යුගදිවිය අසාර්ථක කරගන්නා අධික කාමශක්ති කාන්තාවෝ

ජනවාරි 14, 2022

යුගදිවිය යනු හුදෙක්ම කායික වින්දනයට පමණක්ම සීමාවූ දෙයක් නොව දෙදෙනා අතර සාමූහික ප්‍රයත්නයක සුසංයෝගී ජීවිතයක සෞන්දර්ය රටා වියමනකි. සත්ව ලෝකයේ ගැහැනියකගේ පෙළඹීම මත පිරිමි සත්වයාගේ සැඟවුණ කාමාශාව කුළුගැන්වී උම්මන්තක අයකු සේ ක්‍රියාකරනු ඇත. මෙය සොබාදහමේ එක්තරා අවශ්‍යතාවයක් ද වේ. එහෙත් ශිෂ්ඨසම්පන්න සමාජයක එවැනි උම්මන්තකයකු සේ හැසිරීම අශෝබනයි.

මිනිස් සමාජයක පැවැත්ම සඳහා කිසියම් මනෝමය සංවරයක් තිබිය යුතු වේ. මෙවැනි කාමාධික ස්ත්‍රීන් නිසා මෙලොව උම්මත්තකයින් සේ හැසිරෙන පිරිමි අනන්තයි. ඇගේ සිරුරේ කාම ශක්ත හැඩතල දෙඇස ගැටුණ විගසම සිය කාමාශාව කුළුගැන්වේ. සමහර විට එය පාලනය කර ගැනීමටද නොහැකි අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ.

කුජ, රාහු, සිකුරු , සඳු ග්‍රහයින්ගේ හැසිරීම මත ඒ ඒ පුද්ගලයාගේ කාමයේ අඩුවැඩි බව නිගමනය වෙනු ඇත.

කේන්ද්‍රයක කුජ, ශුක්‍ර දෙදෙනා පරස්පරව හෙවත් ප්‍රතිවිරුද්ධව අංශකගතව සිටීම හරහා කාමාධික කතක් බවට පත්වන්නීය.

පහතින් දක්වන ග්‍රහයෝග ග්‍රහ හැසිරීම් රටාව අනුව මෙකී ග්‍රහ හැසිරීමේ වේගවත් බව ඉස්මතු වීම හරහා කාමයෙන් අධික සේ උම්මත්තක තත්ත්වයට පත්වන්නීය.

ලග්නයට අධිපතිව සිටින ග්‍රහයා සමඟ යෝගවූ කුජ, මකර රාශිගතව රාහුගේ පෙනීම ලැබූවිටද කාමශක්ත වේ.

ලග්නාධිපති සහ විවාහකස්ථානය වූ 7 වැන්නාධිපති ග්‍රහයින් පාපී රාශිගතව සිට ලග්නය හා සඳුට ශූක්‍රගේ බැල්ම වැටීමක් සිදුනොවීම ද කාමශක්ත වේ.

කේන්ද්‍රයේ 1,4,7,8,12 යන භාවස්ථානයක සිටින පාපියකුට සංයෝගවී කුජ සිටීම උච්ච ක්ෂේත්‍ර නොවු සඳු කුජ, ශුක්‍ර 7 වැන්නේ සිටීම

පාපී පෙනීම ලැබූ සඳු ලග්නයේ සිට ශුක්‍ර, මකර හෝ කුම්භයේ සිටීම ලග්නය සහ සඳු පාපකර්තවීම සියලුම පාපීන් සඳුට පෙනීම මකර ලග්නයෙන් ඉපිද සත්වැන්නේ රවි, කුජ යෝගවීම

ලග්නය 3-7 වැන්නේ පාපීන් සිට හෝ සඳු, කුජ , කිවි 7 වැන්නේ සිටීම

සත්වැන්නේ කුජ, රාහු එකම නවාංශකයක සංයෝගවීම හෝ සත්වැන්නේ සිටින උක්ත ග්‍රහයකුට අනික් ග්‍රහයා පෙනීම

සඳු සහ රාහු ලග්නයේ සිටියදී මේෂ ලග්නයෙන් ඉපදුන කාන්තාවකගේ 7 වැන්නේ රවි බුධ කේතුද 6-8 භාවයන්හි සිකුරු හා කුජ සිටීම ද ඇය බහු පුරුෂ සේවනයට පෙළඹෙනු ඇත. 7 වැන්නේ ශනි සිටියහොත් ප්‍රසිද්ධ ගණිකාවියක් වේ. මෙවැනි ග්‍රහ පිහිටීමක් ඇතිව බෙරණ නැකතින් උපන්නේ නම් ඇයද කෙටි වේලාවකින් තෘප්තිය නොලබන්නීය.

රවි, කුජ , ශනි, බුධ, ශුක්‍ර එක්ව ලග්යේ හෝ පස්වැන්නේ සංයෝග වී සිටින කාන්තාව අධික ලෙස කාමාධික වේ.

කිසිම අයුරකින් තෘප්තියට පත් නොවේ.

මෙවැනි ග්‍රහ පිහිටීම් ඇතිව උපන් කාන්තාවන් සිය විවාහ දිවිය අවුල්කර ගන්නා බැව් පෙනේ. ආදරය කර විවාහ වූවන් කෙටි කලකින් සිය යුගදිවිය තුළින් තෘප්තිමත් නොවී වෙනත් අයථා සබඳතා වලට ගොස් යුගදිවිය අවුල්කර ගන්නා බැව් මැනවින් පැහැදිලි වේ.

 

 

ඡ්‍යොතිෂ සහ වාස්තුවිද්‍යාවේදී

දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.