ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ රත්රන් නීතිය පාලක ග්‍රහයෝ

නොවැම්බර් 10, 2023

ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයාණුකූලව බලනවිට සෑම මොහොතක්ම ග්‍රහයන් සමූහයගේ පාලනයට යටත් වෙයි. ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්‍ද්‍රයක යම්කිසි කාරණයක් සම්බන්‍ධයෙන් විමසීමක් කරනු ලබන අවස්ථාවකදී මතුවන පාලක ග්‍රහයන් එහි ආරම්භය සිදුවූ අවස්ථාවේදී සහ අවසන් ක්‍රියාකාරිත්වය ඇතිවන විටදී ද මතුවන්නේය. යම් කිසි කාරණයක ආරම්භය සිදු වූ අවස්ථාවේදී මතු වූ පාලක ග්‍රහයන්ගේ සංයුතියක් නැවතත් ඇතිවනතුරු එම කාරණය සම්බන්‍ධ වෙනත් පියවරක් සිදු නොවෙයි. බාධක හෝ ප්‍රමාදවීම් යෙදේ. නැවත ඔවුන්ගේ සංයුතියක් ඇතිවන කල්හි තව පියවරක් ඉදිරියට යාම හෝ කාර්‍යය සිද්ධිය ඇති වෙයි.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ රත්රන් නීතිය පාලක ග්‍රහයන් වෙයි.

ජන්ම පත්‍රයක් හෝ තත්කාල කේන්‍ද්‍රයක් විග්‍රහ කිරීමේදී පාලක ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වය අතිශයින් වැදගත් බව අප දනිමු.

ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියේ මූලික වශයෙන් පාලක ග්‍රහයන් 5 දෙනෙකු වෙති.

ඒ මෙසේය,

1 . දිනාධිපති ග්‍රහයා,

2. සඳු ග්‍රහයා තැන්පත්ව සිටි රාශිය අධිපති ග්‍රහයා,

3. සඳු ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා,

4. උදා ලග්නය අධිපති ග්‍රහයා සහ

5. උදා ලග්න නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා වෙති.

යම් මොහොතක පාලක ග්‍රහයන් බලවත් වන්නේ මෙසේය.

1. බලවත්ම පාලක ග්‍රහයා වන්නේ අදාළ මෙහොතෙහි උදාවෙමින් පැවති ලග්නයේ

නක්‍ෂත්‍ර ප්‍රදේශය පාලනය කළ ග්‍රහයාය.

2. ඊළඟට බලවත් පාලක ග්‍රහයා වන්නේ අදාළ මෙහොතෙහි උදාවෙමින් පැවති

ලග්නය පාලනය කළ ග්‍රහයාය.

3. තෙවැනිව බලවත් පාලක ග්‍රහයා වන්නේ අදාළ මෙහොතෙහි සඳු ග්‍රහයා ගමන්

කරමින් සිටි නක්‍ෂත්‍රය පාලනය කළ ග්‍රහයාය.

4. සිවුවැනිව බලවත් පාලක ග්‍රහයා වන්නේ එම සඳු ග්‍රහයා ගමන් කරම්න් සිටි රාශිය

පාලනය කළ ග්‍රහයාය.

5. බලවත් බවින් අඩුම පාලක ග්‍රහයා අදාළ දිනය අධිපති ග්‍රහයා වෙයි.

 

ක්‍රිස්තු වර්ෂ 2023 පෙබරවාරි මාසයේ 24 වැනි දින පෙරවරු 09.10 ට සකස් කළ තත්කාල

සටහන මෙසේ වෙයි. මේ තත්කාල සටහනෙහි ලග්න ස්ඵූඨය සහ සඳුගේ ස්ඵූඨය මෙසේ වෙයි.

ලග්න ස්ඵූඨය මීන 28 03 18

ස්ගේ ස්ඵූඨය මේෂ 03 11 04

ඒ අනුව මෙම අවස්ථාවෙහි මතුවූ පාලක ග්‍රහයෝ් මෙසේ වෙති.

1. දිනය අධිපති ග්‍රහයා සිකුරු,

2. සඳු ග්‍රහයා සිටි රාශිය අධිපති ග්‍රහයා කුජ,

3 සඳු ග්‍රහයා සිටි නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා කේතු,

4 ලග්නය අධිපති ග්‍රහයා ගුරු සහ

5. ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා බුධ,

දැන් පාලක ග්‍රහයන් පස් දෙනෙකු වෙති. පාලක ග්‍රහයන් අතරෙන් ලග්නයේ නක්‍ෂත්‍රය

අධිපති ග්‍රහයා වඩා බලවත්ම ග්‍රහයා වන බව ඉහත සඳහන් කර ඇත, එවිට මොවුන්

අතරින් බලවත්ම පාලක ග්‍රහයා වන්නේ ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති වන බුධ ග්‍රහයාය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.