කේන්දරයෙන් පෙන්වන විදේශ අනතුරු

ජනවාරි 14, 2022

යමකුගේ සෙනසුරු බලවත්ව සිටියදී රවි හෝ සඳු ඔහු දුටුවහොත් ඔහු විදේශගත නොවිය යුතුය. පාප ග්‍රහයන් නවවැන්නේ සිටීම හෝ රවි සඳු දෙදෙනා එහි සිටියදී අසුබ දෘෂ්ටිවලට ලක්වීම විදේශවලදී කරදර, අනතුරුවලට ලක්වීමට හේතුවකි.

 

අප රටේ (60%) හැටකට වඩා විදේශ විනිමය ලැබෙන්නේ විදේශ ශ්‍රමිකයන් මගිනි. මෙය පසුගිය කාලය තුළ තරමක් අඩු වුවද, යළිත් තරුණ පරපුර විදේශගතවීමට උනන්දු වන ආකාරය දක්නට ලැබේ. නමුත් යමකුට විදේශගතවීමේ දී තම ජම්ම පත්‍රය බලා තීරණයක් ගැනීම සුදුසුය.

පසුගිය කාලය තුළ දී ශ්‍රී ලාංකිකයෝ් විවිධ හේතු මත විදේශවලදී මරණයට පත් වූහ. රිය අනතුරු, ගිනි අනතුරු, ගුවන් අනතුරු ආදිය මෙන්ම රිසානා වැනි අය නීතිය මඟින්ද පකිස්ථානයේදී පි‍්‍රයන්ත කුමාර සහාසික ලෙසද ඝාතනය විය. යමකු රැකියාවකට හෝ ස්ථිර පදිංචියට යාමට පෙර තමාට එය කොතරම් දුරට සාර්ථකද යන්න සලකා බලා තීරණය කිරීම තුළින් ඉහත ගැටලු මඟහැර ගත හැකි ය. ඒ පිළිබඳ සැලකීමේ දී ජන්ම පත්‍රය පරීක්ෂා කළ විට සියල්ල අනාවරණය වේ. යම් යම් පුද්ගලයන්ගේ 3 වැන්න, 9 වැන්න සහ 12 වැන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. තවද 3 වැන්න කෙටි ගමන්ද, දුර ගමන් 9 වැන්නද, විදේශ ගමන් 12 වැන්නද පෙන්නුම් කරයි. ජන්ම හිමියාගේ හතරවැන්න තම උපන් බිම පෙන්නුම් කරයි. යමකුගේ සතරවැන්න පීඩාවට හතර අධිපති පීඩාවීම මත උපන් දේශය තුළ ජීවත්වීමේ අයිතිය අහිමි කරයි. මෙයින් පිළිබිඹු වන්නේ දියුණුවීම අපහසු බවයි. මේ අයට විදේශගතවීම සුදුසුය. රාහුගේ පිහිටීම ඉතාම වැදගත් ය. රාහු 12 නම් ඔහුගේ දශා තුළ විදේශගත වීමට හැකියාව ඇත. 12 අධිපති 1, 4, 5, 7, 9,10 ස්ථානයේ වීමද විදේශගත වීමට හේතුවකි. යමකුගේ අටවැන්නට වඩා නවවැන්න බලවත් නම් ඔහුට විදේශයකදී සාර්ථක ජීවිතයක් ගොඩනැඟිය හැකිය.

යමකුගේ ලග්නාධිපතියා සිටින රාශියේ 12 වැන්න අධිපතියා කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණයක බලවත්වීම සංවර්ධිත රටකට යෑමේ හැකියාව අත්වේ. එමෙන්ම ලග්නාධිපති සමඟ 9 අධිපති 4 වැන්නේ සිටී නම් විදේශයකදී ඉතා සැපෙන් ජීවත්විය හැකි ය. මේ අතර විදේශගතවීමේ යෝග බොහෝමයක් ඇත. නමුත් යමකු විදේශගතව අනතුරුවලට ලක්වීම පිළිබඳ සලකා බලමු.

යමකුගේ සෙනසුරු බලවත්ව සිටියදී රවි හෝ සඳු ඔහු දුටුවහොත් ඔහු විදේශගත නොවිය යුතුය. පාප ග්‍රහයන් නවවැන්නේ සිටීම හෝ රවි සඳු දෙදෙනා එහි සිටියදී අසුබ දෘෂ්ටිවලට ලක්වීම විදේශවලදී කරදර, අනතුරුවලට ලක්වීමට හේතුවකි. මිථුන, තුලා, කුම්භ යන වායෝ රාශිවල පාපයන්ගෙන් පිහිටා නවවැන්නේ රවි හෝ සඳු පාප දෘෂ්ටියකින් පීඩා විඳීම නිසා ඔහු හෝ ඇය විදේශයකදී උසකින් වැටීම, ගුවන් අනතුරකින් මරණයට පත්වීම, වැනි මාරක අනතුරුවිය හැක. නැප්චූන්, මිථුන රාශිය හැර වෙනත් රාශියක් නම් එහි තැන්පත්වී නම් ඔහු හෝ ඇය විදේශයකදී රෝගී වීමට හෝ ගුවන් යානා අනතුරකට ලක්වීම විය හැකි ය. මෙහිදී නැප්චූන්ට සුබ දෘෂ්ටි ලැබේනම් මෙම කරදරවලින් ගැලවෙනු ඇත. පඨවි රාශි වන කන්‍යා මකර වල පාප ග්‍රහයන් පිහිටා රවි හෝ සඳු නවවැන්නේ අසුබ දෘෂ්ටි ලබයි නම් ඔහු හෝ ඇය භූමිකම්පා හෝ වැඩ බිමක සිදුවන අනතුරෙන් විපතට පත්වනු ඇත. මේෂ, සිංහ, ධනු යන තේජෝ රාශියක පාපීන් පිහිටා රවි හෝ සඳු නව වැන්නේ පාප දෘෂ්ටිවලට ලක්වීම ගින්නෙන්, විදුලියෙන්, ගෑස් වලින්, කැපීම්, පිලිස්සුම්වලින් අනතුරට පත්වීමට හේතුවේ.

ජල රාශියක (කටක, වෘශ්චික, මීන) වැනි පාපින් පිහිටා රවි හෝ සඳු නවවැන්නේ පීඩා විඳීනම් ඔහු හෝ ඇයගේ හෝ විදේශ ගමන් හෝ රැකියා සඳහා නොයා යුතු ය. නවය අධිපති දොළහේ තැන්පත්ව උච්චව සිටීනම් මව්බිමේ මෙන්ම විදේශයක වුවද උසස් ලෙස ජීවත්වීමට හිමිකම් ඇත. ලග්නය හෝ 6, 7, 9, 12 ස්ථානාධිපතිගේ සංයෝගය නිසා හෝ පරිවර්තනය නිසා තම ඥාතීන් හෝ රාජකාරී නිසා විදේශගතවීමට භාග්‍ය උදාවේ.

යමකුගේ දොළොස්වැන්නේ දෙක අධිපති සිටීම විදේශයකදී ධනවත්වීම පෙන්නුම් කරයි. හතර අධිපතියා 12 නම් ඔහු විදේශයකදී පදිංචිවීමට ඉඩ ඇත. අධ්‍යාපනය සඳහා 5 අධිපති 12 වීම හේතුවේ. 12චර හෝ උභය රාශියක් වී 6 අධිපති අය එහි වීම නිරන්තර විදේශ ගමන් යෙදෙනු ඇත.

යම් අයගේ ජන්ම පත්‍රයක නවවැනි දසවැනි භාවවලට තුන්වැනි භාවය හා හතරවැනි භාවය බලවත් හෝ සුබ නම් තම මව්බිම හැරදා නොයා යුතු ය. යමකුගේ කේන්ද්‍රයේ ලග්නයේ ගුරු - සිකුරු හෝ බුධ සුබව පිහිටා ඇත්තේ නම් රවි සඳු දෙදෙනාගෙන් අයකු සුබ දෘෂ්ටි ලබාදෙයි නම් ඔහුට කොතැන සිටියත් සුබපල ගෙන දෙයි.

යමකුට පාප ග්‍රහයන් හෝ රවි චන්ද්‍ර දෙදෙනාගෙන් හෝ අසුබ දෘෂ්ටි සහිත හෝ දුර්වලව සිටි නම් ඔහු තම මව්බිම හැරයෑමට හේතු වෙයි. එහෙත් සෙනසුරු බලවත්ව සිටීම ඔහු හෝ ඇය තම මව්බිමට ඉමහත් ගෞරවයක් ලබාදෙනු ඇත.

 

ඩී. එම්. එන්. කේ. දනසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.