කුජ තුලාවට යයි විරෝධාකල්ප යටපත් වෙයි

ඔක්තෝබර් 22, 2021

ඔක්තෝබර් 22 දින අලුයම 02.02ට සටන් කාමී කුජ තුලා රාශි ගත වීමත් සමඟ රට තුළ විටින් විට පැවැති වැඩ වර්ජන රාජ්‍ය විරෝධී ක්‍රියා හා සටන් කාමී අදහස් උදහස් දැරූ විරෝධාකල්ප කෙමෙන් යටපත් වන බව පෙනෙන්නට තිබේ.මෙතෙක් සතුරු ලෙස බුධට අයත් කන්‍යාරාශියේ සිට බුද්ධිය මොට කරන ජාතික ඒකමුතුකම බිඳ දමන අයුරින්ම කටයුතු කළ කුජ අනෙක් සුබ ග්‍රහයින් සමඟ සාමූහික ඒකඟතාවයකට පැමිණ සංවර වූවා වැන්න.

මෙහි අපේ රට තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට ලැබෙව මාහැඟි අවස්ථාවක් වනු නොඅනුමානය. පොදු ජනතාවගේ නැණ නුවණ අවතක්සේරු කරමින් නැගී සිටි වංචනික දූෂිත අදහස් උදහස් දැරූ අයට මෙය මරු පහරකි.

අවි වෙනුවට නුවණ පෙරටු කරගත් සමාජ ශීලී බවක් මින් විද්‍යාමාන වනු ඇත. ගොවි ජවතාවගේ ගැටලු වලට නියත විසඳුම් ලැබෙන වැඩ කරන ජනතාවගේ සුබ සිද්ධිය මෙන්ම ගුරු වැඩ වර්ජන තුළින් අහිංසක දූ දරුවන්ගේ අධ්‍යාපනයට තිබූ සාහසික වැඩ වැරුම් නිමාවන ලකුණු ද, ළමා අපචාර, කාන්තා හිංසන වලට වැට බැදෙන යුගයක් උදා කිරීමට මෙම ග්‍රහ මාරුව ප්‍රධාන ලෙසට ඉවහල් වනු ඇත.

ලග්න සියල්ලටම පාහේ සුබ සිද්ධිය උදා කිරීමට මෙය සමත් වන බව කිව හැකිය.

 

සුබසෙත ජ්‍යොෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.