වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
වසරේ මාස අනුව ජය ලක්ෂ්මී ජය ගෙනෙන විශේෂ ක්‍රමයක්
සමස්ත ඡ්‍යොතිෂ විෂය පුරාම ජයභූමි ශාස්ත්‍රය විහිදෙන්නේ නමුත් ශූක්ෂ්ම ඡ්‍යොතිෂයෙහි නැතහොත් උමා ඡ්‍යොතිෂයෙහි මෙය ගැඹුරින් වෙනම විෂය ඒකකයක් සේ ගෙන සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇත. බොහෝ දෙනකු චූල ඡ්‍යොතිෂය යැයි කියනුයේ ද උමා ඡ්‍යොතිෂයටම වූයේ නමුදු වර්තමානයේ මුද්‍රණද්වාරයෙන් පිටවූ කිසිදු ග්‍රන්ථයක එහි විෂය පරාසයවත් පැහැදිලිව දක්නට නොලැබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහි නියම නාමය වන “උමා ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය” හෝ “උමා හෝරා ශාස්ත්‍රය” යන්නෙහි සියලු රහස් ගැබ්ව ඇති අතර ඒ පිළිබඳ මූලික හැඳින්වීමක්, අදහසක් පෙර ලියන ලද ලිපි අධ්‍යයනය කිරීමෙන් ලබාගත හැකිවනු ඇත.
අද අප ඔබට පැවසීමට යන්නේ ලක්ෂ්මී භූමිය පිළිබඳවය. මෙයද මහා ලක්ෂ්මී භූමිය, ජය
ලක්ෂ්මී භූමිය යනුවෙන් ප්‍රභේද වේ. ලක්ෂ්මී දෙවියන්, ලක්ෂ්මී මෑණියන් යන නාමය ඇසූ සැණකින් අප කා හටත් සිහිවනුයේ මිල මුදල් සහ ධන ධාන්‍යය ලක්ෂ්මී මෑණියන් සියල්ලට ප්‍රධානය. අපේ ජනශ්‍රැතිවල දක්නට ලැබෙන සත් පත්තිනි සංකල්පය සහ ‘විශ්වමාතා’ සංකල්පය එකක්මදෝ යැයි පෞද්ගලිකව මට සිතේ. කෙසේ වෙතත් ශාස්ත්‍රානුකූලව මූලාශ්‍ර අනුවම සාකච්ඡා කෙරෙන විට ‘සප්ත මාත්‍රිකා’ යනුවෙන් සංස්කෘත ග්‍රන්ථවල සඳහන් වනුයේ ලක්ෂ්මී මෑණියන්ගේ පරිවාර මාතෘ දිව්‍යාංගනාවන්ය. වරෙක මෙය ‘යෝගිනී’ නාමයෙන් ද ඉගැන්වේ. මේ සියලු සංකල්ප එකිනෙකට බැඳී පවතින අතර අපි කවුරුත් ධනයට, ධාන්‍යයට ලොල් බැවින් එම අරමුණ සාක්ෂාත් කරනු වස් ලක්ෂ්මී නමැදීමට පි‍්‍රය කරන්නෙමු.
‘ලක්’ සහ ‘ෂමී’ යන දෙපදයෙහි අරුත ක්‍රමයෙන් වාසනාව සහ එක්වීමයි. වාසනාව කැටිවුණු යන අරුත ‘ලක්ෂ්මී’ පදයෙන් ගෙනේ. ඉංගී‍්‍රසියෙන් ඹ්භජඬ කියන්නේ ද වාසනාවටය. පාලියෙන් ‘ලක්’ යන පදය වාසනාව අරුත්ගන්වනු ඇත. ‘ලක්ඛිකෝවා අලක්ඛිකෝ වා’ ආදී පද විමසත්වා. කෙසේ වෙතත් අපට වැදගත් වන්නේ අපගේ වාසනාවය. නිරන්තරයෙන් අපි එය උරගාමින් සිටිමු. සමහරු දෛනිකව ලක්ෂ්මී දෙවඟන පුදනු ලැබේ. තවත් සමහරු මාසයකට තෙමාසයකට වරක් ලක්ෂ්මී දෙවඟන පුදනු ඇත. ඇය වෙනුවෙන් සුදුසුම පහන ගිතෙල් පහන ය. සුවඳ පොල්තෙල් සුවඳ තැඹිලි තෙල් ද ඊට යෝග්‍ය වේ. සුවඳ, පොල්තෙල් යනු සුවඳ ද්‍රව්‍ය කීපයක් මිශ්‍රකොට සකසා ගනු ලබන පොල්තෙල් ය. සුදු හඳුන්, සුදු මල් ආදියට ඇය පි‍්‍රය යැයි කියැවේ.
කිසියම් කෙනකුට ආමන්ත්‍රණය කළ යුත්තේ ඔහුගේ හෝ ඇගේ මුහුණ බලාය. එහෙත් බුදුරජාණන් වහන්සේ හමුවෙහි වන්දනා කරන විට “එකත් පස්ව“ වන්දනා කළ යුතුය. ඒ පිළිබඳ සමාජයේ විවිධ මත තිබේ. උමා ඡ්‍යොතිෂය තුළ සාකච්ඡා කෙරෙන ලක්ෂ්මී භූමි සංකල්පයේ දී ලක්ෂ්මී දෙවියන්ගේ මුහුණ බලා කටයුතු කරන අවස්ථා මෙන්ම පිටුපා කටයුතු කරන අවස්ථා ද වන්නේ ය. සිංහල උමා ඡ්‍යොතිෂය අනුව ‘මරු ද ජය භූමියකි. මරුට පිටුපෑමෙන් ජයග්‍රහණය ලැබෙන අතර මරුට මුහුණලිය යුතු අවස්ථාද නැත්තේ නොවේ. කෙසේ වෙතත් අප ඔබට මෙහි අද ඉදිරිපත් කරනුයේ ‘ජය ලක්ෂ්මී’ භූමියයි.
බක් මාසය, නිකිනි මාසය, උඳුවප් මාසය තුළ ඔබ ජය ලක්ෂ්මී මෑණියන්ගේ ආශීර්වාදය ලබාගන්නවා නම් ඔබ නිරිත දිසාව බලා ලක්ෂ්මී මෑණියන් පිදිය යුතු ය. වන්දනා කළ යුතු ය. වෙසක්, බිනර මාසය සහ දුරුතු මාසයේ දී ජය ලක්ෂ්මී මෑණියන් වන්දනා කිරීමට ඔබ තෝරාගත යුත්තේ වයඹ දිසාවය. පොසොන් මාසය, වප් මාසය සහ නවම් මාසයේ දී ගිනිකොන දිසාව බලා වන්දනා කළ යුතු වේ. ඇසළ මාසය, ඉල්මාසය සහ මැදින් මාසයේ දී නම් එහිදී ද ඔබ නිරිත දිශාව බැලීම යහපත් ප්‍රතිඵල ගෙන දීමට හේතු වේ. මෙසේ ඒ චන්ද්‍ර මාසයෙදී ලක්ෂ්මී මෑණියන් වන්දනා කිරීමේ දී ඔබ බැලිය යුතු දිශාව මෙහි සඳහන් කොට ඇත. ලිත පොතකින් හෝ වෙනයම් අයුරකින් ඔබට චන්ද්‍ර මාසය දැන ගැනීමට සිදුවනු ඇත.
මාසයෙන් මාසයට මෙය පැවසූයේ නමුදු එය තිථියෙන් තිථිය හෙවත් සඳු මාසයේ දවසින් දවස මෙන්ම දවස තුළද පැයෙන් පැය දිසාව වෙනස් වේ. එහෙත් පොදු මාස දිසාවේ බලයද අහෝසි නොවන නිසා එය ද අපට ප්‍රයෝජන ගත හැකි වෙයි. ඔබගේ ගෙවත්තෙ හි බෙලි පැළයක් වී නම් එම බෙලි ගස මුල පිරිසුදු කර සුදු වැලි ඉස සුවඳ දුම් අල්ලා බෙලිගස මුල ඒ ඒ චන්ද්‍ර මාසයනට කී දිශාව බල පූජා සත්කාර කළ හැකි වෙයි.
මෙම ලක්ෂ්මී වන්දනයට ඉතා ශූක්ෂ්මව ගැන සිදුකළ හැක්කේ නම් සමහරුනට එය
ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල ගෙන දෙනු ඇත. එසේම ඔබට තවත් රහසක් හෙළි කරනු කැමැත්තෙමි. මේ වසරේ නිකිණි මාසය ඇරඹෙනුයේ අගෝස්තු 17 දාය. එය සැප්තැම්බර් 14 දක්වා පවතී.
ලක්ෂ්මී ආශීර්වාදය නිරිත දිසාවෙන් ලැබෙන මාසයයි. මේ මාසයේ දී තෝරාගත් සුබ දවසක ගෘහ මධ්‍යයේ තෝරාගත් තැනක ලක්ෂ්මී රූපයක් තබා, ගිතෙල් පහනක් සුදුමල් 28ක්, සුවඳ දුම් පූජාකර නිවෙසේ වාස්තු දෝෂ දුරුකර දෙන ලෙස අයදින්න. මේ සියල්ල නිරිත දිසාව බලා සිදු කළ යුතු වන බව සිහිකටයුතුයි.
එසේම සුබසෙත පාඨකයන් වෙනුවෙන් ලක්ෂ්මී දෙවියන් සඳහා භාවිත කළ හැකි මන්ත්‍ර රත්නයක්ද මෙහි ගෙන එන්නෙමු. දෛනික ලක්ෂ්මී වන්දනා කිරීමේදී තුන්වරක් කියා සුවඳ දුම් දීම යහපත්ය. වෙනත් මුද්‍රිත ග්‍රන්ථයන්හි ද මෙම මන්ත්‍රය දැක ඇත්තේ නමුදු අප මෙහි ඉදිරිපත් කරන මන්ත්‍රය අපේම ගුරු පරපුරෙහි පොත්වලින් උපුටා ගත්තක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
මනෝවිද්‍යා උපදේශක,
පාරම්පරික ශාස්ත්‍රඥ
හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු