සතියේ පඤ්චාංගය

ජුනි 2, 2023

 

ශක වර්ෂ 1945 ක් වූ වෘෂභ රවි 19 භාග පොසොන් පුර තුදුස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 25 භාග පොසොන් අව විසේනිය ලත් ගුරුදින දක්වායි.

 

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි - වෘෂභ

කුජ - කටක

බුධ - මේෂ ( 07 දා රාත්‍රී 07.50 වෘෂභ)

ගුරු - මේෂ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි - රෙහෙන

කුජ - පුෂ

බුධ - බෙරණ ( 05 දා උදේ 09.14 කැති)

ගුරු - අස්විද

ශුක්‍ර - පුනාවස ( 03 දා අලුයම 05.18 පුෂ)

ශනි - සියාවස

රාහු - අස්විද

කේතුª - සා

යුරේනස් - බෙරණ

නැප්චූන් - පුවපුටුප

 

 

පෝය

 

ජුනි 03 සෙනසුරාදා උදේ 11.15න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා උදේ 09.11න් ගෙවේ. 03 සෙනසුරාදා සිල්.

 

 

 

චන්ද්‍ර චාරය

 

03 දා රාත්‍රී 12.27 වෘශ්චික

05 දා අලුයම 03.23 ධනු

07 දා අලුයම 04.42 මකර

 

 

 

දින තත්ත්වය

 

ජුනි 02 සිකුරාදා

වෘෂභ රවි 19 භාග පොසොන් පුර තුදුස්වක තිථියලත් කිවි දින. ඉර උදාව 05.53 ඉර බැසීම 06.23. සා නැකත උදේ 06.53න් ගෙවී විසා නැකත ලබයි. පොසොන් පුර තෙළෙස්වක තිථිය දහවල් 12.45න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා පවතී. පරිඝ යෝගය සවස 05.06න් ගෙවී ශිව යෝගය ලබයි. කෞලව කරණය අලුයම 01.18න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 12.45න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - නළල

මරු - ගිනිකොන

යෝගිනී - බටහිර

සුබ දිසාව - නැඟෙනහිර

ජුනි 03 සෙනසුරාදා

වෘෂභ රවි 20 භාග පොසොන් පුර පසළොස්වක තිථිය ලත් ශනි දින. ඉර උදාව 05.54 ඉර බැසීම 06.23 විසා නැකත උදේ 06.17න් ගෙවී අනුර නැකත ලබයි. පොසොන් පුර තුදුස්වක තිථිය දහවල් 11.15න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබා පවතී. ශිව යෝගය දහවල් 02.45න් ගෙවී සිද්ධ යෝගය ලබයි. ගරජකරණය අලුයම 12.05න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 11.15න් ගෙවී විෂ්ටිකරණය උදා වී එදින රාත්‍රී 10.16න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - හිස්මුඳුන

මරු - නැඟෙනහිර

යෝගිනී -වයඹ සුබ දිසාව- උතුර

ජුනි 04 ඉරිදා

වෘෂභ රවි 21 භාග පොසොන් අව පෑලවිය තිථිය ලත් රවි දින. ඉර උදාව 05.54 ඉර බැසීම 06.24 අනුර නැකත අලුයම 05.04න් ගෙවී දෙට නැකත ලබයි. පොසොන් පුර පසළොස්වක තිථිය උදේ 09.11න් ගෙවී පොසොන් අව පෑලවිය තිථිය ලබා පවතී. සිද්ධ යෝගය දහවල් 11.57න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. බවකරණය උදේ 09.11න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රී 07.56න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - උතුර සුබ දිසාව - දකුණ

යෝගිනී - නැඟෙනහිර

ජුනි 05 සඳුදා

වෘෂභ රවි 22 භාග පොසොන් අව දියවක තිථිය ලත් සඳු දින. ඉර උදාව 05.54 ඉර බැසීම 06.24 දෙට නැකත අලුයම 03.23න් ගෙවී මුල නැකත ලබයි. පොසොන් අව පෑලවිය තිථිය උදේ 06.40 න් ගෙවී අව දියවක තිථිය ලබා පවතී. සාධ්‍ය යෝගය උදේ 08.49න් ගෙවී ශුභ යෝගය ලබයි. කෞලවකරණය උදේ 06.40න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 05.15න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - නළල

මරු - වයඹ යෝගිනී - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

ජුනි 06 අඟහරුවාදා

වෘෂභ රවි 23 භාග පොසොන් අව තියවක තිථිය ලත් කුජ දින. ඉර උදාව 05.54 ඉර බැසීම 06.24 මුල නැකත අලුයම 01.23න් ගෙවී පුවසල නැකත ලබා එය රාත්‍රී 11.14න් ගෙවී උත්‍රසල නැකත ලබයි. පොසොන් අව දියවක තිථිය අලුයම 03.50න් ගෙවී අව තියවක තිථිය ලබා පවතී. ශුභ යෝගය අලුයම 05.26න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. ගරජකරණය අලුයම 03.50න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 02.21න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - බැම

මරු - බටහිර යෝගිනී-ගිනිකොන

සුබ දිසාව - නැඟෙනහිර

ජුනි 07 බදාදා

වෘෂභ රවි 24 භාග පොසොන් අව ජලවක තිථිය ලත් බුධ දින. ඉර උදාව 05.54 ඉර බැසීම 06.24. උත්‍රසල නැකත රාත්‍රී 09.05න් ගෙවී සුවන නැකත ලබයි. පොසොන් අව තියවක තිථිය අලුයම 12.52න් ගෙවී අව ජලවක තිථිය ලබා එය රාත්‍රී 09.53න් ගෙවී අව විසේනිය තිථිය ලබා පවතී. ශුභ යෝගය අලුයම 01.55න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබා එය රාත්‍රී 10.25න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබා පවතී. විෂ්ටිකරණය අලුයම 12.52න් ගෙවී බවකරණය ලබා එය දහවල් 11.22න් ගෙවී බාලවකරණය උදාවී එදින රාත්‍රී 09.53න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - කන

මරු - නිරිත යෝගිනී - නිරිත

සුබ දිසාව - දකුණ

ජුනි 08 බ්‍රහස්පතින්දා

වෘෂභ රවි 25 භාග පොසොන් අව විසේනිය තිථිය ලත් ගුරුදින. ඉර උදාව 05.54. ඉර බැසීම 06.25 සුවන නැකත රාත්‍රී 07.02න් ගෙවී දෙනට නැකත ලබයි. පොසොන් අව විසේනිය තිථිය රාත්‍රී 07.03න් ගෙවී අව සැටවක තිථිය ලබයි. මහේන්ද්‍ර යෝගය රාත්‍රී 07.02න් ගෙවී වෛධෘති යෝගය ලබයි. කෞලවකරණය උදේ 08.26න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 07.03න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - ඇස

මරු - දකුණ

යෝගිනී - දකුණ

සුබ දිසාව - නැඟෙනහිර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.