පොරොන්දම් පරීක්ෂා කිරීමේ දී සැඟවිය යුතු නොසැඟ විය යුතු දේ

ජුනි 11, 2021

පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණ එළඹීමට පහසුතාවක් ඇති වේ. විවාහයක අති සාර්ථකත්වයක් ඇති නැති නම් සාර්ථකත්වයක් ඇති විය යුතුව තිබේ. එසේ නමුත් පොරොන්දම් පරීක්ෂාවෙන්ම එය සාර්ථක නොවේ යන්න මගේ හැඟීමයි.

 

ජීවිතය අවහිර බාධකවලින් තොරව යහපත් අන්දමින් දිවි ගත කිරීමට ගන්නා ප්‍රයත්නය මහඟු ප්‍රතිඵල මෙනයින් සනිටුහන් වේ. විවාහයෙන් පසු විතය පිළිබඳ මූලික අඅරමුණු සහ එහි හොඳ නරක පොරොන්දම් බැලීම තුළින් විද්‍යාමාන වේ.

 

පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණ එළඹීමට පහසුතාවක් ඇති වේ. විවාහයක අති සාර්ථකත්වයක් ඇති නැති නම් සාර්ථකත්වයක් ඇති විය යුතුව තිබේ. එසේ නමුත් පොරොන්දම් පරීක්ෂාවෙන්ම එය සාර්ථක නොවේ යන්න මගේ හැඟීමයි. කුමන පරීක්ෂණයක් කළත් සමහර විට විවාහයට ප්‍රශ්න ඇතිවන අවස්ථා නැතිවා නොවේ. එය සාමාන්‍ය දෙයකි. විවාහයේ සාර්ථකත්වය විමර්ෂණය කර බැලීමේ දී දික්කසාද වීම, රෝගී වීම, වැන්දඹු වීම, අකල් මරණයට පත් වීම යනාදිය සාකල්‍ය වශයෙන් පරීක්ෂා කර බැලිය යුතු වන්නේ ය. බොහෝ විට ඉහත සඳහන් සියලුම දෝෂයන් කුජ හා ශනි යෝග වීමෙන් ඇති වන්නට බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ලැබිය හැකිය ඇත.

බොහෝ විට විවාහයට එළඹිය හැකි තරුණ ස්ත්‍රීන් හෝ පුරුෂයින් දැන හඳුනා ගැනීමෙන් ද දැකීමෙන් ද මෙසේ වන අවස්ථා එමට මා ලත් අත්දැකීම් වල අඩංගුව ඇත. විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි කේතු යෝග වී සිටීමද කුජ රාහු යෝගව සිටටීම ද කුජ කේතු යෝගව සිටීමද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකි ය. නාශාංසක ගතවව ඇති හත අධිපතියා මෙන්ම පහ අධිපතියා ද විවාහ දෝෂයක් ලෙස මෙහි දී දැක්වීම වැදගත් වේ. ග්‍රහයින් දෘෂ්ටි පැවතීම සහ යෝගව සිටීම නිවැරදි අන්දමට පරීක්ෂා කිරීම වැදගත් වේ. විවාහ දෝෂ ඇති සියලුම ග්‍රහයින්ගෙග් සම්බන්ධතා ද ඒ ඒ දේ යෙදෙන අන්දමට පරීක්ෂා කර බැලීම කාලෝචිත ය. මේ අන්දමට පරීක්ෂා කිරීමේ දී කුජ හා ශනි ගැන විශේෂයෙන්ම පරීක්ෂණයට ලක් කළ යුතතු ය. බොහෝ අවස්ථාවල දෝෂ භංග යන්නේ එවිට බව පෙනේ.

බොහොම අවස්ථාවල පුරුෂයන්ගේ විනාශය සිදු වන්නේ 1, 4, 7, 8, 12 යන ස්ථාන ස්ත්‍රී ජන්ම පතක යෙදී ඇති විටය. එසේ ම ස්ත්‍රීන්ගේ විනාශය සිදුවන්නේ පුරුෂයාගේ කේන්ද්‍රයේ ඉහත සඳහන් ස්ථානයක කුජ තැන්පත්ව සිටීමෙන් බව සත්‍ය කරුණකි. එසේම මෙම දෝෂය භංග වන අවස්ථාවද තිබේ. එසේම 1, 4, 7, 8, 12 යන ස්ථානවල කුජ ජන්ම පත් දෙකේම සිටීමෙන් එය නියමාකාරයෙන් සිදුවේ. විශේෂයෙන් කිව යුතු වන්නේ ගුරු බලවත් විට ගුරුට අඟහරු නැත්නම් කුජ පෙනීමෙන් එසේ නැති වේ නම් රෝගී වීමෙන් දෝෂ අවමට කරගත හැකි, අඩු කර ගත හැකි ස්වභාවයක් පෙන්වා දිය හැකි ය.

1, 2, 3, 4 යන නැකැත් පාදයන් නාශංශක වශයෙන් ව්‍යවහාරයේ පවතින රවි, තුරු, සිකුරු, ශනි සහ නැකැත්වල මෙය පිළිවෙළට යෙදේ. දෝෂ ඇති වීමට හෝ නැති වීමට බලපාන අවස්ථා ඇත. ඒ පස්වැන්න, හත්වැන්න අධිපති වෙනත් භාවාධිපතියකු සමඟ පරිවර්තනයකට ලක්වීමෙන් සිදුවේ. සමහර විට විවාහ වන දෙදෙනාගේ එක් අයෙකු මරණයට පත්වීම, දෙදරායයාමට පත්වීම, රෝගී වීම, පොරොන්දම් සියයට සියයක් ගැළපුනත් සිදුවිය හැකි ය. විශේෂයෙන් නැකැත් පොරොන්දම, මහේන්ද්‍ර පොරොන්දම, යෝනි පොරොන්දම, ස්ත්‍රී දීර්ඝ පොරොන්දම, වශ්‍ය පොරොන්දම, රාක්ෂ පොරොන්දම, පක්ෂි පොරොන්දම, ලිංග පොරොන්දම ගැන විශේෂයෙන් සලකා බැලීමට අවශ්‍ය වේ. ග්‍රහ පොරොන්දම් බැලීමේ දී පාපාංශක චන්ද්‍රයාට අෂ්ටකූටය හා සුදර්ශන චක්‍රය සෝදිසි කිරීම වැදගත් ය. විශේෂයෙන් විසි පොරොන්දමෙන් 18 ක් ම චන්ද්‍රයා විමසා බැලීමට උපයෝගී වෙයි. දෙදෙනා දීර්ඝ කාලයක් ජීවත් වීමට හේතු සාධක තිබේද යන්න සනාථ කරගත හැකි පොරොන්දමින් හය සනාථ කරගත හැකි ය.

 

මහාචාර්ය

හේමපාල පතිරණ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.