වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 4,5,6 හිමි ඔබ ගැනයි...
දෙසැම්බර් 15, 2023
මාර්තු මාසයේ 4, 13, 22, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
ඉතාම දුක්ඛිත ළමා කාලයක් උරුමකර ගනිමින් මෙම දිනවල පුද්ගලයන් උත්පත්තිය ලබයි. දෙමාපියන්ගෙ ආදරය අහිමිවීම අධ්‍යාපනය බිඳ වැටීම, ආනාරක්ෂිතවීම වැනි දුෂ්කරතාවලට බහුලව ඔවුන්ට මුහුණ දීමට සිදුවන කාරණාය. ප්‍රබල විවේචනයන්ට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. පවුලේ නෑදෑ හිතවතුන් නිසා පීඩාවට පත්වේ. එසේම මෙදින උපන් අයවලුන් ගූප්ත ශාස්ත්‍ර හැදෑරීම අධ්‍යයනය කිරිම වැනි කාරණාවන් සම්බන්ධයෙන් විශේෂ කැමත්තක් දක්වයි. තවද ගුප්ත විද්‍යානුකූල අත්දැකිම් ජිවිත කාලය පුරාවට ග්‍රහණය කර ගන්නා අතර නමුත් ඒ සියලු දේම රහසක් වශයෙන් තබා ගැනීම මොවුන්ගේ සිරිතයි. හොඳ ඉවසීමේ ගූණයක් මොවුන් සතුය. මුදල් කටයුතුවලදි ප්‍රවේසම්කාරි ලෙස කටයුතු කිරිම දැකිය හැකිය. සියලු ආකාරයේ මුදල් ඔට්ටු තැබීම මොවුනට සාර්ථක වන්නේ නැත. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකු විශ්වාස නොකළ යුතුය. එම ස්වභාවය ඔවුන් තුළ පවතින බැවින් ගැටලු ඇති නොවේ. බොහෝවිට ආර්ථිකය උරුමයක් ලෙස ලැබෙනු ඇත. පැරණි භාණ්ඩ එකතු කිරීමට කැමැත්තක් දක්වයි.
මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 2 7 10 11 16 19 20 25 29 යන දිනයන් හෙවත් අංක 1 2 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන් පැහැය කහ තඹ රන් දුබුරු පැහැය සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 5, 14, 23, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
මෙම දිනවල උපන් අය ස්වභාවයන් දෙකක් යටතේ හඳුනා ගත හැකිය. සමහර විට පූර්ණ දුර්වලතාවයන්ට පත්වු සහ ඉතා සාර්ථක පුද්ගලයන් ලෙස හඳුනාගත හැකිය. මෙය තිරණය වන්නේ ඔවුන් ඔවුන්ගේ ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය මතයි. මොවුන් ස්වකීය ශක්තිමත් පාර්ශ්වය දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් සෑම දුර්වලකමක්ම මේ අය ඔවුන්ගේ වාසියට පවරාගනු ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලදි අවදානම් භාර ගැනීමේ ස්වභාවයක් මේ අය වෙත පවති. තවද සූදු සහ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමවේද කෙරෙහි සොයා බලනු ඇත. නමුත් ආර්ථිකය ඉතා ප්‍රබල ලෙස දෝළනය වේ. පදිංචි නිවෙස නිතර නිතර වෙනස් වේ. සංචාරයන් සඳහා විශේෂ කැමැත්තක් මොවුන් තුළ පවති. විවිධ ප්‍රදේශ සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ දැනීමක් ඔවුන් සතුවේ. වසරේ මෙම කාලයේ උපන් අය ඉතා ඉහළ දක්ෂතාවලින් යුක්ත නමුත් ඔවුන් පොහොසතුන් ලෙස මිය යන්නේ නැත. විශාල ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීම දැකිය හැකිය. නමුත් පූර්ණ බලය තමා අතින් ගිලිහි ගිය හොත් ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මෙම දිනවල උපන් අයට ස්නායු සම්බන්ධ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම්, 5 14 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 6, 15, 24, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.
මෙම දිනවල පුද්ගලයන් ඉතාමත් හැඟීම්බර පුද්ගලයන් වන අතර අසරණ දුක්විදින සහ ආබාධිතයන් පිළිබඳ ව දැඩි කැරණාවක් ආදරයක් දක්වනු ඇත. එසේම විශේෂයෙන් එවැනි පුද්ගලයන්ට උදව් උපකාර කිරිම මොවුන් අතින් සිදුවේ. බොහෝ යහලුවන් පිරිසක් මොවුන් වටා රොක්වන අතර සමාජශීලි භාවය ඉහළින්ම දැකිය හැකිය. කලා කටයුතුවලට විශේෂ හැකියාවක් දක්වන අතර හොටෙල් කේටරින් සේවාවන් සහ ආහාර සැපයීම සම්බන්ධ සියලු ම අවස්ථාවලට මොවුහු රුචි වෙති.ආදරය සම්බන්ධ කටයුතුවලදි ගැටලු මතුවේ.ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකිය. එසේම එක් විවාහයකට වඩා සිදුවිය හැකිය. බලාපොරොත්තු නොවන ධනලාභ ලැබීමේ වසනා ගුණයක් උත්පත්තියෙන්ම මොවුන්ට උරුමය. ජීවිතයේ ආරම්භයේ සිටම හොඳ සෞඛ්‍ය තත්වයක් පවතින නමුත් සුඛෝපභෝගි ජිවිතය නිසා සෞඛ්‍ය අවධානමකට ලක්වේ. මෙහිදි ක්‍රමයෙන් කොලොස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනය සහ හෘද්‍යාබාධ වලටත් තුඩු දෙනු ඇත.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6 15 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. වයලට්, දම් සුබ වර්ණ වේ.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්ෂක,
හස්ත රේඛා පරික්ෂක,
මාතලේ නාඋල
බී. ඒ. ජයවර්ධන
෴ සබැඳි ලිපි ෴
රාජ්‍ය තන්ත්‍රෙය් ඵලදායි පෙළගැස්මක් සෞඛ්‍ය, අධ්‍යාපන, සමෘද්ධියට නව ගමන් මඟක් ඇරැඹේඋද්ඝෝෂණ කැලඹිලි විරෝධතා නිර්මාණය වීම දුර්වල වේධනයෙන් බලයෙන්...
2022-08-18 18:30:00
මෙහි පළමු කොටස පසුගිය සතියේ පළවිය..බුධ - බුධ ග්‍රහයා විසින් මිනිසාගේ කුඩා මොළය කථනයට සහ ශ්‍රවණයට සම්බන්ධ ඉන්ද්‍රයන් වන මුඛය, දිව, සහ කන යන ඉන්ද්...
2022-08-11 18:30:00
කාලගුණික හා දේශගුණික හදිසි අනතුරු විපත් බහුල වීමට වැඩි ඉඩක්බාලවයස්කාර දරුවන් රැකගත යුතු කාලයක්සතුට සැනසුම දුරස්ථවන බවක්මේෂ,කටක,තුලා,මකර -රුචක යෝගයද...
2022-08-11 18:30:00
වෘෂභ ලග්න හිමියා අන්‍යයන්ට උපකාර කරයි. කරදරකාරි අවස්ථාවලදී මොහු ඔහුට පිහිට වෙයි. සිකුරු ලග්නාධිපති නිසාම තමා සෞන්දර්යවාදියෙක් වෙයි. අධිෂ්ඨානශීලිය....
2022-08-04 18:30:00
කාල සර්ප යෝගය ගැන පාඨකයින් කතා බහ කරන්නට පටන් ගත්තේ ඡ්‍යොතිෂ පත්‍ර බිහිවීමෙන් පසුවය. ඊට පෙර මේ ගැන කිසිදු කතාබහක් නොතිබිණි. හැටේ දශකය කාල සර්ප යෝගයේ...
2022-08-04 18:30:00
රාශි චක්‍රයේ පස්වන රාශිය ලෙස හඳුන්වන සිංහ රාශිය පුරුෂ රාශියක් ලෙස හඳුන්වන අතර රවි ග්‍රහයා අධිපති ග්‍රහයා වේ.එඩිතර කාර්යය සූර ආත්ම ශක්තියෙන් යුතු අය...
2022-07-28 18:30:00
ඡ්‍යොතිෂය ආරම්භයේදීම යන්ත්‍ර විද්‍යාව, ගුප්ත විද්‍යාව, නිමිති විද්‍යාව, වාස්තු විද්‍යාවන් වගේ ශාස්ත්‍ර ආරම්භ වුණා. මේ ශාස්ත්‍ර හැම එකක්ම බුද්ධාගමට...
2022-07-28 18:30:00
ජනතාව මෙන්ම පාලක පක්ෂය දූරදර්ශීව කි‍්‍රයාකළයුතු කාලයක්අද සිට දින 119ක් පුරා සුරගුරු වක්‍රවීම සිදුවෙයිජනජීවිතය අභියෝගාත්මකයිදක්ෂිණායන වර්ෂා ඍතුවෙහි...
2022-07-28 18:30:00
කටක යන වචනයේ තේරුම කකුළුවා යන්නයි. කටක ලග්නයට අධිපති සඳු ග්‍රහයා වන අතර රාශි දොළහේ හතර වැන්න කටක රාශියයි. කටක ලග්නය සෞම්‍ය රාශිය හෙවත් ස්ත්‍රී...
2022-07-21 18:30:00
ජූලි මස 16 වෙනිදා සිට අගෝස්තු මස 17 දක්වා රාජ්‍ය කාරක රවි කටක රැසෙහි ගෝචරය වන කාල සීමාවේ දී, එනම් රවි ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයෙහි සතුරු ස්ථානයක්...
2022-07-21 18:30:00
ඔන්න ආයෙමත් කෝණ මාස ගෙවී අවසන්. දැන් ඉතින් ආයෙමත් සුබ කටයුතු, විවාහ කටයුතු සුදානම් වෙන වෙලාව. කට්ටිය පොරොන්දම් ග්රහපිහිටිම් පරික්ෂාවල් එහෙම කරගන්න...
2022-07-21 18:30:00
දැනටමත් ඔබ විවාහපේක්ෂකයකු නම් ඔබේ ලග්නය කුමක් වූවත් ලග්නය 1 ලෙසින් සලකා වමට ගනින්න. හත අධිපතියා කුජ නොවී සිකුරු සමඟ 1, 4, 7, 12 යන තැනක සිටියහොත් ඔබේ...
2022-07-21 18:30:00
මිනිසාගේ පාලනය ග්‍රහයින් නිසා සිදුවෙන බවක් සිතිය හැක. පෙර කර්ම ශක්තියත් උපයෝගී වෙන බවත් අපට පෙනේ. පෙර නවග්‍රහයින් ලෙස සැලකූ ග්‍රහ වලල්ල අද දොළොස් ග්...
2022-07-14 18:30:00
අනාදිමත් කාලයක සිට මිනිසාගේ සැලකිල්ලට යොමුවූ තවත් අංශයකි දේහ ලක්ෂණ විද්‍යාව. කෙනෙකු දුටු පමණින් ඔහුගේ හෝ ඇයගේ ශරීර අංග පිහිටා ඇති ආකාරය අනුව ඔවුන්ගේ...
2022-07-14 18:30:00
ඡ්‍යොතිෂ් ශාස්ත්රයේ ඉතාමත් වැදගත් පාඩමකි පොරොන්දම් පරීක්ෂාව. තවද කිසියම් අවිවාහක යුවළකගේ වැදගත් සන්ධි ස්ථානයක් කිවුවත් වැරදි නැහැ. පොරොන්දම්...
2022-07-07 18:30:00
ඇඹිලිපිටිය උඩවලව ප්‍රදේශයේ නක්ෂත්රය ගැන දැනුමක් ඇතුව සිටි හපන්වි ආතා නමැති පැරණි ගොවි මහත්තයෙක් ලද අත්දුටු සිදුවීම් මීට වර්ෂ කීපයකට ඉහත මා වෙත සපයන...
2022-07-07 18:30:00