ධනවතුන් දිළින්දන් කරන පිහිටීම්

සැප්තැම්බර් 8, 2023

පොහොසත් හෝ දිළිඳු බව කියන වචන විවිධ ලෙස අර්ථකථන කල හැකිය. ඒ අනුව මේ සඳහන් කරන්න සූදානම් වන්නේ ධනයෙන් දිළිදු වීම ජන්ම කේන්ද්‍ර තුළින් පෙන්වන ආකාරය පිළිබඳවය.

සසරේ කළ කුසල් අකුසල් පලදීම මත දුප්පතුන් පොහොසතුන් බිහිවන බව පෙනේ. යමෙකුගේ පූර්ව අකුසලයන් විපාක දෙමින් දිළින්දන් කරන යෝග කීපයක් මෙසේය.

ජන්ම මොහොතේ සියලු ග්‍රහයන් නීච රාශිවල සිටීමෙන් අබලන් වූ අය බිහිවේ. දුක් සහිත ජීවිතයක් උරුම වේ. සිකුරු හෝ සෙනසුරු මේෂයේත් රවි වෘෂභයේත් සඳු මීන රාශියේත්, කුජ කටක රාශියේත් සිට්න මොහොතක උප්පත්තිය ලබන අයට කටක යෝගය ඇති වේ. සැප අහිමි වේ.

රවි සඳු දෙදෙනා කුම්භ රාශියේ සිටින විට ගුරු සිකුරු කුජ ශනි නීචව සිටින මොහොතක ජන්මය ලැබීම දිළිඳුකම ඇති කරවයි. සෙනසුරු අඟහරු බුධ චන්ද්‍රයා නීචව උපන් අයගේ වෙනත් බලවත් යෝග පවා නැසේ. රජ පවුලක වුවත් දිළිදු වේ. තනතුර අහිමි වේ.

ලග්නය හා දහය භාව කිසිදු ග්‍රහයකුගේ දෘෂ්ටියට හසු නොවේ නම් අධම යෝගය බිහි වේ. රාජ යෝග පවා භංගවේ.

සෙනසුරු චන්ද්‍රයා සිකුරු නීචව සිටිමින් රවි කුම්භ රාශියේ සිටිනා කල උපන්නේනම් විකෘති තා ඇතුව දුක් විදියි.”එතී” යෝගය ඇති වේ.

භද්‍රා තිථිය සහිත දිනක ව්‍යාතිපාත නැමැති යෝගය උදා වුවහොත් හෝ ,ඒ මොහොතේ නැගෙනහිර ක්ෂිතිජයෙන් කේතු ලග්නගතව උදාවුවහොත්,එකල්හී උපන් අය ධනයෙන් පිරිහේ.

සඳු වෘශ්චික රාශියේදී නීචවේ.අදාල නීච අංශක වල ගමන් කරන සඳු පරම අංශකය (නීචයේ උපරිම) තුල ගමන් කරන විට උපන් අය දිළිදු වේ.

ලග්නාධිපතියා මාරකාධිපතියා මිශ්‍ර වී නවය අධිපති සුබ ග්‍රහයින් දකින විට ලග්නාධිපති හය හෝ අට හෝ දොළහට පතිත වූයේනම් ණය කාරයෙක් වේ.ධනවත් පවුලක උවත් දිළිදු වේ.

දෙවැන්නාධිපති හෝ ධන යෝග කාරක ග්‍රහයා ත්‍රිකෝනාධිපතියන් සමග හය අට දොලහ අධිපතියන් සමග සිටින විට ජන්ම ලැබුවේනම් දිළිඳු වේ. ලග්නාධිපතියා මාරක ග්‍රහයෙක් සමග අටවැන්නේ සිටින විට අට අධිපති ලග්නයේ සිටියේනම් එවන් මොහොතක උප්පත්තිය ලබන අය දිළිදු වේ.

මාරකාධිපතියා දුෂ්ඨස්ථාන ගතවී හෝ  මිශ්‍ර වී හය අධිපති ලගනයේත් ලග්නාධිපති හයේත් වන කල උපන් අයට ධන සම්පත් නැත. ලග්නාධිපති අට අධිපති සමග සිටීමෙන් හෝ දකින විට හෝ රවි චන්ද්‍ර දෙදෙනා ලග්නයේ සිටින විට ජන්ම ලැබුවේ නම් දිළිඳු වේ. හය අධිපති දහයේ අට අධිපති දෙකේ එකොළහ අධිපති දොලහේ සිටින විට ලග්නාධ්පති හය අට දොලහ වේයේනම් ගුරු සිකුරු සඳු නීචනම් එකල්හී ජන්මියා දුප්පතකු වේ. වර්ග කේන්ද්‍ර බල අනුව මින් යම් වෙනසක් වූවද මෙවැනි අය ධනය පිරිහී දුක් විඳී.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.