ඇල්ජලය වෙනුවට මද උණුසුම් ජලය පානය කිරීමෙන් වාසි රැසක්!

අප්‍රේල් 23, 2021

අසනීප ගතියක් හැරුණු විට අපි කවුරුත්ම මද උණුසුම් වතුර බොන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි අපි සිසිල් ජලය පානයට නිරන්තරයෙන්ම හුරු වී සිටීම. උණු වතුර බිවුවම දහඩිය දමනවා!, රස්නෙයි වගේ! වැනි හැඟීමක් අපිට තිබෙනවා. ඒ නිසා තමයි වතුර තිබහක් ඇතිවන හැම වෙලාවකම අපි ඇල් ජලය පානයට හුරු වී සිටින්නේ. නිතරම ඇල් ජලය වෙනුවට මඳ උණුසුම් වතුර පානය කිරීමෙන් ලැබෙන වාසි කීපයක් ගැනයි මේ තොරතුරු

 

අසනීප ගතියක් හැරුණු විට අපි කවුරුත්ම මද උණුසුම් වතුර බොන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි අපි සිසිල් ජලය පානයට නිරන්තරයෙන්ම හුරු වී සිටීම. උණු වතුර බිවුවම දහඩිය දමනවා!, රස්නෙයි වගේ! වැනි හැඟීමක් අපිට තිබෙනවා. ඒ නිසා තමයි වතුර තිබහක් ඇතිවන හැම වෙලාවකම අපි ඇල් ජලය පානයට හුරු වී සිටින්නේ. නිතරම ඇල් ජලය වෙනුවට මඳ උණුසුම් වතුර පානය කිරීමෙන් ලැබෙන වාසි කීපයක් ගැනයි මේ තොරතුරු.

 

සිරුරේ විෂ ඉවත් කරයි

විවිධ ආහාර වර්ග නිසා නිරන්තරයෙන් සිරුරට හිතකර නැති දේවල් අපේ සිරුරට එකතු වෙනවා. ඒ කියන්නේ ක්ෂණික ආහාරවල තිබෙන රසායනික ද්‍රව්‍ය, කෘත්‍රීම රසකාරක වල අඩංගු විෂ සංඝටක වගේ දේවල්. මේවා සිරුරේ තැන්පත් වීම දිගු කාලීන අසනීප තත්ත්වවලට හේතු වෙනවා. ඉතින් මේ ආකාරයට එකතු වෙන විෂ ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කිරීම පහසු නැහැ. නමුත් පුරුද්දක් විදියට උණුසුම් ජලය පානය කරනවා නම් එවැනි විෂ ද්‍රව්‍ය උණුසුම් ජලය සමඟ දිය වී සිරුරෙන් ඉවත් වෙනවා.

 

ස්ථූලතාවය හා බර අඩු කරයි.

ඔබ ඔබේ බර අඩු කරන්න හිතාගෙන එක එක විදිහේ උපක්‍රම පාවිච්චි කරනවා ඇති. නමුත් ඔබ දන්නවා ද හැම තිස්සේම මඳ උණුසුම් ජලය පානය කිරීමෙන් දවසකට සිරුරේ බර ග්‍රෑම් විස්සක් පමණ අඩුකර ගන්න පුළුවන් කියලා. උණුසුම් ජලය සිරුරේ මේදය දියකර හරින්න යම්තාක් මට්ටමින් උදව් වෙනවා. මේ සඳහා පුංචි ප්ලාස්ක් එකක උණු වතුර දාලා තියා ගන්න. වතුර තිබහක් දැනෙන හැම වෙලාවකම එම ජලය තරමක් නිවාගෙන බොන්න.

කැස්ස හා සෙම්ප්‍රතිෂ්‍යාව වැලඳීම අඩු කරයි.

සෙම්ප්‍රතිෂ්‍යාව හැදුණාම උණු වතුර වැඩිපුර පානය කිරීම හොඳයි කියලා අපි අහලා තියෙනවා. ඒ ව‌ගේම උගුරේ අපහසුතාවලටත් හොඳම ඔසුවක් තමයි උණු වතුර. කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව වගේ අසනීප තත්ත්වයන් ඉතා සුළු අසනීප වුණත් ඒවා වැලඳුනාම බෙහෝ අපහසුතාවක් දැනෙනවා. පුරුද්දක් විදියට දිනපතා මඳ උණුසුම් ජලය පානය කළොත් මේ වගේ අසනීප තත්ත්වයන් වැලඳීමෙන් වැළකෙන්න පුළුවන්.

 

ආර්තව වේදනා වලට සහනයක්

ආර්තවය සිදුවන දිනවල යටිකය ප්‍රදේශයේ වේදනාවන් ඇති වීම සාමාන්‍ය ම දෙයක්. මේ වේදනාවට තියෙන එක සහනයක් තමයි මඳ උණුසුම් ජලය පානය කිරීම. සමහර විට ඔබට හිතෙයි සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම උණුසුම් ජලය පානය නිසා ඇති වෙනවා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. යටිකයේ වේදනාවට උණුසුම් ජලය පානයෙන් ලොකු සහනයක් ලැබීම සිරුරේ උෂ්ණත්වය සුළු වේලාවකට ඉහළ යාමට වඩා වැදගත්.

 

දහඩිය හොඳීන් පිටවෙයි

දහඩිය දැමීම අපි හැමෝටම කරදරයක්. නමුත් ඕනෑම පුද්ගලයෙකුට දහඩිය දැමීම අත්‍යවශ්‍ය දෙයක්. දහඩිය දැමීම මඟින් සිරුරේ නිරෝගි බව රඳා පවත්වා ගන්නවා. උණුසුම් ජලය පානයෙන් දහඩිය දැමීම යම් ප්‍රමාණයකින් වැඩි කරනවා. දහඩිය හොඳීන් පිට වීමෙන් ලැබෙන ශාරීරික නීරෝගීතාවය බෙහෙවින් වැදගත්.

 

වියපත් වීම ප්‍රමාද කරවයි

අකලට වයස්ගත බවක් ඇතිවනවාට අපි කවුරුත්ම කැමති නෑ. විශේෂයෙන්ම කාන්තාවන් හැමදාමත් තරුණ පෙනුමක් පවත්වාගන්න ඉතාමත්ම කැමතියි. උණුසුම් ජලය දිනපතා පානය කිරීම මේ සඳහා හොඳ විසඳුමක්. උණුසුම් ජලය මඟින් වියපත් ලක්ෂණ පෙන්වීම අඩු කරන්නේ මෙහෙමයි. යම් යම් හේතු නිසා සමේ සෛල හානිවන අවස්ථා තිබෙනවා. එවැනි සෛල ප්‍රතිස්ථාපනය නොවුණොත් ඉක්මනින් වියපත් ලක්ෂණ ඇති වෙන්න පටන්ගන්නවා. නමුත් උණුසුම් ජලය පානයෙන් එවැනි හානි වූ සෛල ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ වියපත් ලක්ෂණ ඇති වීම ප්‍රමාද වෙනවා.

 

නිතරම ප්‍රබෝධයෙන් ඉන්න පුළුවන්

උණුසුම් ජලය පානය කිරීමෙන් ඕනෑම කෙනෙකුගේ සිරුරේ පරිවෘත්තිය කි‍්‍රයාවලිය කාර්යක්ෂම වෙනවා. ඒ කියන්නේ රුධිර ගමනාගමනය කාර්යක්ෂම වීම සිදුවෙනවා. මේ නිසා සිරුරේ සෑම ඉන්ද්‍රියකටම හොඳීන් රුධිරය සැපයෙනවා. මෙය ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරන්න ඉතාම වැදගත්.

 

කුරුලෑ වලටත් සහනයක්

 

කුරුලෑ ඇති වීමත් ‌බොහෝමයක් තරුණියන්ට තිබෙන ප්‍රශ්නයක්. නමුත් කුරුලෑ අඩු කරන්න නම් උණු වතුර බීලා විතරක් මදි. ඔබ පුරුද්දක් විදියට මුහුණ ක්ලෙන්සර් කරන කෙනෙක් නම් ක්ලෙන්සර් කරද්දී මඳ උණුසුම් වතුර ටිකක් පාවිච්චි කරන්න. ඒ ව‌ගේම ක්ලෙන්සර් කරලා මුහුණ සෝදා හරින්නත් මඳ උණුසුම් ජලයම පාවිච්චි කරන්න. නමුත් නිතරම පුරුද්දක් විදියට උණුසුම් ජලයෙන් මුහුණ සෝදන්න එපා. මුහුණ සේදීමට ශීත කළ ජලය පාවිච්චි කරන්නත් එපා.

 

සටහන

කීර්ති එස්.කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.