පරිගණකයෙන් කේන්දර බැලීම සුදුසුද?

සැප්තැම්බර් 15, 2023

මෘදුකාංගයක් තුළටම කොටුවී ඉන්න ඔබට තමන් හට අතින්ම සොයා ගන්න පුළුවන් වැදගත් පාඩමක් කියා දෙන්න උත්සාහ කරන්නම්.

 

අද මා කියාදීමට උත්සාහ කරන්නේ

චර කාරකත්වය

ආත්මකාරක ග්‍රහයා

අමාත්‍යකාරක ග්‍රහයා

භාතෘකාරක ග්‍රහයා

මාතෘකාරක ග්‍රහයා

පීතෘකාරක ග්‍රහයා

පුත්‍රකාරක ග්‍රහයා

ඥාතිකාරක ග්‍රහයා

දාරකාරක ග්‍රහයා

සොයන හැටි කියා දිමටයි.

ඔබ කේන්ද්‍රය හදාගන්න ග්‍රහස්ඵුට සහිතව. දැන් ඔබ වැඩිම අංශක භුක්ති විඳ ග්‍රහයා සිට පිළිවෙළින් අංශක අඩුම ග්‍රහයා දක්වා පහළට ලියාගෙන යන්න.

ඔබට පහසු වීම සඳහා මම උදාහරණයක් ගෙන හදලා පෙන්වන්නම්.

උපන් දිනේ 2021.10.02

වේලාව - සවස 03.00

ස්ථානය - කොළඹ

මෙහි පිළිවෙළ මෙසේය.

බුධ 290421 ආත්මකාරක ග්‍රහයා වේ.

ගුරු 280351 අමත්‍යකාරක ග්‍රහයා වේ.

චන්ද්‍ර 230081 භාතෘකාරක ග්‍රහයා වේ.

කුජ 170091 මාතෘකාරක ග්‍රහයා වේ.

රවි 150151 පිතෘකාරක ග්‍රහයා වේ.

ශනි 120471 පුත්‍රකාරක ග්‍රහයා වේ.

රාහු 090071 ඥාතිකාරක ග්‍රහයා වේ.

සිකුරු 000141 දාරකාරක ග්‍රහයා වේ.

දැන් ඔබට ගැටලුවක් නැතැයි කියා සිතමි. වැඩිම අංශක ගණන වැලදු ග්‍රහයා ආත්ම කාරක ග්‍රහයා වේ.

 

ආත්මකාරක ග්‍රහයා

අපි ආත්මකාරක ග්‍රහයා ලෙස හඳුන්වන්නේ රවි වේ. ඒ වගේම චර කාරකත්වයේදී ආත්මකාරක ග්‍රහයා වෙනත් ග්‍රහයකුට හිමිවිය හැකිය.

මෙහි පලාපල මෙසේය

 

අමාත්‍ය කාරක ග්‍රහයා:-

ඔහුගෙන් බලන්නේ ඔබගේ බුද්ධි මට්ටම, ඔබට උපදෙස් දෙන්නේ අමත්‍ය කාරක ග්‍රහයා අනුවයි. ඒ ග්‍රහයා දුර්වලයි නම් ඔබ කරන වැඩ කටයුතු අවුල් සහිතයි. හරිම දේ නොවේ කරන්නේ. (ස්ථාන අනුව පලාපල කියන්න) ඔබට පිහිට වන දෙවියන් ගැනද අමාත්‍යකාරක ග්‍රහයාගෙන් බලන්න. එය පසුව කියලා දෙන්නම්.

 

භාතෘකාරක ග්‍රහයා:-

සහෝදරයින් සම්බන්ධයෙන් භාතෘ කාරක ග්‍රහයාගෙන් කියැවේ. ඔහු සිටිනා අයුරු අනුව සහෝදරයන් ගැන කිව හැකිය. (සාමාන්‍යයෙන් කුජනේ සහෝදර කාරක)

 

මාතෘකාරක ග්‍රහයා:-

පපුව, මව, නිවස, ලැබීම් කියවේ. ඒ ග්‍රහයා අනුව පලාපල තෙරුම් ගන්න.

 

පීතෘකාරක ග්‍රහයා :-

පියා ගැනද, තම විර්‍ය, අණසක, ඍජු බව කියැවේ. පියාගේ තත්ත්වය කියැවේ.

 

පුත්‍රකාරක ග්‍රහයා :-

ඔබ යටතේ සිටින අය, දරුවන් ගැන, ධනය ගැනද කියැවේ.

 

ඥාතිකාරක ග්‍රහයා :- නෑයන්(ඥාතීන්) ඔබව හරියට තේරුම් ගන්නා අය ගැන කියැවේ. ඔබට හිතෛෂී අය ගැන කියැවේ.

 

දාරකාරක ග්‍රහයා :-

විවාහය සම්බන්ධව බැලිමේදි වැදගත් වේ. සහකරුගේ ගතිගුණ කියැවේ.(බිරිඳ,සැමියා)හවුල්කරු,

පලාපල කථනය ඔබේ බුද්ධිය යොදවා කරන්න. මෘදුකාංගයකින් මෙය පහසුවෙන් සොයා ගත හැකිය. එහෙත් මෘදුකාංගයක් නැති පෙර අපේ පැරැන්නන් මේ සියලු දේවල් සොයා ගත්තේ අතින් ගණන් සෑදීමෙනි.

දැන් අතින් හෝ මෙය හොයන සිද්ධාන්තය නොදැනීම නිසා කෙසේ තමා විසින්ම හදා ගන්නේද? තමන්ගෙන් කෙනෙක් ඇසු විට පැවසීමට හෝ ඔබ දැනසිටීම වැදගත් නොවේද?

බොහෝ ඡ්‍යොතිෂ සිද්ධාන්ත දැන් මෘදුකාංගයකටම බාර දී ඇති නිසා සියල්ල කිරිමට වන්නේ පරිගණකයට හෝ ලැප්ටොප් එකටය.

එහි ලබාදෙන විස්තර අනුව ඡ්‍යොතිෂවේදියා පිළිතුරු ලබා දේ.

මෘදුකාංගයට යම් හානියක් සිදු වුණොත් ඡ්‍යොතිෂ කටයුතු කිරිමට සිදු නොවේ. ඒ නිසා අතින් හදාගන්නත් ඉගෙන ගැනීම වැදගත් නොවේද?

තව වසර 10ක් ගිය පසු ඡ්‍යොතිර්වේදියකු අවශ්‍ය වන්නේ නැත. සියල්ල මෘදුකාංගයකටම බාරදී පාඩුවේ සිටිමට සිදුවේ. ශාස්ත්‍රය ගිය තැනක හැටි අහෝ දුකකී.

මෘදුකාංගයක් භාවිත කිරිම වරදක් නැත, ඔබට පහසුය. ඒ වගේම තමන්ගේ දැනුමින් ඒ සිද්ධාන්ත හොයාගන්නත් දැන සිටිය යුතුය.

ඇතැම් ඡ්‍යොතිර්වේදින්ට ලිතක් කියවීමට, කේන්ද්‍රය අතට ගෙන එහි වැරැදි තැන් දැකීමට නොහැකිය. අනාගතයට එය කෙසේ බලපානු ඇත් ද?

 

ඡ්‍යොතිෂ විද්‍යා ප්‍රභාෂ්වර

ගමගේ රොෂේන්

දිලිප් කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.