වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
වෘෂභ ලග්නය ගත් විට ලග්නාධිපති සිකුරු කර්මකාරක ශනි යන දෙදෙනා ගැනත් බැලිය යුතුයි. ලග්නාධිපති සිකුරු බැවින් නිතරම සිනහව මුහුණේ දැකිය හැකි අතර සංගීතයට,...
2022-09-22 18:30:00
ලග්න කේන්දරයේ 11 වැන්න වූ කුම්භ රාශිය තිර රාශියක් වන අතර, සෙනසුරු ග්‍රහයා අධිපති ග්‍රහයා වේ. කුම්භ රාශියෙන් ප්‍රවේශම, ඉවසීම කල්ගියත් විරුද්ධවාදීන්...
2022-09-15 18:30:00
ලග්නය හා කාන්තාව මකර ලග්නයේ දෙවැනි කොටස වශයෙන් හැඳින්වෙන්නේ මේෂ, වෘෂභ, මිථුන, නවාංශකයක් හිමිව උපන් අයයි. මෙම අයට රවි යහපත් පල අත්කර දෙන...
2022-09-08 18:30:00
පාරම්පරික ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අධ්‍යයනයෙන් හා පුහුණුවෙන් පසු පාරම්පරික ගුප්ත ශාස්ත්‍රය හැදෑරීම්වල යෙදෙනවා. ගුරු ආචාර්ය වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සීමිත...
2022-09-01 18:30:00
කටක ලග්න හිමියෝ දයානුකම්පාවකින් ආදරය කරන මානව භක්තියෙන් පිරිපුන් අය වෙති. විශ්වාසවන්තයි. නීතිගරුකයි. අවංකයි. වැඩ කටයුතු හරියාකාරව කරන ඉතාම නිහතමානි...
2022-09-01 18:30:00
මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දර සටහනට අනුව පොත පත කියවීමට, ලිවීමට ආශාවක් දක්වන තරුණ වයසේදී වයසට වඩා තරමක් වැඩිමහලු ගතියක් පෙන්වන අයෙකි. තරුණ වයස...
2022-07-07 18:30:00
අපේ රටේ විවාහයන් පිළිබඳව සලකා බලද්දී අද වන විට කඩාකප්පල් වී ඇද වැටෙන තරමටම ඉතාම අබල දුබල තත්ත්වයක් උද්ගත වී තිබෙන බැව් පෙනේ. එන්න එන්නම දික්කසාදය...
2022-06-23 18:30:00
පෙරමඟ හමුවන පෙර නිමිති බැලීම අප මුතුන් මිත්තන් අතර පැවැතිණි. ඒ මඟ දී හමුවන සිවුපාවුන්, අලි ඇතුන්, සර්පයින්ගෙන් ඇතිවන පීඩා අවම කර ගැනීමටය. ඒනිසා තමන්...
2022-06-16 18:30:00
ජනතා පිබිදීම සහ කැපවීම මත පීඩාවන් අවම වේසඳ කළු රාත්‍රියේ කුජ ගුරු යුද්ධය ඇතිවේසිකුරු සඳු සමඟ රාහු එක්වේ ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රය...
2022-05-26 18:30:00
‘රුචක’ රාජයෝගය අඟහරුට අයත් වන අතර දෙවැන්නවූ “භද්‍රා” රාජ යෝගය බුධට අයත් වේ. ග්‍රහ මඩුල්ලේ සටන්කාමී කුජ ග්‍රහයා, මේෂ, වෘශ්චික හා මකර රාශි තුනෙහි ගමන්...
2022-05-12 18:30:00
අතීතයේ සිටම පුද්ගලයන් වෙන්කර හඳුනා ගැනීම සඳහා විවිධ නම් භාවිතා කෙරිණි.කෘෂිකාර්මික කටයුතු මූලික කරගත් ජීවන රටාව තුළ මිනිසාට පමණක් නොව සතුන්ට ද...
2022-04-07 18:30:00
කේන්ද්‍රයක කුජ (අඟහරු) 7 වැන්නේ හෝ 8 වැන්නේ සිටි පමණින්ම එම පුද්ගලයාගේ විවාහ දිවිය අවාසනාවන්ත වෙයිද? එසේ නැත්නම් කුජ 7 වැන්නේ හෝ 8 වැන්නේ සිටින...
2022-03-17 18:30:00
නිවැරදිව පලාපල කීමට ගෝචර ඵල අවශ්‍ය වේ. හඳහන බලන දිනයේ කේන්ද්‍ර හිමියාගේ ලග්නයට එදින උදාව පවතින ග්‍රහ ගමන ගෝචර ගමන වේ. බොහෝ දෛවඥයින් මෙය පලාපල...
2022-03-17 18:30:00
තමාට ප්‍රශ්නවලට මුහුණ දීමට ශක්තිය අඩු අවස්ථාවක කඩඉම් විභාගයකට මුහුණ දීමට සිදු වීම වැනි එවැනි අවස්ථාවක ඒ පිළිබඳ ව අඛණ්ඩ ව සිත ඉන් මිදීම නැතහොත්...
2022-03-10 18:30:00
බහු ලිංගික සම්බන්ධතා හේතු කොට වැලඳෙන රහස් රෝග වර්තමාන සමාජයේ ජීවත් වන බොහෝ දෙනා අතර, දක්නට ලැබෙන රෝග විශේෂයකි. ඒ අනුව වර්තමාන සමාජය තුළ අතීත සමාජයට...
2022-03-10 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ අෂ්ටාංගයෙන් එකක් ලෙස පුරාණ භූත විද්‍යාව සලකනු ලැබේ. ඒ බව මහඍෂි වාග්භටතුමා විසින් රචිත අෂ්ටාංගහෘදය පොතේ එන පහත සඳහන් ශ්ලෝකයෙන්...
2022-03-10 18:30:00