ඔබේ ලග්න ගැන සමාලෝචනයක්

දෙසැම්බර් 30, 2022
  • සිකුරු ශනි හිමි
  • මකරයට යාම සුබද?

2022 දෙසැම්බර් මස 29 වෙනි දින 16.03 ට සිකුරු ග්‍රහයා ශනි හිමි මකර රාශියට පැමිණියේය. සිකුරු හිමි වෘෂභ ලග්නය ද උදාවී තිබේ. ශනි හිමි උත්‍රපුටුප නැකතේ පළමුවන පාදය උදාවේ. ගජකේෂරී යෝගය ,භූමිපාල යෝගය, හේරි යෝගය වැනි යෝග ද උදාකරයි.

කුජ ලග්නයේ ද කේතු හය වැන්නේ ද රවි අට වැන්නේ ද ශනි, බුධ, සිකුරු නව වැන්නේ ද සඳු, ගුරු එකොළොස් වැන්නේද රාහු දොළොස් වැන්නේ ද සිටි. සිකුරු මකර රාශියේ ගමන් කරන කාලය තුළ ඔබ උපත ලැබුවේ, මේෂ ලග්නයේ නම් මෙම කාලය තුළ ඔබට මිශ්‍රඵල උදා කරයි. උසස් අයගෙන් උදව් නිරායාසයෙන් ලැබේ. අලුතින් ආරම්භ කරන රැකිරක්ෂාවල දියුණුව ඇතිවේ. කරගෙන ආ රැකිරක්ෂා කටයුතුවල උනන්දුව අඩුවේ. වරින්වර වාසනාව මතු වේ. ස්ත්‍රීන් සමඟ ආරවුල් ඇතිවේ. හොඳ මිතුරන් ලැබෙන කාලයකි. වියදම් අධික වේ. සතුරන් ඇති වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් විය යුතු කාලයකි.

වෘෂභ ලග්නයෙන් උපත ලැබූ ඔබට යහපත් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. ගුරු භක්තිය දේව භක්තිය වැඩින කාලයකි. පින් කිරීමට ආශාව උපදී. පේ‍්‍රම සම්බන්ධතා ඇතිවේ. විවාහ අපේක්ෂිත අයට ශුභ කාලයකි. දරුවන්ගේ දියුණුව වර්ධනය වේ. තම උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබිය හැකි කාලයකි. ගොවිතැන් කටයුතුවලින් ලාභ ලැබේ. ධනයට වඩා ගුණයට ප්‍රසිද්ධ වන කාලයකි.

මිථුන ලග්නයෙන් උපන් ඔබ බලාපොරොත්තු නොවූ ලාභ ප්‍රයෝජන ලැබේ. ආදායම් වැඩිවේ. උසස් අය සමඟ ආශ්‍රයට ඉඩ සැලසේ. සමාජයේ ප්‍රසිද්ධියක් ලැබිය හැකි කාලයකි. ස්ත්‍රීන්ගේ උදව් උපකාර ලැබේ. රේස් සුදු ආදියෙන් ජය ලැබිය හැකි කාලයකි.

කටක ලග්නයෙන් උපන් ඔබට පිය පක්ෂයෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයකි. ස්ත්‍රීන් සමඟ අවුල් වියවුල් ඇති වේ. ආදර බන්ධන පිළිබඳ බලාපොරොත්තු කඩ වේ. වියදම් අධික වන කාලයකි. පවුලේ සමගියට බාධා ඇති වීමට ඉඩ තිබේ. කරගෙන යන වැඩවලට බාධා මතුවේ. මුදල් හානි වීම් ඇතිවේ. ඥාතීන් සමඟ අමනාපකම් ඇති විය හැක. නොතේරුම් කමින් කරදරවල පැටලීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු කාලයකි.

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ සිතට දුක් කරදර ඇතිවන කාලයකි. සතුරු කරදර ඇතිවේ. සහෝදරයන්ද සතුරු විය හැක. ශරීර අසනීප හා දුර්වලකම් ඇති කරයි. බලාපොරොත්තු රහිත වියදම් දැරීමට සිදුවේ. ණය ගණුදෙනුවලදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු කාලයකි.

කන්‍යා ලග්නයෙන් උපන් ඔබට පී‍්‍රතිමත් වාසනාවන්ත කාලයකි. බලාපොරොත්තු ඉෂ්ඨ වේ. වැඩිහිටියන්ගෙන් හා උසස් අයගෙන් ගරු සැලකිලි ලැබේ. රේස් සූදු වල යෙදෙන අයට විශේෂ ලාභ ලැබේ. අලුත් ඥාති මිත්‍රාදීන් හමුවිය හැක. සමාජයේ තම තත්ත්වය උසස් වේ. ගෞරවය රැක ගනී. ගුරු දෙගුරුන් කෙරෙහි භක්තිය ඇති වන කාලයකි.

තුලා ලග්නයෙන් උපන් ඔබට රැකිරක්ෂා ආදියෙන් කරදර අඩුවේ. උසස්වීම් ඇති වේ. තම බලය වැඩිවේ. කරගෙන ආ කටයුතු දියුණු වේ. මවුගෙන් උපකාර ලැබේ. මිල මුදල්වලින්ද දේපළ වලින්ද වස්තු ලාභ ලැබෙන කාලයකි. ශරීර සනීපය යහපත් වේ. සමාජයේ පිළිගැනීමක් ඇති වන කාලයකි. රැකිරක්ෂා කටයුතුවල තරමක් ගැටලු තත්ත්වයන් මතුවිය හැකි කාලයකි. අසනීපවලින් සුවය ලැබේ. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. අසල්වැසියන්ගෙන් හොඳ හිත ලැබේ. පී‍්‍රතිමත් ගමන් යෙදේ. තම බලය වැඩිවේ. සතුරන්ගෙන් ජය ලැබේ. වැදගත් ගමන් බිමන් යාමට සිදුවේ. උත්සාහයෙන් කරන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ.

ධනු ලග්නයෙන් උපන් ඔබගේ වෙළෙඳ ව්‍යාපාර දියුණුවේ. පේ‍්‍රම සම්බන්ධතා වැඩිදියුණු වන කාලයකි. විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵල වේ. උසස් අයගෙන් හා රජයෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. මේ කාලය තුළ ආදායම් වැඩිවේ. පවුලේ දියුණුව ඇතිවන කාලයකි.

මකර ලග්නයෙන් උපන් ඔබට මේ කාලය තුළ සිතේ සතුට ඇතිවේ. ලෙඩකින් පීඩා විදි අයෙක් නම් නීරෝගි වේ. කැඩී බිඳී ගිය ආදර බන්ධන නැවත අලුත් වේ. ආදායම් වැඩිකර ගත හැකි මාර්ග සෑදේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සංගීතයට ලැදි වේ. සෑම අතින්ම පී‍්‍රතිමත් කාලයකි.

කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ කාලය තුළ ගෙදර දොර අවුල් වියවුල් ඇතිවේ. කැපීම්, තුවාලවීම් සිදුවීමට පුළුවන. කරගෙන යන කටයුතුවලින් පාඩු සිදුවේ. සොර සතුරු බිය ඇතිවේ. රැකිරක්ෂා කටයුතුවලට බාධා ඇති වේ. ඇස්වල හා දත්වල රෝග සෑදීම ඉඩ තිබේ.

මීන ලග්නයෙන් උපන් ඔබට මේ කාලය තුළ මිල මුදල් වස්තු ලාභ ඇතිවන කාලයකි. රැකිරක්ෂාවලින් වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. විනෝද ගමන් පී‍්‍රති උත්සව සඳහා යාමට ඉඩ සැලසේ. දියුණුවට කටයුතු සැලසේ. සිතේ තිබෙන බලාපොරොත්තු ඉෂ්ඨ වන කාලයකි.

චතුරිකා දිල්හානි ගමආරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.