ඔබේ නමේ මුල් අකුරු අනුව චරිත ලක්ෂණ

මාර්තු 5, 2021

තම නමේ මුල් අකුර තුළින් එළි දැක්වෙන චරිත ලක්ෂණ ඔබට කොතෙක් දුරට බලපා ඇත්ද යන්න බලමු. උදාහරණයක් ලෙස ඔබේ නම අජිත් නම මුල් අකුර වන්නේ ඒ අකුර වේ.

එම මුල් අකුර පාදක කොට ගෙන එයින් මතුවන චරිත ලක්ෂණ මොනවාදැයි බලමු.

 

අංක විද්‍යාව මෙන්ම අක්ෂර විද්‍යාවද අද බෙහෙවින් ජනපි‍්‍රයත්වයට පත්ව ඇත.අක්ෂර විද්‍යාවට පෙර සිටම මුල් තැනක් ලැබී ඇත. ජන්මියෙක් උපත ලද මොහොතේ ඔහු හෝ ඇය හැඳින්වීම සඳහා නමක් තබා ගනියි. එය ඔහු හෝ ඇය උපන් මොහොතේ චන්ද්‍රයා සිටි නැකත අනුව තීරණය වෙයි.

මෙතැන් සිට ආරම්භ වන අක්ෂර විද්‍යාව විවිධ අවස්ථාවන්හිදී විවිධ කටයුතු සඳහා යොදා ගනු ලබයි.

තම නමේ මුල් අකුර තුළින් එළි දැක්වෙන චරිත ලක්ෂණ ඔබට කොතෙක් දුරට බලපා ඇත්ද යන්න බලමු. උදාහරණයක් ලෙස ඔබේ නම අජිත් නම මුල් අකුර වන්නේ ඒ අකුර වේ.

එම මුල් අකුර පාදක කොට ගෙන එයින් මතුවන චරිත ලක්ෂණ මොනවාදැයි බලමු.

ඒ - සුවිශේෂී දක්ෂතාවයන් ගෙන් පිරිපුන් අදහස් හා නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති මූලිකත්වය ගෙන කටයුතු කිරීමට හැකි ක්‍රියාශීලි බාධාවන් ඉදිරියේ නොසැලී සිටින ජීවිතය ජයගත හැකි අයෙකි. බොහෝ පිරිසක් ආශ්‍රයට ලැබෙනු ඇත.

ඕ - මනා සංයමයකින් යුතු බුද්ධිමත්ව කටයුතු කරන නායකත්වය, ජනපි‍්‍රයත්වය ළඟා කර ගැනීමට අතිශයින්ම දක්ෂකම් හා උපන් හපන්කම් ඔප්නංවාගත හැකි අයකු වෙයි.

ඛ් - උපතින්ම පිහිටි සැඟවුණ දක්ෂතා ඇති ජනපි‍්‍රයත්වයේ ඉහළම තලයකට පිවිසිය හැකි ස්ථාවරව ආදරය කරන පේ‍්‍රමයෙන් පරාජිත නොවන පෙම් සබඳතාවලදී නොසැලී සිටින අයෙකි.

ච් - තම දැනුම උපයෝගී කර ගනිමින් අන් අය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට හැකි සන්සුන් මනසක් ඇති අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට හැකි අයෙකි. කලා කටයුතුවලටද දක්ෂ වේ.

ඡ් - සැහැල්ලු මනසකින් දිවි ගෙවීමට හුරුපුරුදු වූ ජීවිතය ගැන මනා අවබෝධයකින් යුතුව කටයුතු කරන, කථාවට දක්ෂ අන් අය වශීකර ගැනීමේ හැකියාවක් ඇති අයෙකි.

ජ් - තරමක ආත්මාර්ථකාමී ගතියක් ඇති දියුණුව සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවන අයෙකි. අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තරමක් අපහසුය.

ට් -අන් අයගේ අදහස්වලට ගරු නොකරන්නෙකි. නිතරම තම තීරණවල එල්බගෙන සිටීම නිසා තරමක අදහස් වෙනස් නොකරන ගතියක් ඇති අයෙකි. අන් අයගේ අදහස්වලට කන්දී කටයුතු කිරීම මෙම අයට යහපත් වනු ඇත. ප්‍රධානත්වයක් ලබා කටයුතු කළ හැකිය.

ඩ් -පැහැදිලි මානසිකත්වයක් ඇති අතර, ප්‍රසිද්ධ පුද්ගල නාමයක්ද ඇතිවේ.පේ‍්‍රමය, රාගය, ආලය ආදරයටද වැඩි නැඹුරුවක් ඇත. බාධක ඉදිරියේ නොසැලී ඉදිරියට යන ජීවිතය තේරුම් ගත් අයෙකි.

ධ් - ඇසුරු කරන අය අතර ජනපි‍්‍රයත්වයක් උදාකර ගැනීමට සමත්, සෑම කටයුත්තක්ම මනා අවබෝධයෙන් කරන, කැපවීමෙන් ක්‍රියා කළ හැකි අයෙකි.

බ් - තර්කානුකූලව හිතන පතන කල්පනාකාරීව බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්නා ආලයට බොහෝ නැඹුරු අයෙකි.

ම්- ආත්මාර්ථකාමී අදහස්වලින් පිරී ඇති එහෙත් බුද්ධිමත් තීරණ ගන්නා, තීරණ වෙනස් නොකරන අයෙකි.

ඹ් - ස්ව උත්සාහයෙන්ම ඉදිරියට යන විවිධ විෂයන් පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ක්‍රියා කරන අයෙකි.

ර් -ජීවිතයේ උසස් තලයකට පිවිසිය හැකි අන් අයට උපකාර කරන සංවේදී පුද්ගලයෙකි.

ව් -අන් අය දෙස ගැඹුරින් බලන උසස් බුද්ධිමත් මනා සංයමයකින් යුතු නොබියව ඉදිරියට යන අයෙකි.

ර්‍ණ - වැඩ කටයුතු කිරීමේදී තරමක උදාසීන බවක් පෙන්නුම් කරන සංවේදී බවින් යුක්ත චංචල මනසකින් යුතු අයෙකි.

ර්‍ථ - කලාවට දක්ෂ නිහඬ චරිතයකින් යුතු යහපත් ගතිගුණවලින් හෙබි ජනපි‍්‍රයත්වයට පත්වන අයෙකි.

Q - වාද විවාදවලට දක්ෂ පිරිස් බලය සහිත ගැඹුරු මනසක් ඇති අයෙකි.

අ -අසාධාරණයට එරෙහිව කටයුතු කරන ,සමාජය ගැන අවබෝධයක් ඇති ගුණගරුක අන් අයට උපකාර කරන නම්‍යශීලි අයෙකි.

ඉ - පුද්ගල චරිත ස්වභාවය වහා හඳුනාගෙන කටයුතු කළ හැකි සාධාරණව සිතා කටයුතු කරන, අසාධාරණයට විරුද්ධ, බොහෝ දෙනා ඇසුරු කරන අයෙකි. ප්‍රසිද්ධ වේ.

ඊ - චතුර කථිකත්වයක් ඇති දියුණුවීමේ මඟ පාදා ගැනීමට සමත් තරමක හිතුවක්කාර ඉක්මනින් කේන්ති යන අයෙකි.

උ - බුද්ධිමත්ව කටයුතු කරන්නේ නම් දියුණුව කරා යාහැකි නොසන්සුන්කම නිසා පාඩු විඳින අයෙකි.

ඍ - දියුණු විය හැකි, ආගම දහමට ලැදි බොහෝ නිහඬ දිවියකට ක්‍රියා කරන අයෙකි.

එ - සත්‍යගරුකය. මනා සංයමයකින් යුතුව කටයුතු කරන දියුණුවට පත්විය හැකි අයෙකි.

ඔ - ගුප්ත චරිතයක් ඇති, අන් අයගේ අදහස් ගණන් නොගන්නා, දියුණුව ළඟා කර ගැනීමට බොහෝ වෙහෙසවීමට සිදුවන අයෙකි.

ක- අන් අයට උපදෙස් දීමට තරම් දක්ෂතාවයක් ඇති අන් අයගේ අදහස්වලට ගරු කරන ජීවිතය ජයගත හැකි අයෙකි.

ඛ- තමා නිවැරැදි යයි නිතර සිතන, අන් අයගේ අඩුපාඩුකම් ගැන ඕනෑවටත් වඩා සිතන අයෙකි. කරන වැඩකටයුතුවලින් පාඩු විඳීමටද සිදුවනු ඇත.

ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ නැකත් හිමි අයගේ පාදයට අයත් අක්ෂරය ඔබගේ නමේ මුල් අක්ෂරය වී නම් මෙම ගතිගුණ පිහිටීම වැඩිවනු ඇත.

උදාහරණයක් ලෙස ඔබ සඳුට අයත් රෙහෙණ නැකතේ දෙවනි (2) පාදයෙන් ඉපදී ඇත්නම් ඔබට අයත් අක්ෂරය “ව“ යන්න වන අතර ඔබට “ඹ” අකුර හිමිවේ.

 

 

ඡ්‍යොතිෂ රත්නාකර

ගීතිකා සමරතුංග

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.