තත්කාලයෙන් සත්‍ය කියමුද ?

නොවැම්බර් 20, 2020

සඳු ලග්නාධිපතිගෙන් අපේ සිටියොත් සඳු සිටි රාශියෙහි වක්‍ර ග්‍රහයෙක් සිටියොත් රෝගියා විකාරකාරයකි. අට අධිපති ලග්නාධිපති අටේ හිටියොතින් (සම්බන්ධ නම් පමණක්) දෙදෙනා පාප සම්බන්ධ 8-11 හේ සිටී නම් හුදකලාව ලග්නාධිපති අටේ සිට මරණය දෙයි.

 

තත්කාල නිමිත්ත අපට අරුමයක් නොවේ. අපේ එදිනෙදා ප්‍රශ්න විසඳා ගැනීමට පෙර අප ගුරු ගෙදර සොයා ගියේ ගාම්භීර විලාශයෙන් බුලත් අතක් හා පඬුරු රැගෙනය. එය දුටු නක්ෂත්‍රකරුවාගේ මනස හොඳ වේ.

ඒ බලයත් උපයෝගීකර උගත් නක්ෂත්‍රකරුවා ශාස්ත්‍රය හරියට කියයි. දැන් ඒ වැන්නෝ නැත. ඔවුන් සමඟ ශාස්ත්‍රයත් අතුරුදහන් විය . ඡ්‍යොතිෂයේ ලග්න දොළසට තත්කාලය උදාව විමසීමේදී

මේෂ ලග්නය උදාවේ නම් දේව දෝෂයක්

වෘෂභ ලග්නය උදාවූවේ නම් පිතෘ දෝෂයකි.

මිතුන ලග්නය උදාවූවේ නම් ශාන්තිකර්ම යක්ෂ දෝෂයකි

කටක ලග්නය උදාවූ කුල භූත පේ‍්‍රත දෝෂයකි.

සිංහ ලග්නය උදාවූ කල සහෝදරියන් සම්බන්ධවයි.

කන්‍යා ලග්නය උදාව කුල දේවතා දෝෂයකි

තුලා ලග්නය උදාව ඛන්ඩිකා දෝෂයකි.

වෘශ්චික ලග්නය නාඩි දෝෂයකි

ධනු ලග්නය යක්ෂණී දෝෂයකි

මකර ලග්නය ගම් දේවතා දෝෂයකි

කුම්භ ලග්නය වඳ ස්ත්‍රී දෝෂයකි

මීන ලග්නය විද්‍යාධර ආකාශ ගාමි රෝග හටගැනේ නිතර ගුරුවරයාගේ වචනය වූ නියායන් පිළිපැදීම, දෙවියන්ට වැද පින්දීම, බමුණන්ට වැඳීම , ඇදහීම සත්පුරුෂයින් සමඟ කථා කිරීම ඔවුන්ගේ අවවාද පිළිගැනීම වේද ශ්‍රවණය හෝම කිරීම බමුණන් දැකීම පිදීම අශුභ ග්‍රහයින්ට නියම ද්‍රව්‍යය දන්දීම සිදුකිරීමේත් ශාස්ත්‍ර ඥානය පිහිටයි.

බලවත් ලග්නාධිපතියා සමඟ එක බලවත් ග්‍රහයෙක් සම්බන්ධ නම් රෝගියා සුවවේ.

ශුභ්‍ර ග්‍රහයෝ 3,9,5,9,11 සිටියොත් ලග්න ග්‍රහයන් දුටුවන් පුර සඳු 1,4,7,10,3,11 සිටියත් රෝගියාට සුව වේ.

රෝගස්ථානයේ හෝ නිධානස්ථානයේ ශුභයන් සිටියොත් එකී ස්ථාන ශුභයන් දුටුවොත් රෝගය සුවවේ.

තත්කාලයේ වෘෂභ , සිංහ, වෘශ්චික කුම්භ යන රාශි අර්ධ රාශියත් ඡත්‍ර රාශියක් වුවහොත් රෝගියා සුවවේ.

තුලාවද ආරූඪ වී ධනුව ඡත්‍රය වුවහොත් අසාධ්‍යයි.

උදා රාශියෙන් දහය උපග්‍රහයෝ උපග්‍රහයෙක් සිටියොත් රවි ග්‍රහයා මීන ස්ව උච්ච ක්ෂේත්‍රව රාශියට ගිය ගුරු කිවි හෝ සඳු බුද විසින් දුටුවොත් සුව නොවන ලෙඩක් සුව වෙනවා වෙනවාමයි.

රෝගස්ථානයේ හෝ නිධාන ස්ථානයේ ශුභයන් හිටියොත් එකී ස්ථාන ශුභයන් දුටුවහොත් රෝගය සුවවේ.

රෝගිස්ථානයේ හෝ නිධානස්ථානයේ සුබයින් සිටීම රාශි අරූඪ රාශියෙන් ඡත්‍ර රාශියක් වුවහොත් සුවයි රෝගියාට .

තත්කාලයේදි වෘෂභ, සිංහ. වෘශ්චික, කුම්භ යන රාශි ආරූඪ රාශියත් ඡත්‍ර රාශියත් වුවහොත් රෝගියා සුවවේ.

තුලාව ද ආරූඪ වී ධනුව ඡත්‍රය වුවහොත් අසාධ්‍යයි.

රෝගින් ගැන ප්‍රශ්න කළ කල ප්‍රශ්න කාලයට පැවතී තිථි ගණන විගුණකොට ඊට එකක් කර 3 බෙදා සිටි ශේෂය එක නම් මරණය දෙක නම් රෝගය බොහෝ කළ පවතින බවත් තුන නම් වහා සුව වේ.

රෝගස්ථානය හෙවත් සඳු සිටි රාශියට ශුභයන් සිටින විට නොහොත් උච්ච ක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිතුරුව හෝ ශුභයන් විසින් ඔවුන් දුටුහොත් ඒ ග්‍රහයාට හිමි පැය දින මාස අවුරුදු ගානකින් සුවවේ.

(මරණය සිදුවන අන්දම)

ආරූඪ රාශිය රෝගස්ථානය වී නම් රෝගියාට සුවය දැනේ. එහෙත් මරණය වේ. රෝගස්ථානය සතුරු හෝ නීච රාශිගත පාපින් විසින් දැකීම රෝගියාට සුව නොවේ. රෝගස්ථානයෙහි පාපයන් සිටියොත් සුව නොවේ.

ආරූඪ හෝ ඡත්‍රය කටක රාශිය වුවහොත් එකී රාශිය බුධ හෝ කිවි විසින් දක්නා ලද කල්හි රාශිගත පාපයින් විසින් දුටුවහොත් රෝගියා සුව නොවෙන රෝගස්ථානයෙහි පාපයින් සිටීම නිසා රෝග සුව නොවේ.

රෝගස්ථානයෙහි ඉන්ද්‍ර ධුම රාහු ධනු සිටියොත් රෝගියාට සුව නොවේ.

හයේ අටේ පාපයින් දුටහොත් එකී ස්ථාන පාපින් දුටහොත් රෝගියාට සුව නොවේ. සුබ නැත අශුභයි. දුකයි. රෝගි ස්ථානයෙහි 12 හෝ පාපීන් සිටීම සඳු පාපයින් විසින් දැකිම රෝගියාට සුව නොවේ.

ආරූඪ රාශිය ධනුව වී තුලාව ඡත්‍රය වුවහොත් මරණය වේ.

ආරූඪ රාශිය මිථුනය වී මේෂය ඡත්‍රය වුවහොත් මරණය වේ.

ආරූඪ රාශිය කන්‍යා වී කටක ඡත්‍රය වුවහොත් මරණය වේ.

ආරූඪ රාශිය මීනය වී මකර ඡත්‍රය වුවහොත් මරණය වේ.

පාපින් 1,4,7,10 යෙදී සිටින විට පෘෂ්වොදය රාශි නම් මරණය සිදුවේ. ශුභ ග්‍රහයින් බල නැතුව පාපීන් 7,8,1 න් සිටියහොත් මරුවේ.

චන්ද්‍රයා පාපින්ට මැදිවී 8 හෝ 4 සිටීම මරණය ගෙන දෙයි.

හය අධිපති එකේ සිටි කල පාප රාශින් සිටියොත් දුටුවහොත් රෝගියා මරණය වේ.

ලග්නාධිපති අටේ අට අධිපති ලග්නයේ මරණය වේ.

ලග්නාධිපති හතරේ සඳු හත අධිපති ගෙන් හයේද සිටියහොත් මරණය වේ.

චන්ද්‍ර ලග්නයෙහිද රවි හත සිටීම රෝගියා අවසන් ගමනේ ආරූඪ රාශිය හෝ නිධාන රාශිය දකින ග්‍රහයින්ට හිමි කාලයේ මරණය සිදුවේ.

පාපයින් සහිත සඳු එකේ සිටීම පාපයන් හතේ සිටීම සඳු හයේ වීම හෝ අටේ සිටීම සඳු දකින ග්‍රහයාට සමාන කළ මියැඳේ

10 යේ පාපින් රවි තුනේ සිටීම නොහොත් 12 හේ සිටියොත් දස දිනකින් මරණය වේ,

උදා රාශියෙන් දහයේ පාප සිටින විට රවි තුනේ සිටියොත් 12 හේ සිටියොත් දශ දිනකින් මරණය වේ.

ආරූඪ රාශිය හෝ නිධාන රාශිය දකින ග්‍රහයින්ට හිමි කාලයේදී කාටත් හොරා පරලොවට පියාසර කරයි.

රවි හත සඳු 1 නම් ඔහු (ජන්මියා) යමපුරයයි.

පාප සම්බන්ධ වූ සඳු 12,8,4 හේ සිටියොත් මරණය කියන්න ප්‍රවේශමෙන්.

2,7,12 හෝ පාපයන් සිටියොත් රෝගිය මැරේ. මේ යෝගයේදී බුධ හත රවි ලග්නයේ සිටියොත් වහාම මැරේ.

සඳු ලග්නාධිපතිගෙන් අපේ සිටියොත් සඳු සිටි රාශියෙහි වක්‍ර ග්‍රහයෙක් සිටියොත් රෝගියා විකාරකාරයකි.

අට අධිපති ලග්නාධිපති අටේ හිටියොතින් (සම්බන්ධ නම් පමණක්) දෙදෙනා පාප සම්බන්ධ 8-11 හේ සිටී නම් හුදකලාව ලග්නාධිපති අටේ සිට මරණය දෙයි.

හත්වැන්නාධිපති හය සිට හයට ගිය සඳු හත අධිපති සිටියොත් රෝගියාට මරණය නියතයි.

චන්ද්‍රයා 1 රවි 8 ශනි 12 කුජ 10 සිටියොත් රෝගියාට මරණය වේ.

බලවත් ග්‍රහයෙක් නොමැති නම් රෝගියා මරවේ.

සඳු සහ ලග්නාධිපති සිටිනවිට හෝ 8 සිටින කල පාපයින් සමඟ සම්බන්ධව වී නම් රෝගියා නැසේ.

සියලුම පාපින් 12.1,4,8 හේ සිටියහොත් ආයු හීන වේ.

පාපීන් 1,4,7,10 සිටිවිට ඒ රාශි පෘශ්වොදය රාශි නම් මරණය නියතයි. පාපයින් කේන්ද්‍රවල සිටීම මරණයට අතවැනීමකි.

ලග්නාධිපති අටේ අට අධිපති ලග්නවේද සිටීම නොහොත් ඔවුන් දෙදෙනා සම්බන්ධ වීම බන්ධනාගාරය තුළ මියයයි.

චන්ද්‍රයා 1 ශනි 12 රවි 8 කුජ 10 නම් ආයු හීනයි.

ශුභ ග්‍රහයින් බල හීනවී පාපයින් 1 ,7,8 සිටියොත් මරු දකී.

බලවත් ග්‍රහයෙකු කේන්දරයෙහි නොමැතිනම් මරවේ.

ග්‍රහයින් දුබලව බල නැතුව පාපීන් 1,7,8 සිටියොත් මරණය වේ.

චන්ද්‍රයා ලග්නයෙහිද රවි හත්වැන්න (7) සිටියහොත් රොගියා (යම පුර) අපාගත වේ.

ආරූඪ රාශියෙහි හෝ 8 වැන්න දකින ග්‍රහයින්ට හිමි කල මැරේ. ශුභ ග්‍රහයින් බල නැතිවී පාපින් 1,7,8 බොහෝදුරට ජීවත්වේ.

චන්ද්‍රයා පාපින්ට මැදිව රෝගියා මරණය ගෙන දෙයි.

මේෂ ලග්නයෙන් ජනිතව බුධ විපත් නැකතක ගෝචර ගමනේදී රෝගියා මියයි.

වෘෂභ ලග්නයෙන් ජනිතව කුජ ගෝචරයෙන් (දෑන් කාලය) විපත් නැකතක ගමන රෝගියාට මරු කැඳවයි.

මිථුන ලග්නයෙන් ජනිතව කුජ ගෝචරයෙන් විපත් නැකතක ගමන ජන්මියාට මරු කැඳවයි. කටක, ගුරු සිංහ ශනි, කන්‍යා, ශනි, තුලා ගුරු

වෘශ්චික, කුජ, ධනු, සිකුරු, මකර, බුධ, කුම්භ, සඳු , මීන රවි, යන ග්‍රහයා ගෝචරයෙන් (වත්මන් කාලය දැනට කාලය විපත් නැකත ගමන රෝගියාට මරණය සිදුවෙනු ඇත. මේෂය විපත් වන්නේ රවිය.

චන්ද්‍රයා ලග්නයේද රවි හතද පිහිටීම රෝගියා යම පුර යවයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.