මේ සති‍ෙය් ලග්න පලාපල... ඔක්. 13 සිට 19 දක්වා

ඔක්තෝබර් 13, 2023

මේෂ

දරුවකු පිළිබඳ සතුටක්

 

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියක් වන අතර, මේ සතිය ඔබට මිශ්‍රඵලදායක බවක් පෙන්නුම් කරයි. සඳු ග්‍රහයාගේ ගමන 6, 7, 8 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. මානසික අසහනයට තුඩු දෙන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති යම් යම් අවහිරතා මඟ හැරී යන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

අධ්‍යාපනය

ප්‍රමාද වූ අධ්‍යාපනික කටයුතු කීපයක් නැවත ආරම්භවන ලකුණු පෙන්නුම් කරයි. නිතර පොත්පත් කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති කරයි. තරග විභාගවලින් ජය අත්කරන කාලයකි.

සෞඛ්‍යය

සෙම් රෝග, පපුව ආශි‍්‍රත ආබාධවලට තුඩුදෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවිය හැකි කාලයක් බැවින් වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ.

 

අය 06 වැය 03,

ජය අංකය - 04,

ජය වර්ණය - නිල්,

සුබ දවස - බදාදා බ්‍රහස්පතින්දා

 

වෘෂභ

විදෙස් ඥාති උපකාරයක්

 

පවුලේ කටයුතු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 5, 6, 7 යන භාවයන් මතින් සිදුවන බවක් පෙන්නුම් කරයි.

ගෘහ ජීවිතය

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. පවුලේ අය අතර පි‍්‍රයතාවයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයතු කරන සතියකි.

රැකියාව

වෙනදාට වඩා රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. අමතර වෙහෙසීම් ගෙනදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරයි.

අධ්‍යාපනය

අමතර වෙහෙසීම් ගෙනදෙන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. එමෙන්ම කණ්ඩායම් වැඩසටහනකට සහභාගිවීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. ගණිත අංශයේ කටයුතුවලින් ජයග්‍රහණ හිමි කරන සතියකි.

සෞඛ්‍යය

උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. වරින් වර හදිසි සෞඛ්‍යය පරීක්ෂණවලටද සම්බන්ධවීමට සිදුවන සතියකි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වන බවක් පෙනේ.

 

අය 07 වැය 03,

ජය අංකය - 09,

ජය වර්ණය - කොළ,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මිථුන

සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක්

 

සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා සාමකාමී ලෙස කටයුතු සිදු කරන කාලයකි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හේතු ඇති කරයි.

 

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ඇවිදිලි ඇති කරන සතියකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි. ව්‍යාපාරික කටයුතුවලින් වරින්වර ලාභ හිමි කරන බවක් පෙනේ. තනතුරු වෙනසකට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

හදිසි අධ්‍යාපන ජයග්‍රහණයකට හේතු ඇති කරයි. නිතර සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි ඇල්මක් දක්වන සතියකි. උසස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.සීතල ආහාර පාන ගැනීම, නිදි වැරීම, වැනි දෙයින් වැළැකී සිටීම යහපත් සතියකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන සතියකි.

 

අය 07 වැය 04,

ජය අංකය - 07,

ජය වර්ණය - දම්,

සුබ දවස - සිකුරාදා

 

කටක

විශ්වාසවන්ත ඇසුරක්

 

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තරමක් දුරට ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරන කාලයකි. හදිසි ලැබීම්වලට මාර්ග හිමි වුණත් ඒවාට බාධාගෙන දෙන කරුණු කීපයක් යෙදේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොකරයි. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු සැලසෙන බවක් පෙනේ.

රැකියාව

අතමිට සරු කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම ඇවිදිලි වැඩි කරන රැකියා කටයුතුවලට හේතු ඇති කරයි. රැකියා ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදු වෙයි.

අධ්‍යාපනය

දරුවකුගේ දක්ෂතා මැනවින් ඔප්නැංවෙන කාලයකි. කණ්ඩායම් වැඩසටහන්වලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වෙයි. විභාග ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා මතු කරයි. කොන්ද තුනටිය ආශි‍්‍රත ආබාධ මතුවිය හැකි කාලයකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට මුහුණ පෑමට සිදුවන සතියක් බැවින් කල්පනාකාරී වන්න.

 

 

අය 06 වැය 05,

ජය අංකය - 09,

ජය වර්ණය - කොළ,

සුබ දවස - බදාදා

 

සිංහ

උගත් දෙයින් ප්‍රතිඵල

 

උදාසීන ගති මඟහැරී යමින් සිතට අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයක් වන අතර, සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරන බවක් පෙන්නුම් කරයි.

ගෘහ ජීවිතය

හිතුවක්කාර ලෙස කටයුතු කීපයක් සිදු කිරීමෙන් පවුලේ ගැටලුකාරී බවක් ඇති වීමට ඉඩ ඇත. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇතිකරන කාලයකි. අසල්වැසි අමනාපයක් දුරදිග යන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. අන්‍යයන්ගේ සිත් දිනාගෙන රැකියා ස්ථානයේ කටයුතු කරන බවක් පෙනේ. අලුත් ආදායම් ලබන මාර්ගයකට අතගැසීමට කටයුතු උදා කරන සතියකි.

අධ්‍යාපනය

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුත්තකට වෙහෙසෙන කාලයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

 

අය 07 වැය 03,

ජය අංකය - 04,

ජය වර්ණය - කොළ,

සුබ දවස - බදාදා

 

 

කන්‍යා

සහෝදර උපකාරයක්

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ අමතර වෙහෙසීම් වැඩි කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළ යුතු කාලයකි. එමෙන්ම ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භයට කටයුතු උදා කරයි. දේපළ ගැටලුවක් සම්බන්ධව වෙහෙසෙන බවක් පෙනේ. වෙනදාට වඩා ගතට සිතට පීඩා අත්කරන බවක් පෙනේ. සහෝදර උපකාරයක් හිමිවන සතියකි.

රැකියාව

මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති රැකියා ස්ථිරවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි.

අධ්‍යාපන

ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට නොසිතූ බාධා පැන නැඟීමට ඉඩ ඇත. වෙනදාට වඩා උදාසීන ගතිපැවැතුම් ඇති කරන කාලයකි. නව අධ්‍යාපන පාඨමාලා හදාරන අයට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි මාර්ග උදා කරයි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. රුධිරගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා කෑමබීම ගැනීමේදී සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 04,

ජය අංකය - 07,

ජය වර්ණය - කහ,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

අමතර ලැබීම්

 

සතුට සැනසීමට බාධා කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 12, 1, 2 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ නොසන්සුන්කාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළ යුතු සතියකි. පවුලේ අය අතර සිත් නොහොඳකමකට කටයුතු උදා කරයි. වගකීම් බහුලවන කාලයකි. එහෙත් අමතර ලැබීමකට හිමිකම් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවිය හැකි කාලයකි. නිතර සිතේ චංචල බවකින් රැකියාවේ කටයුතු සිදු කරන සතියක් බව පෙනේ. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලින් යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකි බවක් පෙනේ.

අධ්‍යාපන

නිතර උදාසීන ගති ඇති කරන කාලයකි. මෙතෙක් කරගෙන ආ පාඩම් වැඩ කටයුතු කීපයක් අතරමඟ නවතා දැමීමට සිදුවේ. වෙනදාට වඩා පොත් පත් කටයුතු කෙරෙහි වගකීම් බහුල කරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් බවක් පෙන්නුම් කළත් වරින් වර යටපත් වූ අසනීප ගති මතුවන ලකුණු පෙන්නුම් කරයි. පැවැති වෙහෙස මහන්සිය අඩුවී යන සතියකි.

 

 

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

 

වෘශ්චික

ප්‍රධානීන්ගේ පැසසුම්

 

සැනසිලිදායක ලෙස සතිය උදාවූවත් වැයපස අධික කරන බවක් පෙන්නුම් කරයි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු සතියකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන සතියකි.

 

රැකියාව

රැකියාවේ කටයුතුවලින් විශේෂ වාසි කීපයක් සිදු කරයි. අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයක් සැලසෙන සතියකි. ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන කටයුතු කීපයක් සිදු කරයි.

අධ්‍යාපන

හදිසි තරග විභාගයකට සම්බන්ධවීමට සිදුවන සතියකි. අතපසු කටයුතු කීපයක් නැවත සාර්ථක කර ගැනීමට හැකි වෙයි. තාක්ෂණික අංශයෙන් අධ්‍යාපනය ලබන අයට සුබදායක සතියකි.

සෞඛ්‍යය

සෙම් පීඩා, උගුර ආශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි කාලයක් බැවින් නිතර එදිනෙදා කටයුතු සම්බන්ධ පරිස්සම් විය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි.

 

අය 07 වැය 05,

ජය අංකය - 07,

ජය වර්ණය - රතු,

සුබ දවස - සඳුදා

 

ධනු

දුර ගමනක්

 

වගකීම් බහුල කරමින් ආරම්භ කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධව පැවැති අවිවේකී බව මඟහැරී යන සතියකි. ගේදොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ මෙතෙක් පැවැති වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වෙයි. මෙතෙක් උදාසීන ලෙස කරගෙන ආ කටයුතු කීපයක් නැවත සාර්ථක කරන බවක් පෙනේ. විදෙස් රැකියා මාර්ග කෙරෙහි උනන්දුවක් දක්වන කාලයකි.

අධ්‍යාපනය

කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. එමෙන්ම දැනුම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරන කාලයකි.

සෞඛ්‍යය

ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. නිතර හටගන්නා පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. කෑමබීම ගැනීමේදී පරිස්සම්වන්න.

 

අය 07 වැය 05,

ජය අංකය - 02,

ජය වර්ණය - තැඹිලි,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

මකර

සෞන්දර්ය කටයුතුවලට සම්බන්ධ වේ

මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මවුපිය උරුම හිමිකමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. රහසිගත ගමනකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. සහකරු හෝ සහකාරිය අතර ඇතිවන මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. නිතර ප්‍රධානීන් සමඟ මතභේදකාරී බවක් ඇති කර ගනී. වගකීම් බහුලවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකම සම්බන්ධවීමට සිදුවන සතියකි. නිතර සෞන්දර්යාත්මක කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් හිමිවිය හැකි සතියකි.

සෞඛ්‍යය

පැවැති සුළු සුළු අසනීප ගති මඟහැරී යයි. රුධිරගත සීනි මට්ටම අඩුවී යන බවක් පෙන්නුම් කරයි. එහෙත් වරින් වර ඇතිකරන අජීර්ණ ආබාධයක් හේතුවෙන් ගැටලු කීපයක් මතුවීමට ඉඩ ඇත.

 

 

අය 07 වැය 05,

ජය අංකය - 05,

ජය වර්ණය - ළා,

සුබ දවස - බදාදා

 

කුම්භ

විභාග ජයග්‍රහණයක්

 

මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දියුණුව සම්බන්ධ කටයුතු කීපයක් අතරමඟ නවතා දැමීමට සිදුවන කාලයකි. දුර බැහැර ගමන් යෙදෙන සතියක් වන අතර, නීතිමය ගැටලුවකට ද මුහුණපෑමට සිදුවෙයි. ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර වෙහෙස ඇති රැකියා මාර්ගවලට හිමිකම් ඇතිකරයි. අමතර ආදායම් මාර්ග හිමිවන රැකියා කටයුතුවලින් දුරස්වීමට සිදුවන සතියකි.

අධ්‍යාපන

මෙතෙක් පැවැති අසහනකාරී බව මඟ හැරී යන බවක් පෙනේ. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවිය හැකි කාලයකි. ලිපි ලේඛන ගැටලුවක් හේතුවෙන් වෙහෙසට පත්වන කාලයකි.

සෞඛ්‍යය

නිතර වෙහෙස මහන්සිවීමට සිදුවන කාලයක් වන අතර, නියමිත වෙලාවට කෑම බීම නොගැනීමෙන් ගැටලු කීපයකට මුහුණපායි. වරින් වර ඇති කරන ක්ලාන්ත ගති හේතුවෙන් ප්‍රතිකාර පතන කාලයකි.

 

අය 06 වැය 04,

ජය අංකය - 04,

ජය වර්ණය - නිල්,

සුබ දවස - සඳුදා

 

මීන

දියුණුවට කටයුතු උදාකරයි

 

මනසට පීඩාකාරී සිතිවිලි හේතුවෙන් වෙහෙසක් ගෙන දෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

බලාපොරොත්තුවක් ඉටුවීමෙන් සිතේ සතුට ඇති කරයි. නිතර පවුලේ අයගෙන් උදවු උපකාර පැතීමට සිදුවන කාලයකි. දියුණුව සම්බන්ධ විශේෂ බලාපොරොත්තු කීපයක් ඇති කරයි. අමුත්තකුගේ පැමිණීමක් සිදුවන සතියකි.

රැකියාව

රැකියාවේ තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයකි. නිතර නායකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වෙයි. ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට සුබදායක සතියකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමෙන් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. ඒ සම්බන්ධ පවුලේ අයගෙන් තමාට ප්‍රශංසා හිමිවන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් නිවෙසින් බැහැරව සිටීමට සිදුවේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. හදිසි කැපීම් කෙටීම් වැනි සුළු සුළු තුවාල සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් පසුවන්න. සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වන කාලයකි.

අය 06 වැය 03,

ජය අංකය - 09,

ජය වර්ණය - කොළ,

සුබ දවස - බදාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.