වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්‍රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්‍රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
යම් කිසි පුද්ගලයකුගේ මනස පිළිබඳ පැහැදිලි අවබෝධයක් මහපට ඇඟිල්ල පරික්ෂා කිරීමෙන් ඉතා පහසුවෙන් දැනගත හැකිය. මහපට ඇඟිල්ලේ ප්‍රමාණය එහි හැඩය හා ඒ මත විද්...
2023-10-12 18:30:00
මේෂදරුවකු පිළිබඳ සතුටක් සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියක් වන අතර, මේ සතිය ඔබට මිශ්‍රඵලදායක බවක් පෙන්නුම් කරයි. සඳු ග්‍රහයාගේ ගමන 6, 7, 8...
2023-10-12 18:30:00
අප සමාජයෙහි ජීවත් වන ජනතාවගෙන් බහුතරයක් ලෞකික ජීවිතයක් ගත කිරීමට පි‍්‍රය අයවලුන් වෙති. සුළු පිරිසක් ලෞකික ජීවිතයේ නීරස බව අවබෝධ වීම නිසා පැවිදි...
2023-10-12 18:30:00
පාරිසරයේ හානිකර ස්වභාවය දැඩි වන ලකුණුසහජීවනය අගයන ප්‍රජාවක් බිහිවෙයි ඔක්තෝබර් 19 ගුරු දින අළුයම 01.17ට බුධ ග්‍රහයා සිකුරු හිමි තුලා රාශියට සංක්...
2023-10-05 18:30:00
මෙම පෘථිවි ධරණී තලයේ ආසියා, අපි‍්‍රකා යුරෝපා මහාද්වීප තුනට මධ්‍යගතව පෘථිවියේ කේන්ද්‍රස්ථානය ලෙස විරුදාවලිය ලත් ඊජිප්තුවේ කයිරෝහි ගීසා නගරයේ සමාන...
2023-09-28 18:30:00
ජන්ම පත්‍රයක පළමු වැනි භාවය මඟින් ඔහු ගැන සියලුම තොරතුරු පෙන්වන අතර, එතැන් සිට ඉදිරියට ඇති භාව මඟින් ජන්මියා මුහුණදෙන දේවල් සහ පවුලේ සෑම දෙනාගේම...
2023-09-28 18:30:00
ශක වර්ෂ 1945ක් වූ කන්‍යා රවි 13 භාග බිනර පුර පසළොස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 19 භාග බිනර අව සතවක තිථිය ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ...
2023-09-28 18:30:00
ලග්න කේන්දරයක 9 වැන්න ජන්මියා විසින් පෙර ආත්මවලදී කරන ලද කුසල් කර්ම පිළිබඳව කරුණුූ හෙළිදරවු කරන භාවයක් වන අතර 8 වැන්න ජන්මියා විසින් පෙර ආත්මවලදී කරන...
2023-09-28 18:30:00
ශනි නොහොත් සෙනසුරු මිනිසාට ඉවසීම දූරදර්ශීව සිතාමතා කටයුතු කිරීම, අර පිරිමැස්ම සහිතව කටයුතු කිරීමට පොලඹවන, වෙහෙස මහන්සි වී කටයුතු කිරීමේ හැකියාවක්...
2023-09-21 18:30:00
ඔබ ලඟ ජන්ම පත්‍රයක් ඇතිවිටකදී මෙන්ම නැති අවස්ථාවකදී වුවද තත්කාල විමසුමක් කළ හැකිය. තත්කාල කේන්ද්‍රයක් යොදාගෙන යම් කරුණක් සම්බන්ධව පිළිතුරක් ලබාගෙන...
2023-09-21 18:30:00
විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබ සහකාරියක් තෝරා ගැනීමේදී ඇයගේ ගතිගුණ හා චරිතය පිළිබඳව යම්කිසි දැනුමක් ඔබට ලබාගත හැකි නම් එය ඔබේ විවාහ ජීවිතය වඩාත්...
2023-09-21 18:30:00
ජන්ම පත්‍රයක කර්මස්ථානය එහි 10 වැනි භාවය වෙයි. ඒ නිසා එය ජන්මියාගේ වෘත්තිය ගැන, එනම් ඔහු වාසනාව ලබා ඇත්තේ වෘත්තියක නිරතවීමටද නැතහොත් ව්‍යාපාරයකට...
2023-09-14 18:30:00
මෘදුකාංගයක් තුළටම කොටුවී ඉන්න ඔබට තමන් හට අතින්ම සොයා ගන්න පුළුවන් වැදගත් පාඩමක් කියා දෙන්න උත්සාහ කරන්නම්. අද මා කියාදීමට උත්සාහ කරන්නේචර...
2023-09-14 18:30:00
ඔබ උත්තමාවියක් වගේද? ගැහැනියක් සැමියාට කීකරු ද, ගුණවත් ද සැමියාට පසුව නිදියයි ද සැමියාට පෙර අවදිවෙයි ද සැමියාට හිත කාමීද අභිවෘද්ධියට පමුණුවා...
2023-09-07 18:30:00
බොහෝ දෙනකු මේ කාලයේ විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන, බලාපොරොත්තු ඇතිකරගෙන සිටින්නේ විදේශ රැකියාවකට යෑම සඳහාය. එහෙත් අවාසනාවකට මෙන් සමහර අය විදේශගතවුවත්...
2023-09-07 18:30:00
පොහොසත් හෝ දිළිඳු බව කියන වචන විවිධ ලෙස අර්ථකථන කල හැකිය. ඒ අනුව මේ සඳහන් කරන්න සූදානම් වන්නේ ධනයෙන් දිළිදු වීම ජන්ම කේන්ද්‍ර තුළින් පෙන්වන ආකාරය...
2023-09-07 18:30:00