කටක ලග්නය

සැප්තැම්බර් 2, 2022

කටක ලග්න හිමියෝ දයානුකම්පාවකින් ආදරය කරන මානව භක්තියෙන් පිරිපුන් අය වෙති. විශ්වාසවන්තයි. නීතිගරුකයි. අවංකයි. වැඩ කටයුතු හරියාකාරව කරන ඉතාම නිහතමානි චරිතයක් හිමිය.

ප්‍රසන්න පෙනුමකින් යුක්තවන අතර සමාජයේ හොඳනමක් දිනාගෙන ක්‍රියා කිරීමේ සමතුන්ය. වැඩිහිටියනට ගරු කරන සමාජයේ විශ්වාසය දිනා ගැනීමට සමත් නිර්මාණකරුවන්ය.

ඔවුන් තුළ දැඩි අධිෂ්ඨානශීලිගතියක් තිබේ. අන් අයගේ අදහස්වලට බාධා නොකරයි. උසස් තැනකට පත්වීමට දැඩි ලෙස උත්සාහ කරන සුළුය. ප්‍රකාශන බුද්ධියත්, වටහා ගැනීමේ ශක්තියත් අන්‍යයන් සමඟ සහයෝගයෙන් එක්ව වැඩ කිරීමේ බලයත් තමා සතුය. පාරම්පරික සිරිත් විරිත් වලට ගරුකරයි. සමාජ විද්‍යාව, පරිසරවේදය. ජනශ්‍රැතිය මෙන්ම ඉතිහාසය ගැන ගැඹුරින් අධ්‍යයන කිරීමේ නියැලුන අය වේ. දැවැන්ත ව්‍යාපාරික අංශයන් හි නිරතවී ඒවායේ ප්‍රගතියක් කරා ගෙන යෑමට සමත් වේ. අයහපත් චරිත ලක්ෂණයන් වන්නේ හොඳ ප්‍රතිඵල පමණක් අපේක්ෂා කරන අතර අයහපත් ප්‍රතිඵල ලැබෙන විට මානසිකව පරාජයට පත්වීමයි. මොවුන් නිතරම අමාරු දුෂ්කර වැඩ කොටස් අන් අයට ඉතුරු කරන්නේ ඉතාම රහසිගතවය. වඩාත් හැඟීම් බර නිසාම සඳුගේ බලපෑම හරහා තරමක් දුරට ආත්මාර්ථකාමී වන අවස්ථා උදාකරගනී.

වයස 38 දී දියුණුවේ 47 +59 අතර කාලය තුළ මූල්‍යමය සම්පත් කෙරෙහි වැඩි නැඹුරුවීම නිසා විශාල ලෙස සම්පත් ඒකරාශි කර ගනී. සිංහ, මීන, වෘශ්චික , මකර ලග්න හිමියන් ඔබ සමඟ එක්වේ. පෙම් සබඳතාවයක් මත විවාහ වේ. බාහිර පෙනුමට මූලිකත්වය දෙනු ඇත. කටක ලග්න හිමියන් ජීවිතයේ දෙගොඩ හරි වයසේදී වඩාත් අධ්‍යාත්මික අංශයට හැරේ. සැමදා සැමවිටම සතුටින් සිටීමට යත්න දරයි. ඒ අනුව හැඩ ගැසෙන උතුම් චරිතයක් හිමිවේ.

ලෝපතළ අය

අටවැනි හෙන්රි රජු, යූල් බ්‍රයිනර්, නැන්සිරේගන්, ජින්පොල් සාතේ‍්‍ර, පර්ල් එස්.බක්.ජින්ජර් රොජර්ස.

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී

දේශබන්ධු

හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.