වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
කන්‍යා රාශිය උභය රාශියක් වන අතර පොළොව ධාතුවට අයත් වේ. මෙහි ජනිත වූවන්ගේ සියලු කටයුතුවලට බලපාන්නේ මෙහි ඇති පියවි ගුණයයි. කන්‍යා රාශියේ උපන් අය වයසට...
2024-06-13 18:30:00
සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකුගේ අත්ලේ ඇඟිලි පහක් පිහිටා ඇති අතර ඒ අතුරින් මහපට ඇඟිල්ල ක්‍රියාකාරිත්වය හමුවේ පවා සුවිශේෂ ස්ථානයක් ගනී. එනම් මහපට ඇඟිල්ල...
2024-06-06 18:30:00
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,හස්ත රේඛා පරික්ෂක, මාතලේ නාඋලබී. ඒ. ජයවර්ධනඅත්ලක මණ්ඩල හතෙන් තවත් එක් වැදගත් මණ්ඩලයක් කුජ...
2024-05-30 18:30:00
පළමු අප නිරිඳු ට වසවත් කරපු විනය ට දෙවි රැස්ව එතැන ට කිව්ව සත් අඩි උපත මෙ ලෙස ටමහා සම්මත රජුගේ දේවිය වූ මැණික්පාල බිසවුන්වහන්සේට වසවර්තිමාරයා...
2024-05-30 18:30:00
කටකය චර රාශියකි. ජල ධාතුවට අයත්වේ. මේ චර ගුණයත් ජල ධාතුවේ ස්වභාවයත් ඔබේ ජීවිතයට ආත්මයට සම්බන්ධ වේ. දුකට සැපට සෑම කරුණකටම මෙහි ඇති පිහිටි ගුණය...
2024-05-30 18:30:00
ඕනෑම පුද්ගලයකුට ලෝකයේ ලස්සන දකින්න සංවේදිතාවය තිබිය යුතුය. සංවේදිතාවයක් නොමැති පුද්ගලයා යාන්ත්‍රික පුද්ගලයකු වේ. එවිට ජීවිතය ශෘංගාරාත්මක හැඟීම්වලින්...
2024-05-23 18:30:00
ශකවර්ෂ 1946ක් වූ වෘෂභ රවි 11 භාග වෙසක් අව පෑලවිය ලත් කිවි දින සිට එම රවි 17 භාග වෙසක් අව සතවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි – වෘෂභකුජ...
2024-05-23 18:30:00
“සුසෙතං වචනොද්රාෂ්ඨං සුසිලෝ බන්ධු සංගමං හසෙක ජාතො භවෙචෙචාරො ජයාසෙ පරදාරගඞ”හත නැකතින් උපත ලද්දේ නම් අන් අයට පි‍්‍රයමනාප සුසීල අර්ථවත් දෙබස් ඇති...
2024-05-23 18:30:00
චර ගුණයත් ස්ථිර ගුණයත් දෙකින් සම්මිශ්ර වූ උභය රාශියකි. වායු භූත බලය එහි ගැබ්ව පවතී. මෙහි ඇති පියවි ගුණය ඔබේ ජීවිතයේ සෑම කරුණක් සඳහාම බලපානු ඇත...
2024-05-23 18:30:00
මෙලොව ජීවත් වන මිනිස් ජීවින් වන ඔබ අප සියලු දෙනාම වගේම සතා සිවුපාවුන් ට ද ආදරය අත්‍යවශ්‍ය කාරණයක් බව කිව යුතුවේ. නමුත් ආදරයේ ස්වභාවයන්...
2024-05-16 18:30:00
සිනාවෙන් හෝ කතාවෙන් හඳුනාගත නොහැකි මිනිසාගේ දේහ ලක්ෂණ අනුව ඔහුගේ චරිතය පිළිබඳව අනාවැකි හෙළිකර ගැනීමට අපේ පැරණි ඍෂිවරු සමත් වූහ. ඒ බැව් අපේ...
2024-05-16 18:30:00
ස්ථිර ගුණයෙන් යුක්ත වෘෂභ රාශිය පොළෝ ධාතුවට අයත් වේ. මෙහි ඇති පියවි ගුණය ඔබේ දුකට මෙන්ම සැපතට බලපානු ඇත.පේ‍්‍රමවන්ත හැඟීම්වලින් ගහන වූ සිතින් මවාගත්...
2024-05-16 18:30:00
ජීවන තොරතුරු හෙළි කරන හඳහන නිසි වේලාවට බිහිවන නැතහොත් උපත ලබන සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිත කාලයට අදාළ තොරතුරු සත්‍ය ලෙස හෙළිකිරීමට තරම් ප්...
2024-05-09 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ මේෂ රවි 27 භාග වෙසක් පුර තියවක තිථිය ලත් කිවිදින සිට වෘෂභ රවි 03 භාග වෙසක් පුර නවවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-05-09 18:30:00
මේ දිනවල සමාජයේ අනතුරු විපත් බහුලව සිදුවන බව පෙනෙන්නට තිබේ. වර්තමානයේ මෙලෙස සිදුවන අතුරු අන්තරා මාරක විපත් ගැන විමසා බැලීමේදී එම අනතුරු...
2024-05-09 18:30:00
අත්ලක මණ්ඩල අතුරින් ඉතාම වැදගත් මණ්ඩලයක් ලෙස රවි මණ්ඩලය හැඳින්විය හැකි අතර මුදු ඇඟිල්ල හෙවත් රවි ඇඟිල්ල අත්ලට සවි වන ස්ථානයේ රවි මණ්ඩලය පිහිටා...
2024-05-02 18:30:00