරයේ උෂ්ණත්වය වෙනස් වීම, නිදන් ගත රෝග මතු වේ. සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

උත්‍රපල් නැකැත

 

ආර්ථිකය- ශක්ති සම්පන්න ආර්ථික තත්ත්වයක් හිමිවේ. තම ව්‍යාපාර අවස්ථා නිර්මාණය කිරීමට හැකිවේ. ඉහළ ලාභ ආර්ථික ශක්තීන් ලබා ගැනීම, රැකියා වෘත්තීන් තුළින් ලැබිය යුතු වරප්‍රසාද නිර්මාණය වේ. පෙර පැවති බාධක, දුර්වලතා අවහිරතා මඟහැරී සාර්ථක කාලයක් ගොඩනැඟේ.

පවුල් ජීවිතය - ආදරය හා කරුණාවන්ත අවස්ථා හිමිවේ. ජනපි‍්‍රය හා බලසම්පන්න කාලයක් උදාවේ. ආකර්ණශිලි භාවය නායකත්ව භාවය, සමාජයේ කැපී පෙනෙන ලක්ෂණ සහිත පුද්ගලයෙක් බවට පත්වේ. විවාහ, බාධා, දෝෂ අවසන් ප්‍රමාද වූ විවාහ ඉටු කර ගැනීමට හැකිවේ.

අධ්‍යාපනය - සාර්ථක මතක ධාරණ ශක්තිය නිදහස් මනසකින් වේගවත්ව ඉහළ කැපවීමකින් කටයුතු කරයි. අරමුණූ ඉලක්ක දිනා ගනී.

සෞඛ්‍යය - වරින් වර දණහිස් ප්‍රදේශ, උරහිස් හා බාහු ආශි‍්‍රත රෝග ලක්ෂණ මතු වේ. නමුත් අයහපත් මට්ටමකින් ක්‍රියාත්මක නොවේ. පෙර වසරට සාපේක්ෂව සෞඛ්‍ය තත්ත්වය මෙම වසර තුළ යහපත් වේ.

හත නැකැත

 

ආර්ථිකය - ශක්ති සම්පන්න ආර්ථික තත්ත්වයක් නිර්මාණය වේ. ගන්නා වූ තීරණ තුළින් මනසට සතුටක් කාලයක් වේ. සමාජය තුළ ඉහළ ඇගයීමකට ලක් වේ. බිඳ වැටුණු ව්‍යාපාර නැවත ගොඩනැඟීමට ශක්තිය නිර්මාණය වේ. විදෙස් විනිමය ඉපයීමේ හැකියාව ඇත.

පවුල් ජීවිතය - ආගම දහමට නැඹුරු, ධර්මානුකූලව හැසිරෙන, ගෘහස්ථය සුරක්ෂිත කර ගන්නා වූ, වසර ගණනකට පසු සංයමයකින් ක්‍රියා කරන කාලයක් වේ. ඉතා සුන්දර කාලයක් උදා වේ. ආදරය මුහුකුරා යන කාලයක් වේ.

අධ්‍යාපනය - ශක්ති සම්පන්න කාලයක් වේ. ඉහළ ලකුණු සාමාර්ථ ලබා ගන්නා කාලයක් වේ. විදෙස් ගත අධ්‍යාපනය මෙරට තුළ ඉහළ උසස් අධ්‍යාපන වරම් හිමිවේ.

සෞඛ්‍යය - සෙම් පිත ආශි‍්‍රත රෝගාබාධ තත්ත්වයන්, හිසරුදාව හිර බර ගතිය, රෝග ලක්ෂණ වරින් වර ඇතිවේ. නිදන් ගත රෝග යටපත් කරන කාලයක් වේ.

 

සිත නැකැත

ආර්ථිකය - වාසනාවන්ත තත්ත්වයක් ගොඩ නැඟේ. ඉඩම්, දේපළ, වත්කම් ගනුදෙනු කරන අයට ඉතා වැදගත් කාලයක් වේ. නව ව්‍යාපාර සැලසුම්, නව වෘත්තීමය සැලසුම් දියත් කර ඇත්නම් වසර මැද භාගය වන විට සාර්ථක භාවයක් ඉස්මතු වේ.

පවුල් ජීවිතය - නව විවාහ කටයුතුවලට ස්ථානවලට ගමන් කිරීමට සැලසුම් කළ ඔබට සුන්දර කාලයක් උදාවේ. නිවස තුළ දෙමව්පියන්, නෑදෑයන් අතර තිබූ දුරස්ථ භාවය මඟහැරී සුබවාදීව ආදරයෙන් ගත කිරීමට අවස්ථාව උදාවේ.

අධ්‍යාපනය - ශක්ති සම්පන්න අධ්‍යාපන රාමුවක් වේ. අධ්‍යාපනය තුළ ඉහළ ප්‍රතිඵල සාර්ථක අවකාශයක් දිනා ගත හැක. ප්‍රබෝධමත් හා පී‍්‍රතිමත් කාලයක් උදාවේ.

සෞඛ්‍යය - ආහාර රටාව තුළදී ස්වභාවික එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග ලබා ගැනීම යෝග්‍ය වේ. ජලය වැඩිපුර පානය කිරීම තුළින් සෞඛ්‍යය තත්ත්වය නිරෝගිමත් වීමට හා මානසික ඉතා යහපත් තත්ත්වයක් උදා කර ගැනීමට හැකිවේ.

 

සා නැකැත

ආර්ථිකය - ඉතා යහපත් සෘජු තීරණ ගන්නා වසරක ඉහළ දියුණුවක් වසරේ මැදදී දැක ගත හැකිවේ. තමාම කැප වී උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කරන වසරකි. රැකියා උසස්වීම් වැටුප් ඉහළයාම් හිමිවේ.

පවුල් ජීවිතය - ඉතා යහපත් වේ. ආදරය, බැඳීම් ශක්තිමත් වේ. බුද්ධිමත් වසරකි. පෙර පැවැති බාධක දුර්වලතා රැසක් මඟහරවා ගත හැකිවේ. විවාහ ප්‍රමාද වූවන්ගේ විවාහ කටයුතු හොඳින් ඉටුවේ.

අධ්‍යාපනය - දක්ෂ සැලසුම් යහපත් මනසින් ක්‍රියාත්මක කරයි. ප්‍රමාද වූ හෝ අතපසු වූ අධ්‍යාපන කටයුතු නැවත මතු කර ගනී. දිරිමත් වසරකි.

සෞඛ්‍යය - මධ්‍යස්ථ මට්ටමක සෞඛ්‍ය තත්ත්වය පවතී. නිධන්ගත රෝග පැවති අයට තරමක සැහැල්ලුවක් මෙන්ම නිවැරැදි වේලාවට ආහාර පාන ලබා ගන්න. ගුණාත්මක ආහාර පාන කෙරෙහිද යොමුවීම ඉතා වැදගත් වේ.

 

විසා නැකැත

 

ආර්ථිකය - විවිධ ආකාරයේ ආර්ථික ලාබ පාඩු මත ගමන්කරන කාලයකි. තවත් ප්‍රවේශම් විය යුතුමයි. කරදරවලට ආර්ථික දුර්වල තීරණ නිසාවෙන් මුහුණ දීමේ තත්ත්වයක් ගොඩනැඟේ. කිසිදු ආකාරයෙන් මූල්‍ය ගනුදෙනුවලදී ඇප වලට මැදිහත් නොවන්න.

පවුල් ජීවිතය - කාර්ය බහුලත්වය නිසාවෙන් බැදීම් මග පෑදෙන වසරකි. සම මිශි‍්‍රත ප්‍රතිඵල හිමිවන වසරකි. අමතර හෝ බාහිර බැදීම්වලින් ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය - ක්‍රමයෙන් සාර්ථක කර ගනී. බාධක පීඩා මැද උසස් අධ්‍යාපනයෙන් උරුම වේ. විදෙස් ගත අධ්‍යාපනයක් හිමි වේ.

සෞඛ්‍යය - මධ්‍යස්ථ කාලයකි. පෙර පැවැති රෝගාබාධක අවම වේ. කෘත්‍රිම ආහාර පාලනය කරන්න. ජලය හොඳින් ලබාගත යුතු වසරකි. ව්‍යායාම කෙරෙහි යොමුවීමෙන් වඩාත් ඉහළ නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් ලබාගත හැකි වේ.

 

අනුර නැකැත

 

ආර්ථිකය - ඥාතීන්ගෙන්, දෙමාපියන්ගෙන් උදව් උපකාර ලැබෙන වසරකි. දේපළ වත්කම් හිමිය. විදේශ ගත සංචාර බලවත් වසරකි. රැකියාවෙහි බාධක අවම වේ.

පවුල් ජීවිතය - සුබ කාලයකි. නව දරුඵල ලැබෙන ආදරය බැඳීම් සුබ වසරකි. විවාහ ප්‍රමාද වූවන්ගේ විවාහ කටයුතු සිදුවේ. විනෝද ගමන් චාරිකා ද හිමිය.

අධ්‍යාපනයට - ක්‍රමයෙන් තම අධ්‍යාපනය ඉලක්ක ඉටුකර ගනී. නව විෂයන්, නව ආර්ථික ක්‍රමයන් පිළිබඳ අධ්‍යාපනය පිළිබඳ මතය පවතී. ප්‍රමාද වූ හෝ පරාජයට පත් වූ අධ්‍යාපන කටයුතු මෙම වයසේ අති සාර්ථකව ඉටු කර ගනී.

සෞඛ්‍යය - පසුගිය වසර කීපයට සාපේක්ෂව නිරෝගිමත්කම ඉහළ යයි. හිතේ සැනසිල්ල මතුවේ. යහපත් සෞඛ්‍ය රටාවන් ආහාර පාන කෙරෙහි නිවැරැදි ක්‍රම උත්සාහයෙන් ඇතිව බුද්ධිමත් සෞඛ්‍ය රටාවක්ද පවත්වා ගනී.

 

දෙට නැකැත

 

ආර්ථිකය - විශාල ආර්ථික හිරවීම් මතුවන වසරකි. තවද අයථා, නීති විරෝධී ක්‍රියා මඟින් මුදල් ඉපයීම්වලට යොමු නොවන්න. ප්‍රවේශම් විය යුතු බුද්ධිමත් ගනුදෙනු කෙරෙහි යොමුවන්න. තාවකාලික ලාභ කෙරෙහි යොමුවීමේ දී ප්‍රවේශම් විය යුතු යි.

පවුල් ජීවිතය - අදහස් හි මත ගැටුම් නිරාවරණය සබඳතාවල දුරස්ථභාවය දැනෙන වසරකි. කලකිරුණු ස්වරූපය ගෙන දේ. අනවශ්‍ය බැඳීම් කෙරෙහි යොමුවුවහොත් සියල්ල බිඳ වැටෙනු ඇත.

අධ්‍යාපනය - කාල කළමනාකරණය මැනවින් පවත්වා ගැනීම අතිශයෙන් වැදගත් වේ. බාහිර කටයුතු අධ්‍යාපනයට බාධාවක් කර නොගන්න.

සෞඛ්‍යය - දණහිස, වැලමිට ආශි‍්‍රත වේදනා ඇතිවන කාලයකි. තවද අනවශ්‍ය ශරීරයට අහිතකර ආහාර පාන නොගතයුතුම වසරකි. මානසික පීඩන බව ඉහළ බැවින් ශාරීරික යෝග්‍යතා ව්‍යායාම කෙරෙහි යොමුවීමද ඉතා වැදගත් වේ.

මුල නැකැත

 

ආර්ථිකය - ක්‍රමයෙන් ආර්ථික වර්ධනය දියුණුවට හේතුවන වසරකි. නව සැලසුම් සාර්ථකවේ. නව ව්‍යාපාර ඇරඹීමට ඉතා යෝග්‍ය වේ. ණය ගනුදෙනුවලදී තරමක් ප්‍රවේශම් විය යුතුයි.

පවුල් ජීවිතය - මිත්‍රශීලී ආදරණීයත්වයක් හොඳින් වර්ධනය කරගත් ආදරය, බැඳීම්’ මතුවන අවබෝධ ශීලී කාලයකි. නව සබඳතා විවාහ ප්‍රමාද අයගේ විවාහය සිදුවේ.

අධ්‍යාපනය - ආර්ථිකය පදනම් කරගත් අධ්‍යාපනයක යෙදෙන කාලයකි. තම අධ්‍යාපන ක්ෂේත්‍රයන් කෙරෙහි හිත වේගයෙන් යොමුවේ. විදේශ අධ්‍යාපනයක්ද හිමිවේ.

සෞඛ්‍යය - හන්දිපත් රුදාව කොලෙස්ට්‍රෝල්, වාත වේදනා මතුවේ. නමුත් ඉහළ රෝගාබාධවල ශීඝ්‍ර අඩුවීමක් මේ වසරේ දැක ගත හැකිවේ. මධ්‍යස්ථ සෞඛ්‍ය තත්ත්වයක් ඇති වසරකි.

 

පුවසල නැකැත

 

ආර්ථිකය - යම් යම් ආර්ථික බිඳ වැටීම් ඇතිවේ. ප්‍රවේශමෙන් රැකියා ආයෝජනයන්හි නියැලීම වැදගත් වේ. නව ව්‍යාපාරික කටයුතුහි නොයෙදීම අගනේය. නීති විරෝධි හෝ නීතියට පටහැනි කටයුතුහිදී ප්‍රවේශම් වන්න.

පවුල් ජීවිතය - විවිධ නොගැළපීම් මතුවේ. දුරස්ථ භාවය අදහස් අතර මත ගැටුම්, ගෘහස්ථය ආදරය තුළ නිර්මාණය වේ. විවාහ වන්නේ නම් ප්‍රවේශමින් තීන්දු ගත යුතු වසරක්ද වන්නේ ය.

අධ්‍යාපනය - මනස කලබලකාරී බවක් ඇති බැවින් මනසේ සංයමයෙන් කටයුතු කර අරමුණු දිනාගත යුතුයි. බාහිර කටයුතුවලින් අධ්‍යාපනයට වන බලපෑම තරමක් ඉහළයි. භාවනා යෝග, ව්‍යායාම කෙරෙහි යොමුව අරමුණුවලට ක්‍රියාත්මකවන්න.

සෞඛ්‍යය - හිස බරගතිය, සෙම් කිපීම්, වාත වේදනා මතුවේ. තවද නිදන්ගත රෝග, මතුකරන කාලයකි. නිතර ආහාරයට ධාන්‍ය, එළවළු ගැනීමෙන් මෙම තත්ත්වයන් සමනය කළ හැකිවේ.

 

උත්‍රසල නැකැත

 

ආර්ථිකය - යහපත් වූ ආර්ථික තත්ත්වයක් උදා වේ. විදේශ විනිමය ඉපයීම හැකි වන කාලයකි. ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර කරන්නකු නම් ව්‍යාපාර තත්ත්වය දියුණුවන කාලයකි. නව ව්‍යාපාර සැලසුම්, නව උසස්වීම් බලාපොරොත්තු තිබුණේ නම් ඒ සියල්ල සාර්ථක කර ගත හැකි කාලයකි.

පවුල් ජීවිතය -ගෞරවය, ආදරයට පාත්‍රවන කාලයකි. යහපත් වූ කාලයක් සැකසේ. විවාහ දෝෂ බාධක ඉවත් කර යහපත්ව ජීවිත ගත කළ හැකි කාලයකි. දරුවන්ට ඉතා යහපත් කෙනෙකු බවට පත්වේ. දරුවන්ගේ සාර්ථක කටයුතු රැසක් දැක ගත හැකි කාලයකි.

අධ්‍යාපනය - අතපසු වූ විභාග, අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් සාර්ථක කර ගත හැක. අපේක්ෂා කළ වේගයට වඩා ඉහළ ලකුණු සීමාවක් හඹායාමේ හැකියාව ලැබේ. විදේශ ගත අධ්‍යාපනය, විදේශ ගමන් හා සංචාර සුළු වශයෙන් හටගන්නා කාලයකි.

සෞඛ්‍යය - සෙම හා පිත, ආශි‍්‍රත රෝග, දණහිස හා වළලුකර ආශි‍්‍රත රෝග පීඩා උරහිස හා බාහු ආශි‍්‍රත රෝග පීඩා වරින් වර මතු වේ. සෞඛ්‍ය ගැටලු පැවතියද පාලනය කර ගත හැකි කාලයකි.

 

සුවණ නැකැත

 

ආර්ථිකය - වාසනාවන්ත කාලයක් වේ. ධනය, සෞභාග්‍යය, සශ්‍රීකත්වය හොඳින් ලැබෙන ආර්ථිකය සැලසුම් සාර්ථක වන වසරකි. නොසිතූ ධනවත්කම් හිමිවන, උරුමය දේපළ වත්කම් රැසක් හිමිවේ. ඉඩම්, වාහන, නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු පැවතියේ නම් ඒවා ඉටුවන කාලයකි. විදේශ විනිමය, මෙරට තුළ ධනය උපයා ගත හැකි කාලයකි.

පවුල් ජීවිතය - විවාහ ස්ථාන, විවාහ මංගල්‍ය චාරිත්‍ර යෙදෙන කාලයකි. නව බැඳීම් අවස්ථා ලැබේ. විවාහය, ආදරය, මුහුකුරා යන කාලයකි. ශරීරයේ ආකර්ෂණභාවය වැඩි වේ. සමාජය, ඥාතීන් අතර පිළිගැනීමට ලක්වේ.

අධ්‍යාපනය - අතහැර දමා තිබූ අධ්‍යාපනය නැවත ගොඩනඟා ගත හැකි කාලයකි. නව වෘත්තිමය සුදුසුකම් ගොඩ නැඟිය හැකි කාලයකි. නොසිතූ පැතිකඩක් තුළින් දියුණුව හටගන්නා කාලයකි. ජීවිතයේ බොහෝ අත්දැකීම් ලබා ගන්නා කාලයක් වේ.

සෞඛ්‍යය - බෙල්ල සහ උරහිස ප්‍රදේශය, හිස කේ උෂ්ණත්වය වැඩි වීම සිදුවේ. සෙම් ආශි‍්‍රත රෝග මට්ටම් හට ගැනීමේ අවස්ථා වැඩි බැවින් සවස් කාලවලදී ස්නානයෙන් වැළකි සිටීම වැදගත් වේ.

දෙනට නැකැත

 

ආර්ථිකය - ව්‍යාපාර කටයුතු කෙරෙහි යොමු වීමේ දී විශේෂයෙන්ම මූල්‍යමය වශයෙන් ශක්තිමත් විය යුතුය. අයවැය සමව පවතින කාලයක් නිසා සුරක්ෂිතව ඉටු කර ගැනීම කළ යුතුය. ණයට හෝ හිතවත්කමට ගනුදෙනු කිරීම නොකළයුතු කාලයකි. නව ව්‍යාපාර සරලසුම්, භූගත පතල් ආශි‍්‍රත ව්‍යාපාර වගා ක්ෂේත්‍ර කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකිවේ. ආර්ථික ලාභ ඉපයීමේ හැකියාව ඇත.

පවුල් ජීවිතය - යහපත් වූ කාලයකි. ගෞරවාන්විතව, සුබවාදීව කටයුතු කරන කාලයකි. සමාජය තුළ කැපී පෙනෙන කෙනෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇත. විවාහ වාධක දෝෂ අවසන් වේ. අපේක්ෂාවෙන් සිටියා වූ ආදරය හිමිවන කාලයකි.

අධ්‍යාපනය - අධ්‍යාපනයට අවහිරතාවයකින් තොරව අධ්‍යාපනය ළඟා කර ගත හැක. සෞඛ්‍යමය වශයෙන් එන්නා වූ රෝගාබාධ මතුවීමෙන් අධ්‍යාපනයට ගැටලු මතුවිය හැක. අතපසු වී ගිය අධ්‍යාපනය නැවත ප්‍රතිපූර්ණය කරගත හැකි කාලයකි. උදෑසන කාලයේ අධ්‍යාපනය කිරීමෙන් මතක ධාරණ ශක්තිය වැඩි කර ගැනීමට හැකිවේ.

සෞඛ්‍යය - කාර්ය බහුලත්වය හේතුවෙන් රෝග මතුවීමට ඉඩකඩ ඇත. වයෝවෘද්ධ මැදි වයසේ පසු වන්නකු නම් පපු ප්‍රදේශ ආමාශ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ආහාර රටාවට අනුව නිවැරැදි වේලාවට ලබා ගැනීම ද වැදගත් වේ.

 

සියාවස නැකැත

 

ආර්ථිකය - විදේශ විනිමය ඉපයීමේ හැකියාව ඇත. නව ව්‍යාපාර හා පිරිස් අතර නායකත්වයෙන් කටයුතු කිරීමට හැකි වේ. දේශපාලන වශයෙන් යහපත් වූ කෙනෙකු බවට පත්වීමේ හැකියාව ද ඇත. දේශපාලන වශයෙන් ආර්ථිකයත් හැසිරවීමට සැලසුම් කර කෙනෙකු නම් එය ශක්තිමත්ව නිර්මාණය කිරීමට හැකියාව ඇත.

පවුල් ජීවිතය - ඉතා යහපත් වූ සංකල්පයකි. සමාජ ආකර්ශනය, පෙනුම ශරීරයේ ස්වභාවය ඉහළ යන කාලයක් වේ. අලංකාර දේපළ වත්කම් හිමිවන කාලයකි. විවාහ දෝෂ, බාධා මඟ හැරී යන කාලයක් බවට පත්වේ.

අධ්‍යාපනය - ශක්ති සම්පන්න කාලයක් වේ. ඉහළ අධ්‍යාපනයට යොමු විය හැකි සාර්ථක මානසිකත්වයෙන් කටයුතු කළ හැකි කාලයක් වේ. විදේශ රටක අධ්‍යාපන සැලසුම් සාර්ථක වන කාලයක් නිර්මාණය වේ. මඟ හැරී තිබූ අධ්‍යාපනය නැවත සාර්ථක කිරීමට හැකිවේ. විෂයට පරිබාහිර වෙනත් කටයුත්තක් සැලසුම් කර ඇත්නම් එය ද සාර්ථක වේ.

සෞඛ්‍යය - හිස බර ගතියේ ස්වභාවය, හිස කේ කැඩීයාම, උෂ්ණත්වය වැඩි වීම ඉන් ආරක්ෂා වීම වැදගත් වේ. උෂ්ණ අඩු ආහාර ලබා ගැනීම තුළින් සෞඛ්‍යයට වන බලපෑම පාලනය කළ හැක.

 

පුවපුටුප නැකැත

 

ආර්ථිකය - දුරදිග නොසිතා කටයුතු කිරීමෙන් මුල්‍යමය පාඩු මෙන්ම චෝදනා ඇති විය හැක. ප්‍රශ්න කරදර එල්ල වේ. ආර්ථිකමය කටයුතු කිරීමේ දී ප්‍රවේශම් වීම වැදගත් වේ.

පවුල් ජීවිතය - ගෘහස්තය තුළ විවිධ ගැටලු මතු විය හැක. ආදරය පිළිබඳව පීඩනයකින් ආතතියකින් තොරව ගමන් කළ යුතුය. කලබලකාරී මනස තුළින් බොහෝ දේ අහිමි කරයි. ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු කාලයකි. දරුවන් කෙරෙහි දක්වන ආදරය කරුණාව වැඩි කළ යුතු වසරකි. ආවේගයෙන් පීඩනයෙන් ගැටලුවලට උත්තර නොසෙවිය යුතු කාලයකි.

අධ්‍යාපනය - අධ්‍යාපනය කල් නොදැමිය යුතු කාලයකි. අධ්‍යාපනය මාසික සංයමයකින් කටයුතු කිරීමෙන් අරමුණු ඉලක්ක ළඟා කර ගත හැකිය. අධ්‍යාපන කටයුතු දිගු වන ස්වභාවයක් පැවතීම තුළින් හැකිතරම් ඉක්මනින් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කළ යුතු වේ.

සෞඛ්‍යය - ආවේගය, අතතිය, පීඩනය, නොසන්සුන් බව අමතක වීම, සෞඛ්‍ය තත්ත්වයට මතුවේ. හිස බෙල්ල ප්‍රදේශය අතර කැක්කුම් ඇති වීමේ ස්වභාවය ඉහළයි. නිවැරැදි මානසිකත්වයෙන් කටයුතු කළ යුතු වසරකි.

 

උත්‍රපුටුප නැකැත

 

ආර්ථිකය - ගෞරව, නම්බු නාම ලැබෙන වසරකි. දේශපාලන වශයෙන් ඉතා ඉහළ අවස්ථා ප්‍රභූවරුන් ඇසුරට ලක් වීම, සමාජයේ කැපී පෙනෙන ආකර්ශනශීලී කෙනෙකු ලෙස කටයුතු කිරීමට හැකිවේ. නොසිතූ මිත්‍රයන්ගෙන් උපකාර ලැබෙන ආර්ථිකය යහපත් වන කාලයක් උදා වේ.

පවුල් ජීවිතය - විවාහ දෝෂ, ප්‍රමාද භාවයක් පැවතියේ නම් සාර්ථක කර ගත හැකි කාලයක් වේ. දරුවන්ගේ සතුට, පී‍්‍රතිය දකින දරුවන්ගේ දියුණුව දකින වසරක් වේ. අභියෝගතා කළමනාකරණය කර ගත හැකි වසරක් වේ.

අධ්‍යාපනය - බලාපොරොත්තු වූ අධ්‍යාපනය සැලසුම්කර දිනා ගැනීමට වාතාවරණය සැකසේ. ප්‍රමාද ගත වූ අධ්‍යාපනය පියවරෙන් පියවර ළඟා කර ගත හැකි කාලයක් වේ. අනාගතය තුළ අධ්‍යාපනයට තෝරා ගන්නා වූ විෂය පද්ධතිය තුළ ආර්ථිකයට වැදගත් වන අධ්‍යාපන ක්ෂේත්‍රයන් තෝරා ගැනීමේ බුද්ධිමත් වන වසරකි.

සෞඛ්‍යය - යහපත් වූ සෞඛ්‍ය රටාවක් පවතී. නිදන් ගත රෝග යටපත් වී නිරෝගිමත් වසරක් වේ. වයෝවෘද්ධ අවධියේ අයට පපු ප්‍රදේශයේ සහ උරහිස බාහු ආශි‍්‍රත රෝගවලින් පෙලෙන අය ප්‍රවේශම් වීම වැදගත් වේ.

 

රේවතී නැකැත

 

ආර්ථිකය - නව ව්‍යාපාරික දෘෂ්ඨියකින් ලෝකය දකින, නවෝත්පාදන බිහි කරන, මනා චින්තන ශක්තියකින් අනාගතය සැලසුම්කරන වසරකි. යහපත් වූ වසරකි. ගන්නා වූ තීරණ ලාභ දායි හා ඵලදායී තීරණ බවට පත්වේ.

පවුල් ජීවිතය - විවාහය, ආදරය සම්බන්ධයෙන් නිසි අය තොරගන්නා කාලයකි. ගෘහස්නය තුළ සමාජය තුළ ආදරයට හා ගෞරවයට පත්වන කෙනෙකු වීම වැදගත් වේ. යුතුකම් හා වගකීම් මනාව හසුරවමින් කුටුම්භය සුරක්ෂා කිරීමට වැර දැරීමෙන් ආශිර්වාදය හිමි වේ.

අධ්‍යාපනය - මඟ හැරී ගිය අධ්‍යාපනයට නැවත ප්‍රවිෂ්ඨවීමට කාලය, බර පීඩාවක් නොවී සැලසුම්කළ හැකි කාලයයි. සමාජය තුළ අවස්ථා, අධ්‍යාපනික රාමු පිළිබඳව ඥානය පහළ වන කාලයක් වේ. අධ්‍යාපනයට සාර්ථක වසරකි.

සෞඛ්‍යය - මානසික වශයෙන් සතුටින් සැහැල්ලුවෙන් සිටින කාලයකි. නිදන් ගත රෝග ඉස්මතු වේ. නිරන්තරයේ ව්‍යායාම භාවනා යොමු වෙමින්, සෞඛ්‍යය මැනවින් පවත්වා ගැනීම තුළින් යහපත් සෞඛ්‍යය රටාවකට හේතු වේ.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.