ජීවිතය හා බැඳී ඇති ඡ්‍යොතිෂය

ඔක්තෝබර් 25, 2019

පවුලකට දරුවකු ලැබුණ විට පවුලේ අයගේ සතුට අපමණ ය. තමාගේ පවුලට පැමිණි අලුත් අමුත්තා ඔවුන් පිළිගන්නේ ඉමහත් පී‍්‍රතියෙනි.

කුල දෙටුවන් වන අත්තා (කිරි අත්තා, සීයා, අත්තප්පා) සහ හීන් අත්තා (කිරි අම්මා, ආච්චි, අත්තම්මා) ආදීන් තම පවුලට අලුතෙන් එක්කාසුවන මුණුබුරා හෝ මිණිබිරිය පිළිගන්නේ ඉමහත් භක්ත්‍යාදරයෙකිනි. පවුලට පිරිමි දරුවෙකු උපන්විට වංශ පරම්පරාව ගෙන යන්නා ලෙසද ගැහැනු දරුවකු උපන්විට කුල ගෞරවය රැක ගන්නට ප්‍රජාව වර්ධනය කරන්නට ආ දැරියක ලෙස අභිමන් පෙරදැරිව වැඩිහිටියෝ පිළිගනිති. ස්ත්‍රී පුරුෂ යන දෙවර්ගයටම නොගැනෙන පණ්ඩකයෙකු හෝ නපුංශකයකු ඉපදුණ විට වංශයේ විනාශය ලෙස සළකති.

දරුවකු පිළිසිඳ ගන්නා අවස්ථාවලදී සිදුවූ ආශ්චර්ය අද්භූත දේවල්ද එබඳු අවස්ථාවලදී සිදුවූ විනාශකාරී දේවල්ද ඉතිහාසයේ එමට ඇත. සිද්ධාර්ථ කුමාරයාණන් පිළිසිඳුණ වේලෙහි මහාමායා දේවිය දුටු සිහින ඉතා ශුභ විය. සුදු ඇත්පැටවෙකු සොඬින් පියුමක් ගෙන දකුණු ඇලයෙන් දේවියගේ කුසට ඇතුල්වූ බවද දෙවඟනෝ ඈ ඔසවාගෙන ගොස් අනෝතප්ත විලෙන්් පැන් නෑවූ බවද සැළයි. මගධාදිපති බිම්සර මහ රජුගේ දේවියට අජාසත් පිළිසිඳගත්විට දේවියට තම පි‍්‍රය ස්වාමියාගේ පපුව පළා රුධිරය බීමට සිත්විය. සැවැත් නුවර අහිංසක කුමාරයා පිළිසිදුණ විට නුවර තිබූ ආයුධ සියල්ල දිලිහෙන්නට විය. මේ ගැන බියවූ කොසොල් රජතුමා පුරෝහිතයන්ගෙන් විමසා සිටිවිට ඔවුන් කියා සිටියේ ‘මහරජ මෙනුවර බලවත් සොරෙක් උපන්’ බවයි. විහාර මහා දේවියට දුටුගැමුණු පිළිසිඳෙන විට පිහිටි රටේ තිසා වැවෙන් ජලය බීමටද තිසාවැවෙන් කඩාගත් මහනෙල් පැළඳීමටද ඈට සිත් විය. මෙසේ පිළිසිඳ ගැනීම් සමඟ මව්පියන්ට දැනෙන, පෙනෙන සිතෙන ශුභ අශුභ අනුව තමන්ට ලැබෙන දරුවාගේ වාසනාව අවාසනාව තීරණය කිරීමට දෙමාපියෝ පෙළඹෙති.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.