වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
ඕනෑම පුද්ගලයකුට නිරායාසයෙන් ලැබෙන ධන සම්පත්, කීර්තිය, යහපත් මිත්‍රයන්, කලා කෞශල්‍ය, ආදි වු උසස් තත්ත්වයන් හස්ත පරික්ෂාවේදී පෙන්වනු ලබන්නේ රවි...
2024-02-29 18:30:00
අපේ ජීවිතයේ අහඹු සිදුවීම් ඕනෑ තරම්. පාරේ යද්දි වාහනවල අපූරු අංක දකිනවා, නාම පුවරුවල වෙනස් විදියේ අංක පෙනෙනවා, ඔරලෝසු කණුවෙ හෝ ජංගම දුරකථනයේ 11:...
2024-02-29 18:30:00
ඡ්‍යොතිර් වර්ණනාව කවි පොත පිළිබඳ පෙරවදනක් ගියවර ලිපිය මඟින් අප ඉදිරිපත් කරන ලදී. මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ ඡ්‍යොතිෂය හා බෞද්ධ කර්ම සිද්ධාන්තය අතර...
2024-02-29 18:30:00
බෙරණ නැකැතින් උපත ලද්දේ නම් පවුලේ අන් අයට වඩා උසස් ලෙස භෞතිකමය දියුණුවක්ද ලබනු ඇත. තරමක ආත්මාර්ථකාමීය. ඒ අනුව තමාට දියුණුවිය හැකි සියලුම මාර්ග සොයා...
2024-02-29 18:30:00
ග්‍රහ මඬුල්ලේ රජිඳ වශයෙන් සලකනු ලබන රවි ග්‍රහයා අධිපතීත්වය දරන එකම රාශිය සිංහ රාශියයි. මෙය තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වෙයි. ක්‍රෑර රාශියක් මෙන්ම...
2024-02-29 18:30:00
ලෝක ජනගහනයේ 30% පමණ ජන සංඛ්‍යාවක් අධි රුධිර පීඩනයෙන් පීඩා විඳිති. ලංකාවේ මුළු ජනගහනයෙන් 23.2% පමණ පිරිසක් අධි රුධිර පීඩනයෙන් පීඩා විඳිති. ඒ...
2024-02-22 18:30:00
ශකවර්ෂ 1945 ක් වූ කුම්භ රවි 11 භාග නවම් පුර පසළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 17 භාග නවම් අව විසේනිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි –...
2024-02-22 18:30:00
ඉභිනනාසු සම්ප්රදායේදී ජීවයට මුල්තැන දෙනු ලබන්නේය. වර්තමාන මනුෂ්‍ය ආත්මය ලබා සිටියද ජීවය අනාදිමත් අතීතයක සිට පැවත පැමිණ ඇත. යම්කිසි ආත්මයකින්...
2024-02-22 18:30:00
හස්ත රේඛා පරික්ෂාවේදී තවත් ඉතාමත් වැදගත් රේඛාවක් වශයෙන් හෘද රේඛාව හඳුන්වා දිය හැකි අතර, රේඛාව අත්ලේ ගුරු මණ්ඩලය දෙසින් (දබරැඟිල්ල හා මැදැඟිල්ල...
2024-02-15 18:30:00
කතුරු මුවාත් චිත්‍රපටයෙන් සිංහල සිනමාවට එක් වූ රෙක්ස් කොඩිප්පිලි මහතා චිත්‍රපට දෙසිය පනහකටත් වඩා වැඩි සංඛ්‍යාවකට සහ ටෙලිනාට්‍ය 70කට පමණ...
2024-02-15 18:30:00
කතුරු මුවාත් චිත්‍රපටයෙන් සිංහල සිනමාවට එක් වූ රෙක්ස් කොඩිප්පිලි මහතා චිත්‍රපට දෙසිය පනහකටත් වඩා වැඩි සංඛ්‍යාවකට සහ ටෙලිනාට්‍ය 70කට පමණ රංගනයෙන් දායක...
2024-02-15 18:30:00
පලාපල බැලීමේදී විවිධ ක්‍රම සමාජය තුළ තිබේ. උපන් වේලාව අනුව සඳු ග්‍රහයා කිසියම් කොටුවක ගමන් කරයි. දළ කේන්දරයේ අදාළ රාශියේ සඳු ග්‍රහයා සටහන් කළත්, මේ...
2024-02-15 18:30:00
ශක වර්ෂ 1945ක් වූ කුම්භ රවි 04 භාග නවම් පුර සතවක තිථිය ලත් කිවි දින සිට එම රවි 20 භාග නවම්පුර තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-02-15 18:30:00
ඉභිනනාසු ඡ්‍යොතිෂ පලාපල විග්‍රහය සඳහා තවත් ඉඟියක් මේ ලිපිය සමඟ ඉදිරිපත් කරනු ලබනවා ඇත. හොඳට නරකට දෙකට කටමය කිව්වා සේ හොඳට නරකට දෙකටම පරිවර්තන, යෝගය...
2024-02-15 18:30:00
පෙබරවාරි මාසයේ 6, 15, 24 දිනයන්හි උපන් ඔබගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර, ඔබ සිකුරු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ.මේ දිනවල උපන්...
2024-02-15 18:30:00
පසුගිය සතියේ අත්ලක පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජිවන රේඛාවේ ස්වභාවය අනුව පුද්ගලයකුගේ ස්වභාවය ක්‍රියාකාරිත්වය සහ ඔහුට මුහුණ දීමට සිදුවන තත්ත්වයන්...
2024-02-08 18:30:00