ජෝතිශයෙන් ඉදිරිය දෙස බලමු

ඔක්තෝබර් 18, 2019

ගොතටුව පි‍්‍රයංගනී ජයසිංහ, වයස 36 මට දරුපල නොමැතිද?

පිළිතුර – වෘශ්චික ලග්න ,තුලා නවාංශක උපන් නැකත සඳහන් කර නොමැත. දැනට දසාව ගුරු, පුත්‍රකාරක මෙන්ම පුත්‍රස්ථාන අධිපති ගුරු ලග්නයේ මිත්‍රව ස්ථාපිතව 5 වැන්න වූ පුත්‍ර ස්ථානය දැකීම ඉතා ශුභයි. ලග්නාධිපති කුජ 22 වන දෙර්කාණාධිපති සිකුරු සමඟ යෝගව 10 වැන්නේ සිටීමෙන් වෘත්තිය තත්ත්වයටත් යුගදිවියටත්, ගැටලු ඇතිකිරීමට පිළිවන. ලග්නාධිපති දුර්වල වීම දියුණුවට බාධා ගෙන දීමකි. දරුපල තත්වය ඔබගේ ජන්ම පත්‍රයේ සඳහන් අයුරු නම් දුර්වල නැත. දරුපල ගැන සලකා බැලීමට දෙදෙනාගේම ජන්ම පත්‍ර අවශ්‍ය බව ඔබ නොදන්නේද? සැමියාගේ ජන්ම පත්‍රයද මේ සඳහා බැලිය යුතුය.

බේරුවල සංකල්පනා වයස 16 අධ්‍යාපනය හා අනාගතය කෙසේද?

පිළිතුර – මිථුන ලග්න මීන නවාංශක පුවසල නැකත දැනට දසාව සඳු, 7 වැන්නේ පිහිටි ර,බු, යෝගය දැනට දසාව සඳු, හත් වැන්නේ පිහිටි ර,බු, යෝගය හෙවත් බුධ ආදිත්‍යය යෝගය ඉතා ශුභවාදි පිහිටීමකි. අධ්‍යාපනයේ දියුණුවටත් ,අනාගතයටත් ශුභදායක ප්‍රතිඵල ගෙන දෙන පිහිටීමකි. අධ්‍යාපන ස්ථානය වන 6 වැන්න අධිපති සිකුරු 8 වැන්නේ පිහිටීම සුබදායක නොවුවත් උසස් අධ්‍යාපන ස්ථානය වන 9 වැන්න අධිපති ශනි මිත්‍රව ලග්නයේ පිහිටා තිබීම සුබදායකයි. ද්විතියීක අධ්‍යාපනය ලබන කාලය තරමක් අසීරු වන්නට පිළිවන. ඒ 5 වැන්න අධිපති සිකුරු මෙම දරුවාගේ 22 වන දෙර්කාණ අධිපති වීම නිසයි. මේ කාලය තුළ සිකුරු වෙනුවෙන් බෝධි පූජා කළේ නම් ඉහල ප්‍රතිඵල ලබාගන්නට හැකියාව තිබිණ. සා.පෙළ ජයගත්තේ නම් උසස්පෙළ ජයගැනීම අපහසුවන්නේ නැත. කෙසේ වෙතත් සිකුරු වෙනුවෙන් බෝධිපූජා ඉඳහිට හෝ කරන්නේ නම් බොහෝ අසුබඵල අවම කර ගත හැක.

කටුගස්තොට ජේ.කේ. උඳුගොඩ වයස 35 ඉදිරිය කෙසේද?

පිළිතුර – මේෂ ලග්න මිථුන නවාංශක උත්‍රසල නැකත දැනට දසාව රාහු අවසාන මාස 2 ලග්නාධිපති කුජ ඔබේ 22 වන දෙර්කාණාධිපති වේ. හත් වැන්නේ සිටීමෙන් බොහෝ දුර්වලතා ඇතිවන බව පෙනේ. ඔබ රැකියාවක් කරන්නේ නම් හෝ වෙනත් ව්‍යාපාරයක් කරන්නේ නම් රැකියා ස්ථානය වූ 10 වැන්න කුජගෙන් පීඩා වී ඇත. එසේම ලග්නාධිපති කුජ ඔබේ 22 වන දෙර්කාණාධිපති වීමෙන් දියුණුවට කිහිප අතකින්ම බාධා එල්ලවන බව පෙනේ. එම කුජ ශනි සමඟ යෝගව 7 වැන්නේ සිටීමෙන් යුගදිවියටද ගැටලුකාරි තත්වයන් ඇතිවිය හැක. කුජ ශනි යෝගය හෙවත් ශනි මංගල යෝගය සුබවාදී පිහිටීමක්ද නොවේ. සහකාරිය ගේ ජන්ම පත්‍රයේද, මෙම පිහිටීම ඇත්නම් තරමක් හෝ තත්වය පාලනය කර ගත හැක. තව ටික දවසකින් ගුරු මහ දසාව ලැබූ පසු තත්වය තරමක් සුබවාදී වේවි.

කිරිල්ලවල රණසිංහ , වයස 17 උසස් අධ්‍යාපනය වරම් තිබේද? 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.