ජනවාරි මාසයේ උපන් පෞද්ගලික අංක 4, 5, 6 හිමි ඔබ ගැනයි...

ඔක්තෝබර් 20, 2023

දෙසැම්බර් 31 සහ ජනවාරි මාසයේ 4, 13, 22 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර මොවුන් යුරේනස් රවි සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. මොවුන් සාම්ප්‍රදායකත්වයෙන් මිදි කටයුතු කරන අතර නිර්මාණාත්මක සැලසුම් ලෝකය හමුවේ ඉදිරිපත් කරයි.

අනිත් අයගේ සැලසුම්වලට මොවුන් කොටස්කාරයන් වන්නේ නැත. හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන පුද්ගලයන්ය. නමුත් දුෂ්කරතා ගිළී පවතින මොවුන්ගේ ගමන් මඟ අනිත් අයගේ විරෝධතා හේතුවෙන් තව දුරටත් දුෂ්කර වීමට ඉඩ ඇති බැවින් ඉවසිල්ලෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. දෛව්‍යයේ ඉහළ පහළ යාම පිලිබඳව හොඳ වැටහීමක් මොවුන් සතුය. කෙසේ වෙතක් වයස අවුරුදු 3, 8, 13, 17, 22, 26, 31, 35 යන වර්ෂයන් අතිශය දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. එම නිසා මේ වයස් සීමාවන් එන වර්ෂයන්හි විවාහය ව්‍යාපාර ආදි සුබ කටයුතු ආරම්භ කිරිමෙන් වැළකි සිටිම නුවනට හුරුය. ආර්ථිකය වශයෙන් දියුණුවක් ලබා ගැනීම කැපවිය යුතුය. අතෙහි මුදල් ඉතිරි වන්නේ නැත. එම නිසා මුදල් ඉතිරි කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් ජීවිතයේ අවසාන භාගයේ ප්‍රයෝජනයට මුදල් ඉතිරි නොකළොත් දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවේ.

මේ දිනවල උපන් පුද්ගලයින් හොඳ කායික සෞඛ්‍යයකින් උපදින නමුත් ජිවත් වන පරිසර තත්ත්වයන් අනුව වෙනස් වීමට පුළුවන. එසේම දෙපා සහ පතුල් අනතුරට ලක්විය හැකිය. බොහෝ දුරට මරණය සිදුවන්නේ ප්‍රචන්ඩත්වයෙන් හෝ අනතුරකිනි. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම 1, 2, 7, 10, 11, 16, 19, 20, 25, 29 යන දිනයන් හෙවත් අංක 1, 2, 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. කහ රන්වන් වර්ණයේ ප්‍රභේද සුබ වර්ණ වේ.

ජනවාරි මාසයේ 5, 14, 23 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධට අයිති වේ. එසේම මොවුන්ගේ උපත සිදුවුයේ ජනවාරි මාසයේ නිසා බුධ ග්‍රහයාට අමතරව ශනි ග්‍රහයාගේ බලපෑමට යටත්වේ. නිරන්තරයෙන්ම ඔවුන් මුහුණ පාන ගැටලුවක් වන්නේ මොවුන්ගේ දක්ෂතාවලට සරිලන රැකියාවක් සොයා ගැනීමයි. එසේම රැකියාව කිහිපවරක්ම වෙනස් කිරිම මොවුන් සිදුකරයි. සංචාරයට කැමතිය. එමනිසා ලෝකයේ බොහෝ ස්ථාන

ගවේෂණය කරයි. බුධ ශනි සංයෝගය නිසා පොත් පත් කියවීම ප්‍රිය කරයි. නව නිර්මාණ පිළිබඳවත් ගුප්ත ශාස්ත්‍ර පිළිබදවත් උනන්දුවක් දක්වයි. එවායින් ප්‍රථිපල ලබා ගැනීම සඳහා ප්‍රායෝගික සිතුවිලි වෙනස් කර ගත යුතුය. ජීවිත කාලය පුරා වරින්වර කලකිරිමට පත්විය හැකි බැවින් ජිවිතය ගැන නිවැරැදි වටහා ගැනීමක් ඇතිකර ගන්න.

ජනවාරි මාසයේ පෞද්ගලික අංක 5 පුද්ගලයින් මුදල් කටයුතු වලදි ඉතා පරිස්සම්කාරිව කටයුතු කරයි. ණය මුදල් ලබා ගන්නේ ම නැති තරම්ය. ආයොජන සඳහා අනවශ්‍ය ප්‍රවේශම්කාරි ස්වභාවය නිසා යොමුවන්නේ නැත. ඒ නිසා ඒ පිළිබදව අවධානය යොමු කර තමාට වාසි සහගත තත්ත්වයන්ගෙන් ප්‍රයෝජන ගත යුතුය. හොඳ ශාරිරික ශක්තියක් සහජයෙන්ම මොවුන්ට උරුමය. එහෙත් ස්වභාවයෙන්ම වරින් වර ඇතිවන කලකිරිම් තත්ත්වයන් නිසා අහාර ජීර්ණ පද්ධතියේ රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. ඒ වගේම ඔබේ දනහිස් සන්ධි අසනීප අපහසුතා ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිය යුතුය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම් 5, 14, 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කර ගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.

ජනවාරි මාසයේ 6, 15, 24 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර මොවුන් සිකුරු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. සිකුරුගේ පැමිනීම නිසා ජනවාරි මාසයේ දුෂ්කරතාවයන් වඩාත් වාසි සහගත ආකාරයට සමනය කරනු දැක ගතහැකි වේ. මොවුන් දිවිගම තුළ ආදරය කිරිම ආදරය ලැබීම මෙන්ම විවාහය යන කාරණාවන් සඳහා වැදගත් ස්ථානයක් ලබාදේ. එමෙන්ම විරුද්ධ ලිංගිකයන් නිසා සියලු ලැඛිම් මොවුනට ලැබේ. එම නිසා ඔවුන් නිසාම ජීවිතයම සිදුවීම් බහුල වේ. සාහිත්‍ය සංගීතය වැනි කලා නිර්මාණයන් සඳහා ඔවුන් ප්‍රමුඛස්ථානය ලබාදේ. මේ අයගේ ජීවිතයේ මුල් කාලයේ එනම් වයස අවු 35 දුෂ්කරතා බහුල වේ. මේ දුෂ්කරතා ඇති වන්නේ ඔවුන්ගේ ඥති සම්බන්ධතා මෙන්ම ස්වකීය අභ්‍යන්තර අවයවවල හට ගන්නා ආබාධ නිසාය.

මොවුන් කෙතරම් අවස්ථා යෙදුණත් මුදල් ඒකරාශි කර ගැනීම අඩුය. නමුත් ධනවත් වීමේ සියලු ලකණු පෙන්නුම් වේ. එසේම ජීවිතයේ අවසන් කාලයේ මුදල් මොවුන් ඒකරාශි කර ගනි. හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන නමුත් ගින්නෙන් මෙන්ම රිය අනතුරු සිදුවිය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කළ යුතුය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6, 15, 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරි වේ. සියලුම නිල් පැහැයේ වර්ණ සුබ වර්ණ වේ.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.