රැකියාව උසස් වන්නේ කවදාද?

සැප්තැම්බර් 15, 2023

ජන්ම පත්‍රයක කර්මස්ථානය එහි 10 වැනි භාවය වෙයි. ඒ නිසා එය ජන්මියාගේ වෘත්තිය ගැන, එනම් ඔහු වාසනාව ලබා ඇත්තේ වෘත්තියක නිරතවීමටද නැතහොත් ව්‍යාපාරයකට යොමුවීමද, එසේනොවී කිසිම කාර්යයකට සම්බන්‍ධ නොවී ජීවත්වීමටද යන බව පෙන්වන ස්ථානය 10 වැනි භාවය වෙයි. එසේම ජනප්‍රියබව, සමාජ තත්වය, උසස් තනතුරුවලට පත්වීම යනාදියද පෙන්වයි. ජන්ම පත්‍රයක 10 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයාගේ නිවේදකත්වය මඟින් වෘත්තිය සම්බන්‍ධ සියලු තොරතුරු හඳුනාගත හැකි වන්නේය.

ජන්ම පත්‍රයක 10 වැනි භාවය මගින් වෘත්තිය පෙන්වයි. 10 වැනි භාව ස්ඵූටයේ උපස්ථානය අධිපති ග්‍රහයා 10 වැනි හෝ 2 වැනි හෝ 6 වැනි භාවයක නිවේදකත්වය දරන විට ජන්මියාගේ වෘත්තිය පිළිබඳ වාසනාව ලබා ඇත්තේය.

ජන්ම පත්‍රයක 10 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 6 වැනි භාවයට සම්බන්‍ධ වන්නේ නම්, සේවයට ළැදි, සේවයෙන් උසස්වීම් ලබන සියලු කටයුතුවලින් සාර්ථකත්වය ලබන අයෙකි. එසේම, 10 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 10 වැනි භාවයට සම්බන්‍ධ වන්නේ නම්, ජන්මියා වෘත්තීය කටයුතුවලට දක්‍ෂවෙයි. වෘත්තිය, සමාජ තත්ත්වය සහ ව්‍යාපාර සාර්ථක කර ගනියි. තවද 10 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 11 වැනි භාවයට සම්බන්‍ධ වන්නේනම්, ඉතා පහසුවෙන් සියලු කටයුතුවල සාර්ථකත්වය ලබයි. මිතුරන්ගේ සහාය ලබයි, සියලු බලාපොරොත්තු ඉටුකර ගනියි.

මෙම ජන්ම පත්‍රය හිමි අයගේ වෘත්තියේ උසස්වීම් සම්බන්‍ධයෙන්, ජන්ම පත්‍රයේ 10 වැනි භාවය පරීක්‍ෂා කරමු. මෙම ජන්ම පත්‍රයේ 10 වැනි භාව ස්ඵූටය මේෂ 10 24 08 හි යෙදී ඇත, මේ භාව ස්ඵූටය කුජ ග්‍රහයා හිමි රාශියේ කේතු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ ශනි ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත, මේ භාවය තුළ රාහු ග්‍රහයා තැන්පත්ව ඇත.

මෙම ජන්ම පත්‍රයේ 10 වැනි භාව ස්ඵූටයේ උපස්ථානය අධිපති ශනි ග්‍රහයා වෙයි, මේ ශනි ග්‍රහයා, 4 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි සහ 9 වැනි, භාව නිවේදක ග්‍රහයකු වෙයි. මේ අනුව ජන්මියා වෘත්තියක යෙදීමේ වාසනාව ලබා ඇතිබව ප්‍රකාශ කළ හැකිය.

මේ ජන්මියාගේ වෘත්තියේ උසස්වීම සිදුවන කාල සීමාව නිගමනය කිරීම සඳහා ජන්ම පත්‍රයේ 6 වැනි, 10 වැනි සහ 11 වැනි භාවයක නිවේදක ග්‍රහයන් යොදා ගන්න.

6 වැනි භාවය; ගුරු, ශනි, කේතු සහ සඳු. 10 වැනි භාවය; කුජ, සිකුරු සහ රාහු. 11 වැනි භාවය; සිකුරු සහ රාහු. මේ අනුව, 6 වැනි, 10 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ ගුරු, ශනි, කේතු, සඳු. කුජ, සිකුරු සහ රාහු යන ග්‍රහයන් වෙති.

මෙම ග්‍රහයන්ගේ නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරනවිට ජන්මියා වෘත්තියේ උසස්වීම ලබයි.

නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී සහ දශා අතුරු දශා කාලවල අධිපති ග්‍රහයන්ගේ සහ රවි සහ සඳුගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ප්‍රතිපල ලබයි.

මේ ජන්ම පත්‍රයේ ජන්ම අවස්ථාවේ පාලක ග්‍රහයන් වන්නේ; කුජ, ශනි, රවි, ගුරු, සඳු, ශනි සහ සිකුරු වෙති.

මේ ග්‍රහයන් අතරෙන් පොදු ග්‍රහයන්, එනම් පලදායී නිවේදක වන්නේ; කුජ, ශනි, ගුරු, සඳු සහ සිකුරු වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2023 ඔක්තෝබර් මාසයේ 09 වැනි දින සිට ගුරුගේ මහ දශාව පවතියි. ගුරු ග්‍රහයා තැන්පත්ව සිටියේ සඳුගේ නක්‍ෂත්‍රයකය. සඳු ග්‍රහයා, 2 වැනි සහ 6 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි. ඒ නිසා මෙම කාලසීමාව තුළ වෘත්තියේ උසස්වීම් ලැබෙයි.

මෙම කාල සීමාව තුල ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන බලන්න. ගුරු ග්‍රහයා සුභදායක රාශියක සහ නක්‍ෂත්‍රයක ගෝචර ගමන බලන්න. එම කාල සීමාව තුළ රවිගේ ගෝචර ගමන බලන්න.

ඊළඟට සඳුගේ ගෝචර ගමන බලා දිනය නිගමණය කරන්න.

 

ඡ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්. සිල්වා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.