12 වැනි භාවයේ කතාව

ඔක්තෝබර් 13, 2023

ජන්ම පත්‍රයක 1 වැනි භාවයේ සිට එකතුකරගෙන ආ දේවල් එනම්, 11 වැනි භාවය දක්වා ලැබීම හෙවත් අයස්ථානයේ ඇති දේවල් සියල්ල 12 වැනි භාවය මගින් ඉවත් කරයි. ඒ නිසා එය ජන්මියාගේ වැය ස්ථානය වෙයි. එනම්, ආයෝජන සහ තැන්පත් කිරීම් සඳහා ද මේ භාවය ක්‍රියාත්මක වන හෙයින් 12 වැනි භාවය, හැම විටකම අසුබ භාවයක් වන්නේ නැත.

ජන්ම පත්‍රයක සෑම භාවයකට 12 වැනිව ඇති භාවය, මුල් භාවයේ ප්‍රතිඵල විනාශ කරයි.

ඒ නිසා 12 වැනි භාවය මඟිින්, ලග්න භාවයේ ප්‍රතිඵල විනාශ කරයි.

මේ ජන්ම පත්‍රය හිමි අයගේ බලාපොරොත්තු කඩවීම් සම්බන්‍ධයෙන්, ජන්ම පත්‍රයේ 12 වැනි භාවය සමඟ අදාළ භාවයන් පරීක්‍ෂා කරමු. ක්‍රිස්තු වර්ෂ 1999 අප්‍රේල් මාසයේ 26 වැනි දින පෙරවරු 11.35.00 ට උපත ලද අයෙකි.

12 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයාගේ නිවේදකත්ය අනුව, ජන්මියාගේ වැය වීම සිදුවන ආකාරය අඳුනා ගත හැකි වෙයි. 12 වැනි භාවය බුධ හිමි මිථුන රාශියේ කුජගේ නක්‍ෂත්‍රයේ සිකුරු හිමි උපස්ථානයකය. උපස්ථානය හිමි සිකුරු ග්‍රහයා 4 වැනි සහ 11 වැනි භාව අධිපතිව 11 වැනි භාවයේ සහ ස් හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි.

ග්‍රහයා 1 වැනි සහ 2 වැනි භාව අධිපතිව 2 වැනි භාවයේ තැන්පත්ව සිටියි. ඒ අනුව මේ ජන්මියා ගොඩනැගිලි සහ යාන වාහණ වෙනුවෙන් ධනය වැය කරන අයෙකු ලෙස පෙනෙයි.

ක්‍රිස්තු වර්ෂ 2023 පෙබරවාරි මාසයේ 01 වැනි දින මේ ජන්මියාගේ ව්‍යාපාරයට හානි සිදුවී ඇත. මෙදින ජන්මියා ගත කරමින් සිටියේ, කුජගේ මහ දශාවේ ගුරුගේ භුක්තිය සහ රාහුගේ අන්තරයයි, දශාව අධිපති කුජ ග්‍රහයා, 1, 4, 5 සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයා විය. කුජ ග්‍රහයා, තැන්පත්ව සිටියේ රාහුගේ නක්‍ෂත්‍රයකය. රාහු 1, 3, 9 සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයා විය. මේ අනුව, 1, 4, 5 සහ 10 වැනි භාව පෙන්වන දේවල් ප්‍රභවය වෙමින්, 1, 3, 9 සහ 12 වැනි භාව සම්බන්‍ධ දේවල් ක්‍රියාත්මක වෙයි.

භුක්තිය අධිපති ගුරු ග්‍රහයා, 3, 6, 9 සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයා විය. ගුරු ග්‍රහයා,

තැන්පත්ව සිටියේ බුධගේ නක්‍ෂත්‍රයකය. බුධ 3, 7, 8, 9, 10 සහ 12 වැනි භාව නිවේදක

ග්‍රහයා විය. මේ අනුව, 3, 6, 9 සහ 12 වැනි භාව පෙන්වන දේවල් ප්‍රභවය වෙමින්, 3,7, 8, 9, 10 සහ 12 වැනි භාව සම්බන්‍ධ දේවල් ක්‍රියාත්මක වෙයි.

අන්තරය අධිපති රාහු ග්‍රහයා, 1, 3, 9 සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයා විය. රාහු ග්‍රහයා, තැන්පත්ව සිටියේ බුධගේ නක්‍ෂත්‍රයකය. බුධ 3, 7, 8, 9, 10 සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයා විය. මේ අනුව, 1, 3, 9 සහ 12 වැනි භාව පෙන්වන දේවල් ප්‍රභවය වෙමින්, 3, 7, 8, 9, 10 සහ 12 වැනි භාව සම්බන්‍ධ දේවල් ක්‍රියාත්මක වෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.