කාන්තා සිත් වශී කරන රතිකාර යෝගය

නොවැම්බර් 20, 2020

මහා භාරතීය මුනිවරුන් විසින් ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාව ලොවට හඳුන්වා දී තිබේ.

පැරණි බමුණු සමාජීය සබඳතාවලදී විශේෂයෙන්ම කාන්තාවකගේ හැඩරුව ගැන මුල්තැනක් දී තිබුණ බැව් ඡ්‍යොතිෂ හා දේහ ලක්ෂණ විද්‍යාව තුළින් දිස් වේ.

එවැනි අංග ලක්ෂණ ගැන කියැවෙන එක්තර පැරණි පුරාවෘත්තයක මෙවැන්නක් සඳහන් වේ. තිසාවැව අසල සිටි එක්තරා අන්ධ බුද්ධිමතෙකු ඒ අසලින් ගමන් කරන ලද කුමාරවරු අතුරින් පිටුපසින් ගිය තැනැත්තා අනුරාධපුරයේ රජ වන බැව් අනාවැකියක් පවසා ඇත්තේ ඔහුගේ පා (අඩි) ශබ්දයට සවන් දීමෙනි. වත්මන්හි මෙය ශරීර විද්‍යාව බටහිර දිග Body Langeg  (බොඩි ලැන්ග්වේජ්) නමින් ප්‍රකටය. සිග්මන් පොයිඩ් කාල්යුගේ ඇඩ්ලර් මෙන්ම එඩ්ගා කේෂි යන අය ද මනෝ විද්‍යාත්මක පැතිකඩ ඔස්සේ මානව ජීවිත ක්‍රියාකාරිත්වය පිළිබඳව විශ්මිත අනාවැකි පවසා ඇත්තේය. අද අපි කතා බහේ යෙදෙන්නේ ඡ්‍යොතිෂයේ දක්වා ඇති රතිකාර ග්‍රහ යෝගය පිළිබඳවයි. පැරණි ස්ත්‍රී වර්ණනාවට මුල් තැන දී තිබිණ. පුරුෂ ලක්ෂණ ගැන කියැවෙන නරසීහ ගාථා බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ගැන උසස් වැනුමකි. ‘චක්ක වරං ඛිත රක්කතුපාදෝ’ යන අරුත්බර ගාථා පැදිවැල පුරුෂයෙකුගේ ශාරිරික මහා ලක්ෂණ පිහිටීමට හේතු කාරක වන්නේ ඔහු විසින් පෙර භවයන්හි කරන ලද කුසල මතය. සිත් වශී කරනා සුළු ආරෝහ පරිනාහ දේහයකින් උපත ලැබීමට ඔහුගේ ජන්ම පත්‍රයේ ග්‍රහයෝග තිබීම සුවිශේෂයි.

සඳු , ශුක්‍ර, බුධ වැනි සෞම්‍ය ග්‍රහයින් ස්ත්‍රී දේහ ලක්ෂණයන්ට පාදක වන අතර, රවි, කුජ, ගුරු, පුරුෂ දේහ ලක්ෂණයට බද්ධවනු ඇත. රවි දෙවැන්නේ බලවත් වී නම් හැඩකාර දේහ ලක්ෂණයක් පිහිටයි. තේජස් කටහඬක් ද ඇති වේ. කුටුම්භකස්ථානය හා ධනස්ථානයන් වචනයට අධිපති වීමත් නිසා රවි,කුජ, ගුරු හා රාහු ප්‍රබලවීම හරහා අදහස් අලෙවි කොට ජීවත්වන අති දක්ෂ නීතිවේදීන් වන්නේය. එය ජන්ම රතිකාන්තිය යෝගයකි.

රවි, ගුරු, රාහු ත්‍රියෝගය මෙයට කදිම නිදසුනකි. දෙවැන්නේ මෙන්ම 8 වැන්නේ පිහිටීම නිසා කඩවසම් අරෝහ පරිනාහ දේහ ධාරියෙක් වේ. ස්ත්‍රි සිත් ඇදගන්නා සුළුය. මෙවන් යෝග හිමි පුරුෂයින් කාන්තාවන්ගේ හද බැඳගන්නට සමත්ය. ගුරුගේ සංයෝගය නිසා බලවත් වේ. ධනය හා ආකර්ශන ඇති වීම හරහා ස්ත්‍රී සිත් වසඟ කර ගැනීමට රතිකාර යෝග හිමියා අතිශයින්ම සමත්වනු ඇත. රවිට සමීපව ගමන් කරන බුධ ලග්නයත් දෙවැන්නත් තුන්වැන්නත් බලවත් නම් පුරුෂ ශක්තිය වඩා ආරෝපණය වනු ඇත.

ඩේල්කානනගිගේ සිත් ගැනීමේ සිංහල අනුවාදයේ සඳහන් වන්නේ සිනහවන්නට බැරි අයෙකු වෙළෙඳ සැලක් ඇරඹීම නිෂ්ඵලයි යන්නය. සිනහව ජප කරන ලද මහා ශක්තිමත් මන්ත්‍රයකි. මෙය වශී කරන ඖෂධයකි. සිනහව සමඟ කතාව ගෙතී ඇත්තේ ද රතිකාර යෝගය සමගය. කුජ උච්ච වී සිටීම සමාජයේ කැපී පෙනීමට ශක්තියක් ගෙනදේ. කුජ, ගුරු යෝග වී 2-4 දෘෂ්ටිගතවීමෙන් මනා පුරුෂ රුවක් උපදී. ස්ත්‍රියක් තමා වෙත නතු කර ගැනීමට එදා හැකි වූයේ රතිකාර යෝගය නිසා යැයි මතයක් තිබේ. අද වන විට මොනරුන් රතිකාර යෝගයේ අයිතිකරුවා වී සිටී. එතරම් කැපී නොපෙනෙන පාංශු දේහධාරි නොවන පුරුෂයින්ට සුරූපී කාන්තාවන් ලොල්වනු ඇත්තේ ද රතිකාර යෝගයේ ආකර්ෂණය හරහාය.

අග්නි කුම්භ සමානාරි සතකුම්භ

ස මොනරඞ ජානු ජමේඝ නරං දුෂ්ඨිවා

කස්‍ය නිශ්චලිතං මනඞ

වග්නි සනිඛාවක් බඳු ස්ත්‍රීන් දකින කල්හි ගිතෙල් බඳුනක් වැනි පුරුෂයින්ගේ චිත්තය ( සිත) නිෂ්චල නොවේ ද එලෙසම ස්ත්‍රී චිත්තය ද උත්තුංග ආරෝහ පරිනාහ පුරුෂ රුවක් දක්නා කල්හි මුදු මොලොක් බවට පත්වේ යැයි ප්‍රත්‍ය ශතකයේ දක්වා තිබේ.

ඔබේ ජන්ම පත්‍රයේ ද ‘රතිකාර’ යෝගය පිහිටා ඇත්නම් නිතැතින්ම ස්ත්‍රීන් ඔබ වෙත ආකර්ෂණය වනු ඇති බැව් සනිටුහන් කරමු.

කුජ ශුක්‍ර අතිධාවනකාරීව මහා යෝග මෙන් නොව රතිකාර යෝගය සාර්ථක යුගදිවියකට ක්ෂේම භූමියක් වනු නො අනුමානය. රතිකාර යෝගයත් සමඟ කුජ ශුක්‍ර මහා කාම යෝගය 7 හෝ 8 වැන්නේ අතිධාවනකාරී ලෙස ක්‍රියාත්මක වේ නම් එය විවාහයට එතරම් යෝග්‍ය නොවන බව ද රාහු පාප පීඩිතව සිටීමෙන් තව තවත් අශුභ පැතිකඩක් නිර්මාණය වන බව ද දැක්වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.