සතුරන්ට අසු නොවී යහතින් දිවි ගෙවීමට පිරිතක් උදෑසනට

ජනවාරි 13, 2023

උදේතයං චක්ඛුමා ඒකරාජා

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං

පඨවිප්පභාසං

තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

 

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ

තේ මේ නමෝ තේච මං පාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා

නමෝ විමුත්තා නං නමෝ විමුත්තියා

ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ

චරති ඒසනා

 

සවසට හා රාත්‍රියට කියන කොටස

 

අපේතයං චක්ඛුමා ඒකරාජා

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං

පඨවිප්පභාසං

තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

 

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ

තේ මේ නමෝ තේ ච මං පාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා

නමෝ විමුත්තා නං නමෝ විමුත්තියා

ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ

වාසමකප්පයීති

 

 

මෝර පිරිත කොටස් දෙකකින් යුක්තය. එයින් එක් කොටසක් උදයට කීම සඳහා ය. අනෙක් කොටස සවසට - රාත්‍රියට කීම පිණිසය.

 

සිදුහත් මහ බෝසතාණන් වහන්සේ රණ මොනරකුව සිටි කාලයකදී සතුරන්ට අසු නොවීම පිණිස මේ පිරිත භාවිතා කළ සේක. පිරිත කියන්නට අමතක වූ දිනයේ සතුරාගේ උගුලට අසු වූ බවත් කියා තිබේ. එහෙයින් මෙය සොර සතුරන්ට අසු නොවී වාසය කිරීමට සුදුසු මහානුභාව සම්පන්න පිරිතකි. මිල මුදල් වටිනා බඩු ඇතිව වෙළඳාම් ආදිය පිණිස පිට පළාත්වල සංචාරය කරන අයට ආරක්ෂාව සඳහා භාවිත කිරීමට මෙය සුදුසු ය. උදයෙහි නින්දෙන් අවදි වූ වහාම ඇඳෙන් නොනැගිටම පළමු වන කොටස කිය යුතු ය. රාත්‍රියේ නින්දට යන විට දෙවන කොටස කියවීම මැනවි.

 

ධර්මාචාර්ය කිවිපති

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.