ඔබත් මෙබඳු අඟනක් ද?

සැප්තැම්බර් 8, 2023

ඔබ උත්තමාවියක් වගේද?

 

ගැහැනියක් සැමියාට කීකරු ද, ගුණවත් ද සැමියාට පසුව නිදියයි ද සැමියාට පෙර අවදිවෙයි ද සැමියාට හිත කාමීද අභිවෘද්ධියට පමුණුවා සැපතෙහි පිහිටුවයිද ස්වාමියාට වැඩ පසස්නා යහපත් ගැහැනියකි.

ගැහැනියක් නිතරම සැමියාට සිත් ලෙස වසයිද දුක් සැප දෙකෙහිම සමව පැවැතෙයි ද අත්නොහරියි ද ස්වාමියාට ජීවිතය හා සමාන යහපත් ගැහැනියකි. ගැහැනියක් සැමියාට කවන පොවන කල්හිද, සමීපයෙන් යන එන වේලෙහිද සැතපෙන වේලෙහිද, භයක්, උපද්‍රවයක්, ව්‍යාධියක් පැමිණි කලද යන හැම තන්හි සමවූ ප්‍රේම සහිතවූ සිත් ඇත්තීද ඒ උත්තම ගැහැනිය පතිපූජිකා නම් ගැහැනියකි.

ගැහැනියක් සැමියාට හුණු, සිසිල් පැන් තබාද, අත්පා සම්බාහනාදී කුල අනාදර සැලකිලි නැති ද ඇඟ ගල්වන සඳුන් සුවඳ හා පලඳනා සුවඳ මල් උස් ආසනයක නොහිදී ද එම උත්තම ගැහැනිය පතිපූජිකා ගැහැනියකි.

ගැහැනියක් තමාගේ මවුපියන් හා නෑදෑයින් ආදීන් කෙරෙහිද මල් බෑයන් හා නෑයින් කෙරෙහිද නිරන්තර ආදර සහිතව වසයිද ඒ උත්තම ගැහැනිය කුලනන්දනී ගැහැනියකි. ගැහැනියෙක් දැසි දසුන් කාර්මිකයින් ආදීන් ඒ කර්යයයෙහි දැහැමින් යෙදෙන්නීද නපුරු බස් නොකියා, වැරටි තැළිටි ආදී දණ්ඩනයන් නොකරයිද, ආක්‍රෝෂ පරිභව නොකරයිද? එම උත්තම ගැහැනිය ජනරඤ්ජනී ගැහැනියකි.

ගැහැනියක් දන්පින් ආදී සුචරිත කාන්තාවක්ව හැසිරෙයිද, තුනුරුවන් කෙරෙහි ඇලීම ඇතිද ශීලාදී ගුණයෙන් යුතුද එවන් ගැහැනිය ධර්මචාමිනී ගැහැනියකි.

ගැහැනියක් කඩියන් කෑ කලෙකමෙන් අඩි ගසා නොගොස් කරබාගෙන දස දික් නොබලා කිසිවකු නොපැකිළ මල් අසුනක පිළිවෙළින් රත් පියුම් තනන්නියක මෙන් පියවරින් පියවර තබා සෙමෙන් ගමන් යෙයිද එම ගැහැනිය උත්තම ගැහැනියයි. (සද්ධර්මාලංකාරය 61 ජයම්පති කතා වස්තුව ඇසුරින්)

 

සිරුරේ උපන් ලප

මිනිස් සිරුරේ උපතින් පිහිටන කුඩා තිත් වැනි යම් යම් ලක්ෂණ උපන් ලප සේ කියැවේ. උපන් ලප යයි ඇසෙන විට හැඟෙන්නේ එබන්දකි. උපන් ලපය ශරීරයේ කවරම ස්ථානයක පිහිටිය හැකිය. රජතුමා පමණක් දන්නා ප්‍රමිලා බිසවගේ උපන් ලපය දස්කොන් ද දැන ගැනීම මත දස්කොන් රාජ දඬුවමට පත්වූ බැව් දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘත්තාන්තයේ කියැවෙයි. සමහරුන්ගේ මුහුණේ ලස්සන උපන් ලපයේ පිහිටීම මත වඩාත් පෙනේ. මුහුණේ පිහිටි ස්ථානය, උපන් ලපයේ ප්‍රමාණය උපන් ලපයේ ස්වභාවය, හැඩය ආදී විවිධ තත්ත්වයන් මත මුහුණේ සිරියාව අඩු ද වැඩි ද යන්න පෙනේ.

කිසියම් කාන්තාවකගේ දෙතොලෙහි උපන් ලප වීම අන්‍යයින්ගේ සැකයට, විමසුමට ලක්වන කාන්තාවක් බව හඟවයි. යටිතොලෙහි දකුණු පස උපන් ලපය පවත්නේ නම් ඇය විදේශීය සංචාරය පි‍්‍රය කරන විනෝදයෙන් ගත කරන්නියක බව කියැවෙයි. යටිතොලෙහි වම්පස උපන් ලපය ආත්මාර්ථකාමී, කපටි, කෛරාටික, වංචා කාමී සමාජයේ කොන්වන ස්ත්‍රියකි.

කන්පෙතිවල උපන් ලපයක් වේ නම් ඇයට දරුඵල නොමැති බව කියැවෙයි. සියලු සැප සම්පත් පැවතිය ද දරු සම්පත නොමැතිකමින් ප්‍රශ්න උදාකරයි. කාන්තාවකගේ නළල් තලයේ උපන් ලප ඇත් නම් එය සෞභාග්‍යවත් වාසනාවන්ත ස්ත්‍රියකගේ ස්වභාවයයි. සමාජශීලී කාන්තාවකි.

කාන්තාවකගේ නිකටෙහි දකුණුපසට වන්නට උපන් ලපය වේ නම් ඇය සියලු සැප සම්පත් ලබන හොඳ ස්වාමි පුරුෂයෙක්, හොඳ දරුවන් හිමි කාන්තාවකි.

කාන්තාවකගේ දකුණු කලවයේ උපන් ලපය සමාජයෙන් නින්දා ලබන කාන්තාවක් බව පෙන්වයි.

කාන්තාවකගේ වම් පියයුරෙහි උපන් ලපය වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කරන්නියක බව පෙන්වයි. ඉතාම යහපත් ලක්ෂණයකි.

කාන්තාවකගේ පපුවේ වම්පස උපන් ලපයක් වීමද ශුභදායී ය. ඓශ්චරිය සම්පත් ලබයි.

යම් කාන්තාවකගේ නාසය කෙළවර උපන් ලපයක් වීම බුද්ධිමත් ඤාණවන්ත අයකු බව පෙන්වයි.

කාන්තාවකගේ ඇසෙහි උපන් ලපයක් වීම ඇය බුද්ධිමත්, ඤාණාන්විත බව පෙන්වයි. ඕනෑම කරුණක් සම්බන්ධයෙන් විමර්ශනාත්මකව කටයුතු කරයි. අන්‍යයන්ට උපදෙස් දීමේ හැකියාව ඇති ඇය කාගේත් ගෞරවයට පාත්‍රවෙයි.

 

කාන්තාවගේ මුවින් පැවසෙන ගතිගුණ

 

කෙනෙකුගේ මුහුණේ ශෝභාසම්පන්න භාවය වඩාලන වැදගත් අංගයකි මුඛය හෙවත් කට. මුවේ ලස්සන කෙරේ දෙකම්මුල්, දෙතොල, දත්, දිව, විදුරුමස ආදී බොහෝ අංග බලපායි. පළල් වූ මුඛයක් ඇති අය කේලාම් කියමින් ඇවිදින්නෝය. පොතපත හෝ සමාජය පිළිබඳ දැනුමක් මොවුනට නැත. එහෙයින්ම තමන් විසින් කරනු ලබන කේලාම් කීම අනිෂ්ට විපාක ගෙන දෙන්නක් සේ නොවැටහේ. කියනු ලබන කාරණය රස කර කර අනිකාට ඒත්තු ගැන්වීමට මොවුහු ශක්තිමත්ය.

මුඛය කුඩාවට පිහිටා ඇති අය කිසි විටෙක තමා වටා සිටිනා කවරකුගේ හෝ සිත් රිදවන්නේ නැත. ඔවුහු පොත පත පිළිබඳව සමාජය පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෝය. අන්‍යයන්ට හොඳ නරක පහදා දෙන්නෙකි. එසේම අන්‍යයෝ ද මොහුගේ උපදෙස් පිළිපැදීමට සූදානම්ය.

සමහරුන්ගේ මුඛය මහත්ය. ලොකුය. මෙවන් අයගේ ජීවිත අතිශයින්ම අසාර්ථක බව කිව යුතු වේ. සමාජ ආශ්‍රයක් නැත්තේ ය. විශාල මුඛයක් ඇති තැනැත්තා බුද්ධිමත්ව ක්‍රියා නොකරයි. හුදු හැඟීම්වලට වහල්ව ක්‍රියා කරන්නෙකි. ඔවුන්ගේ හැම තීරණයක්ම මෝඩ අඥාන තීරණය. කිසිවෙක් පිළි නොගනියි. සමාජයේ වැදගත් තැනක් ඔවුනට නැත. අනුවණය. තවත් සමහරු සිනහ වනවිට කට කම්මුල දක්වාම විවෘත වෙයි. මෙවන් අයගේ චරිතය විටෙක ගුප්ත බව පෙනේ. කෙනෙකුට පහසුවෙන් තෝරා බේරා ගැනීමට නොහැකිය.

සමහරුන්ගේ කට සිහින්ව පෙනේ. එබඳු අය සමාජයේ කාගේත් ගෞරවාදරයට පාත්‍ර වෙයි. ඉතා පි‍්‍රයශීලී ගතිගුණ ඇති මොවුන් ආශ්‍රය කිරීමට කවුරුත් පාහේ කැමැතිය. මෘදු මොලොක් කරුණාව, දයාව පිරි ඔවුහු සමාජයේ ස්වේච්ඡා කාර්යයන්හි නියැළෙති. ඒ හුදු පරාර්ථකාමී බව ප්‍රකට කරමිනි. ඔවුන්ගේ උපදෙස් පිළිගැනීමට කවුරුත් පෙලඹෙයි.

සමහරුන්ගේ මුඛය සම ලෙස නැත. කටේ උඩු හනුවට වඩා යටි හනුව කුඩාවට පිහිටා තිබිය හැකිය. මොවුනට සමාජයේ තැනක් නැත. කාගේත් ගර්හාවට ලක්වෙයි. නිතරම තමන්ට වඩා ලොක්කෙක් නැතැයි යන අදහස හිසෙහි දරන්නෙකි. රළු ගති ඇත්තෙකි.

සමහරුන්ගේ කට දෙස බලනවිට තවත් වරක් හැරී බලන්නට තරම් ආකර්ෂණීය බවක් පෙනේ. බොහොම ලස්සනය. මුවේ උඩ පැත්ත ද යටි පැත්ත ද ඉතා සමව ඇත. මොවුහු උගත් බුද්ධිමත් ලක්ෂණ පෙන්වයි. අහංකාරය. මානය වැනි දුර්ගුණ නැති මොහු කවරකුගේ වුවද අවවාද අනුශාසනා මහත් සේ අගය කරයි. ඇසුරු කරන්නන් අතර බොහෝ ඉක්මනින් ජනපි‍්‍රය වෙයි. නිරතුරු අන්‍යයන්ට යමක් දීමේ සිතක් පසුවන පරාර්ථකම අගයන්නෙකි. උසස් මානව ගුණ ධර්මතාවන්ගෙන් සමන්විතය.

 

 

කලාභූෂණ, ශාසනදීපන, සාහිත්‍ය කීර්ති, ලේඛක ආචාර්ය

සිරිපාල මාදුවගේ 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.