වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
යන්ත්‍ර දැමීමෙන් පිහිටක් ලැබේද?
ඡ්‍යොතිෂය ආරම්භයේදීම යන්ත්‍ර විද්‍යාව, ගුප්ත විද්‍යාව, නිමිති විද්‍යාව, වාස්තු විද්‍යාවන් වගේ ශාස්ත්‍ර ආරම්භ වුණා. මේ ශාස්ත්‍ර හැම එකක්ම බුද්ධාගමට සාපේක්ෂයි එකඟයි. බුද්ධාගම කිව්වේ නැතිනම් පැහැදිළි කළේ යහපත් ජීවිතයක් හැඩගහගන්නට මඟ පෙන්වීමක් මිස නීතිරීතිවලට ගැතිව ආධ්‍යාත්මික ගමන් මාර්ගයක් නොවේ.
එක එක ආගම්වල එක එක නීති රීති පෙන්වනවා. බොහෝ ආගම්වල කිසියම් කෙනෙකුගේ යම්කිසි පව් සමා කරගැනීමක් පෙන්වනවා. ඒ හැම එකකට වගේ ඔවුනොවුන්ගේ ශාස්තෘවරයන් වහන්සේලා ඔවුන් විසින් වැළඳ ගැනීමක් තිබෙනවා. මොකද ඔහු තමන්ගේ ගැලවුම් කාරයා නිසා. බුද්ධාගමේ එහෙම නැහැ. මඟ පෙන්වීමක් විතරයි. ඒක නිසාමයි කිව්වේ “මනෝ පුබ්බං ගමා ධම්මා - මනෝ සෙට්ටා මනෝමයා” කියලා.
උපන් වේලාව අනුව නැඟෙනහිර ක්ෂිතිජයෙන් උදාවී ඇති රාශිය ජන්මියාගේ ලග්නය වනවා. ඒක 9 කට බෙදුවාම නවාංශකය කියනවා. ඒ වටා ඉතා වේගයෙන් කැරකෙන ග්‍රහ පද්ධතියකින් කිරණ විශේෂයක් විහිදෙනවා. ඉන් ප්‍රතිඵලයක් වශයෙන් ඕනෑම ජන්මියකුට යහපතක් හෝ අයහපතක් සැලසෙනවා. විශ්ව ශක්තිය කිව්වේ ඒකයි. ඒ විශ්ව ශක්තිය නැත්නම් ග්‍රහ බලපෑම් උඩ ජන්මියාගේ ගුණාගුණ කියැවෙනවා. සමහර විට ඒ බලපෑම ඇතිවන්නෙ කුමන ග්‍රහ කිරණයෙන්ද කියල කියනවා. ඒ කිරණ නිසා ජන්මියාට ඇතිවන පීඩා වැළැක්වීමට යන්ත්‍ර පලඳිනවා.
ඒ එක එක ග්‍රහයන්ගෙන් පැමිණෙන නපුරු හතුරු ග්‍රහයන්ට සාපේක්ෂව එක එක නම් වලින් යුක්ත යන්ත්‍ර තිබෙනවා. යන්ත්‍ර දැමීමේ ගුණ නිවැරැදිව හඳුන්වනවා නම් නිවසකට විදුලි කෙටීම් වළක්වන්නට “පියුස්” වැනි ආරක්ෂකයක් සවි කිරීම වගේමයි. නිවසකට විදුලි කෙටීම්වලදි එය “පියුස්” එක මඟින් ආරක්ෂා කරනව වගේ කිරණවලින් එන දෝෂ මේ යන්ත්‍රයෙන් ඇදලා අරං භංඝ කරනවා. ඒ තරමටම යන්ත්‍රය ප්‍රබලයි. මේ යන්ත්‍ර දැමීම සෘෂිවරයන්ගේ මතය. දැන් කාලේ නම් විද්‍යාඥයෝ කිව්වට වරදක් නැහැ. විද්‍යාඥයා හැම විටම යම්කිසි සිදුවීමක් ගැන සෝදිසියෙන් ඉන්නේ. ඒ කිව්වේ ඒක වුනේ කොහොමද? මොකක්ද බලපෑම. මොකක්ද හේතුව කියල පරීක්ෂණ කරනවා. අයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයා ගුරුත්වාආකර්ෂණය හොයාගන්නේ එහෙමයි. එයා දවසක් ගමනක් යනකොට ඔහු දුටුවා පලතුරු ගෙඩියක් වැටෙනවා. එතකොට ඔහු කල්පනා කරන්න යෙදුනා ඒක කොහොමද පොළොවට වැටුණෙ කියලා. පරීක්ෂණ කරල ඔහු තීරණයකට ආවා. පොළොවේ ගුරුත්වාආකර්ෂණය කියල බලයක් ඇතිබව. ඒක විද්‍යාඥයන්ගේ හැටි.
සෘෂිවරයන් වහන්සේලත් එහෙමයි. ඒ අය ගැනත් පුංචි කතන්දයක් කියන්නම් කෝ. දවසක් එක සෘෂිවරයෙක් තමාගේම මරණය අද දින සිදුවන බව දැනගෙන අහස දිහා බලාගෙන මරණානුස්මෘති ඥාණය වඩනවා. ඒක දුටු තවත් සෘෂිවරයෙක් කිව්වා. ඔබේ මරණය සිදුවන්නෙ තව දින 3කින් පසුව කියා. තව අවවාද කළා දැන් නැගිටලා පහසුවෙන් ඉන්න කියා. ඒත් අර ප්‍රථම සෘෂිවරයන් වහන්සේ නොසැලි තවත් කල්පනා කරන්න යෙදුණා. එතකොට දෙවැනි සෘෂිවරයා ඇහැව්වා තවත් මොකද කල්පනා කරන්නෙ කියලා. එතකොට ප්‍රථම සෘෂිවරයා කිව්වා ඔබතුමා ඒක කිව්වේ කොහොමද කියල තමයි දැන් මම හිතන්නෙ කියලා. ඒ සෘෂිවරයන්ගෙ හැටි. ඒ අයගේ මානසිකය තීක්ෂණයි. වැඩි පුරම තාරකා, ග්‍රහ කිරණ. වගේ දේ ගැන, ගණිතමය ගැටලු ගැන පරීක්ෂණ කරනවා. ඒ අය එහෙම හිතලා “ශ්ලෝක” වලින් මත පළකරනවා. ඒවා හරියට හරි. රාහු ග්‍රහයා ගැන පළ කරල තිබෙන්නෙ මෙහෙම “ප්‍රඥා විහීන මති වික්‍රම අර්ථ හාතී විසුද්ධ ගාත වදබංදන රෝග පීඩා බංදු ප්‍රවාස දනහානිම මහපු නාසම් රාහු දසාභජනි ජීවිත කල්ප සහසුම්”
කියලා. මේකෙ තේරුම හරියට දැනගත්තාම රාහුගේ අපල කාලයට මේ දේවල් සිදුවනවාමයි. එතකොට නියමිත යන්ත්‍රය දාපු වාම හරි. මේ ග්‍රහ කරදරවලින් බේරෙන්න එක එක ග්‍රහයාට සාපේක්ෂව යන්තරවල නම් තිබෙනවා. සෙනසුරා නපුරා. ඒරාෂ්ටකයෙදි ජන්මියාව මරන්න තරම් බලය තිබෙනවා. එතකොට ශනි “මුත්යජාය” පලදින්න ඕනෑ. රාහුගේ අපලවලට “සිද්ධි නාගර්ජුනය” යන්ත්‍රයත් බුධගෙන්, බ්‍රහස්පතිගෙන් එන ග්‍රහ අපලවලට “නාවනාථය හෝ “ස්කෝන් නවනාථය” දැමීමට නියම කරල තිබෙනවා. මේ යන්ත්‍ර නියමා කාරයෙන් රන්පත්වල ලියා හෝ තඹ පත්තිරුවල ලියා රත්‍රං ආලේප කර නියමාකාරයෙන් ප්‍රස්ථාර කර අවශ්‍ය වාර ගණන ජප කර කරන්න ඕනෑ. චාරිත්‍රයක් වශයෙන් ගුරු දෙමව්පියන්ට, දෙවියන්ට, පාරම්පරික උදවියට පින් පෙත් අනුමෝදන් කර භක්තියෙන් මැතුරුවාම හරි. මෙහෙම මතුරන්න ගුප්ත ශාස්ත්‍රය උපයෝගි කරගන්ට වෙනවා. එනම් මුලින්ම දිෂ්ටි මන්ත්‍රවලින් දිෂ්ටි කරල ජප මන්ත්‍රවලින් අවශ්‍ය වාර ගණන පුරල, ප්‍රාණ, පලිප්පු, සිද්ධි කරල අවසානයේ ස්පුඨ කළාම නිවැරැදියි. නිවැරැදි යාම වලට මතුරන එක ආරම්භ කරල සමහර විට ඉවරවෙන කොට එළිවෙනවා. නොදැනිම. මොකද පහන් එළියෙන් මතුරන්නෙ. ගුප්ත ශාස්ත්රයේ දී ක්‍රියා හරි පුදුම හිතෙනවා. සමහර ඒවා බයත් හිතෙනවා. හැබැයි යන්ත්‍ර මතුරන කොට පෙනෙන අවිනිශ්චිත දර්ශන එච්චර නපුරු නැහැ. වැඩිම වුණොත් වානරයෙක් වගේ තමයි.
ඡ්‍යොතිෂයේ යන්ත්‍ර පැලැදීම නිවැරැදිව කළොත් සම්පූර්ණයෙන්ම සුබපල දෙනවා. මුදලටම පමණක් කරන අය මතුරන වාර ගණන හා පිළිවෙළ අඩු කරනවා. එතකොට යන්ත්‍රයේ බල දෙන්නෙ නැහැ. ඒ වෙලාවට මිනිසුන් පොදුවේ ශාස්ත්‍රයට බනිනවා.
නිවැරැදිව බඳින ලද යන්ත්‍රවලින් පසු තහංචි දැමු දේ එනම් කිලි, මස්, මාලු කෑම වැදූ ගෙවල්වලට ඒ කාලය තුළ යාම නිසා යන්ත්‍ර පලුදු වනවා. සමහර යන්ත්‍ර පුපුරනවා. යන්ත්‍රයක් දැමීමෙන් පසු ඉතා ප්‍රවේශම් වන්ට ඕනෑ. අනවශ්‍ය ගමන් බිමන් හා අනවශ්‍ය කෑම බීම ගැනීමෙන් අතීතයෙ නම් පුස්කොලවල යන්ත්‍රය හදලා පුංචි ළමයින්ට හපන්න ඉඩ හැරියා. නරක ලෙඩ රෝගවලට. වෛද්‍යවිද්‍යාව දියුණු නිසා ඒවා දැන් දුර්ලභයි. තඹ පත්තිරුවල තමයි වර්තමානයේ වැඩිපුරම යන්ත්‍ර නිර්මාණය කරන්නෙ. රත්‍රංවල ලියන ඒවා නැතුවමත් නොවේ.
යන්ත්‍රවල රාශියක් තිබෙනවා. එනම් යක්ෂ දෝෂ, ග්‍රහ දෝෂ, සඵෝපදා යන්ත්‍ර, බුද්ධ යන්ත්‍ර, දොළොස් රාශි යන්ත්‍ර, ගිරි දෝස, වශී කරණ, මිශ්‍ර යන්ත්‍ර කියලා. මෙහෙම තිබුණට වර්තමානයේ වශී කරන හා වශී කරන යන්ත්‍ර වැඩියි. බොහෝ සෙයින් පාවිච්චි වන මහා බලගතු යන්ත්‍රයක් තමයි අභිසම්භිධානය ඒක බුද්ධ යන්ත්‍රයක්. ඒක ඇතුළු අර “යුත්තේ යුත්තේ” ගාථාව හා තවත් පුංචි මන්ත්‍රයක් තමයි තිබෙන්නෙ. නමුත්, යන්ත්‍රයේ ගැබ් 7 තුළ ගාථා 9 ක් ඇතුල් කරන එක තමයි අමාරුව. ඒක හරි සූක්ෂමව කරන්න ඕනෑ ගුණ එන්න හරියට කළොත් පණ හංගනවා. මතුරන්නෙ ගිනි මන්ත්‍රවලින්. දන්නවනේ ගිනි මන්තර වල හැටි. බුදු සෑය අවසානයේ දැල් වූයේ මහා කාශ්‍යප රහතුන් වහන්සේ ඇවිල්ලා ගිනි මන්ත්‍රය මැතුරුවාමයි. ඒ තරමටම ගිනි මන්ත්‍ර සැරයි. අහල තිබෙනවත් ඇති. හරියට මතුරල පනයන ලෙඩෙකුගේ ශරීර ස්පර්ශ ගත කළොත් අවසානයේ දී ඒක ඉවත් කරනකං රෝගියාගේ මොළයේ පණ හංගනවා. ඒ තරමටම බලගතුයි. අනික තමයි ඔය වශිකරන යන්ත්‍ර. මේ වශිකරන යන්ත්‍ර දැනගෙනම මතුරන්න ඕනෑ. ඒ හැම මන්ත්‍රයක්ම මතුරන්න ඕනෑ. “වසංකරි” “වසංකරි” කියලා. නමුත් සර්ව භංස යන්ත්‍ර මතුරන්න ඕනෑ. “හරංකරී” “හරංකරී” කියලා. වසී නම් වසංකරී වන්ට ඕනෑ. රෝග පීඩා නම් “හරංකරී” කියන්න ඕනෑ. සර්ව සත්ව වසංකරි කිව්වොත් හැම සත්වයෙක්ම වසඟ වනවා. හරංකරි කිව්වොත් ඉන්න කෙනෙක් දාලා යනවා. ප්‍රවේශමෙන් මේ මන්ත්‍ර මතුරන්න ඕනෑ. අනික පුද පූජා ඒ විදියටම තබන්න ඕනෑ. වාර ගණන නම් 1800 ම පුරන්න අත්‍යවශ්‍යයි. මොන යන්ත්‍රය මැතිරුවත් අවසානයේ පලිප්පු ප්‍රාණ, සිද්ධි කරන්නම ඕනෑ. අවසානයේ ස්පුඨ නොකොළොත් අප මැතිරු සියලුම මන්ත්‍ර ලිහෙනවා. වැඩක් නැති වනවා. මතුරල ස්පුඨ කරල. ඒ ජපනූල යන්ත්‍රය බැඳලා අවශ්‍ය කෙනාට බැන්දහම ඒකාන්තයෙන්ම ගුණ දෙනවා. මේවා පාරම්පරිකව අත්හදා බැලූ යන්ත්‍ර බැඳීම් නිසා පරිගණකවල නැහැ.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී, ගුප්තවේදී, මීපේගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න