වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
රාශි චක්‍රයේ අටවැන්න වෘශ්චිකයයි. තාරකා එකොළහකින් යුතුව නිර්මාණය වී ඇති වෘශ්චික රාශිය ගෝනුස්සකුගේ රුව සංකේතවත් කරයි. වෘශ්චිකය ජල රාශියක්වන අතර මේෂ,...
2023-01-12 18:30:00
විෂ කන්‍යා යෝගය භංග වන ආකාරයක් ද ඡ්‍යොතිෂයේ දක්වා තිබේ. 7 වැන්නාධිපති 07 සිටීම හා ලග්නයේ ශුභයකුවීමද නැතහොත් සඳු සමඟ ශුභයෙක් එක්වීම හරහා විෂ කන්‍යා...
2023-01-12 18:30:00
නව වසර පිළිබඳ පුරෝකථන සඳහා වෙන කවරදාටත් වඩා අද වන විට අවධානයට යොමු වී තිබේ. සාමජීය වශයෙන් අප සිටින්නේ දැවැන්ත සමාජ ආර්ථික පීඩාවකය. බිඳ වැටුණු අපේක්ෂා...
2023-01-05 18:30:00
ලංකාවේ මේ වන විට විශාල ජන සංඛ්‍යාවක් සමලිංගික සේවනයට සහ විකෘති කාම සේවනයට යොමු වී ඇත. එසේ වීමට ප්‍රධාන හේතුව වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයයි. මත්ද්‍රව්‍ය...
2023-01-05 18:30:00
එළැඹ ඇත්තේ 2023 නව වසරයි. නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදා ගෙන සතර දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව පැතීම ලක්වාසීන්ගේ සිරිතයි. දළදා වහන්සේ ලක්දිවට උරුම වූ...
2023-01-05 18:30:00
2022 වසරේ ප්‍රතිඵල නොවෙයි 2023 හි තියෙන්නෙ. මේ ඔක්කොම ග්‍රහයෝ වෙනස් වෙනවා. ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනවා නම් මේ පලාඵල ග්‍රහ වෙනස් නොවී සිටීද?...
2022-12-29 18:30:00
සිකුරු ශනි හිමිමකරයට යාම සුබද?2022 දෙසැම්බර් මස 29 වෙනි දින 16.03 ට සිකුරු ග්‍රහයා ශනි හිමි මකර රාශියට පැමිණියේය. සිකුරු හිමි වෘෂභ ලග්නය ද උදාවී තිබේ...
2022-12-29 18:30:00
අර්ධ කාල සර්ප යෝගය- රවි බුධ සිකුරු රාජ යෝගය- කුජ දීප්ත යෝගය ඹඹ-ධාර්මික චක්‍රවර්ති යෝගය -රවි බුධ ආදිත්‍ය යෝගය -ගජකේශරී යෝගය -ගුරු චන්ද්‍ර සංයෝගය -ගුරු...
2022-12-29 18:30:00
2023 වසරේ ජනවාරි 17 දා පස්වරු 18.03ට කුම්භ රාශියට පැමිණෙන සෙනසුරු එහි බලවත් වෙයි. මේ අනුව සෙනසුරු එක් රාශියක වසර දෙක හමාරක පමණ කාලයක් ගෝචර වන බැවින්...
2022-12-29 18:30:00
දරුවන්ගේ ඉගෙනීමේ සාර්ථකත්වය බැලීම සඳහා කේන්ද්‍රයේ 2, 4, 3, 5, 9 යන භාවයන් මෙන්ම, එම භාවයන්ට අධිපති ග්‍රහයන්ගේ බලදුබලතා මෙන්ම අධ්‍යාපනයට හා ප්...
2022-12-22 18:30:00
විවාහපේක්ෂ දෙදෙනාම පවුලේ වැඩිමහල්වීම තුන් කුළුදුල් දෝෂය නම් වේ. දරුවා, පියා, මව සීයා තිදෙනාම වැඩිමහල්වීම නිසාත් මව පියා දරුවා තිදෙනාම වැඩිමහල්වීමත්...
2022-12-22 18:30:00
පාදවලට සම්බන්ධ තවත් භාවයක් වන කුම්භය ලග්න අධිපති සමඟ දෛන්‍ය මහා පරිවර්තන යෝගයක් උදා කළ බුධ ග්‍රහයාගේ සප්තම දෘෂ්ටියෙන් සහ දෙවැන්නේ සිටින 8...
2022-12-15 18:30:00
කෝණ මාසය යනු රවි ග්‍රහයා උභය රාශීන් වන මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන කාලයයි. 2022 දෙසැම්බර් 16 වෙනි දින උදේ 09.58ට රවි ග්‍රහයා ධනු...
2022-12-15 18:30:00
බාලගිරි දෝෂය යනු දරුවෙකුගේ උපතේ සිට වයස අවුරුදු 12 දක්වා එක් එක් කාලය තුළ ක්‍රියාත්මක යකින්නිය විසින් දරුවාට බැල්ම හෙළීම නිසා දරුවා විවිධාකාරව...
2022-12-08 18:30:00
ඡ්‍යෝතිෂය, වෛද්‍ය විද්‍යාව ලෝකයේ පැරණිම ශිල්ප ශාස්ත්‍ර යනුවෙන් හැඳින්වෙනවා. මේ ශාස්ත්‍රවල ඉගෙනුම නිමක් නැහැ. මෙවැනි ශාස්ත්‍ර සාමාන්‍යයෙන් ආගම ධර්මය...
2022-12-08 18:30:00
බටහිර රටවල්වල වැසියන්ට ශ්‍රවණ ආබාධ ගැන හොඳ දැනීමක් ඇත. ඒ අනුව යම් පුද්ගලයෙක් ශ්‍රවණ ආබාධිතයෙක්ද? නැද්ද යන්න පිළිබඳව කරුණු හෙළිදරව් කර ගන්නේ වෛද්‍ය...
2022-12-08 18:30:00