වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
කෘෂිකර්මාන්තය ලෝකයේ ඕනෑම රටකට අත්‍යවශ්‍යම කර්මාන්තයකි. කිසියම් රටක් කුමන දෙයකින් හෝ ඉදිරියෙන් සිටිනවා. මේ කුමන දෙයකින් කිසියම්ම දියුණුවක්...
2022-02-24 18:30:00
පසුගිය වසර දෙක තුනේම කොහේවත් නොගිහින් මේ දෙන්නා එක තැන හිටියා. ඒ සුබවාදිව. එම නිසා ඇවිදීම්, පිස්සු වැටීම්, වණ දද, කුෂ්ඨ රෝග එහෙම ඇති කළේ නැහැ....
2022-02-10 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු යන තාරා ග්‍රහයන් සූර්යයාගේ සිට යම් නිශ්චිත දුරකින් පිහිටමින් සූර්යයා වටා ඕවලාකාර ගමන් පථයක තමා...
2022-01-27 18:30:00
ඡ්‍යොතිෂයේ වටිනාකම රැඳී පවතිනුයේ නිවැරදි පලාපල කථනය තුළ පමණක්ම නොවේ. කේන්ද්‍රයක් උඩින් පල්ලෙන් බලා පලාපල ප්‍රකාශ කිරීම ද නොකළ යුතු කටයුත්තකි. මේ නිසා...
2022-01-20 18:30:00
යුගදිවිය යනු හුදෙක්ම කායික වින්දනයට පමණක්ම සීමාවූ දෙයක් නොව දෙදෙනා අතර සාමූහික ප්රයත්නයක සුසංයෝගී ජීවිතයක සෞන්දර්ය රටා වියමනකි. සත්ව ලෝකයේ...
2022-01-13 18:30:00
ඡ්යොතිෂ්ශාස්ත්රය කිව්වේ වැඩිපුරම අප වටා වේගයෙන් භ්රමනය වන තරු ග්‍රහලෝක වැනි සංකීර්ණ වස්තුන්ගේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵල මනුෂ්‍යයාට හා විශ්වයට...
2022-01-13 18:30:00
උපන් නැකැත යනු පුද්ගලයාගේ ජන්ම නැකැතයි. ජන්ම නැකැතේ සිට ගණනය කරන විට කර්ම, සංඝාත, සාමුදාහික, ආධාන වෛනායක, ජාත, දේශ, අභිෂ්ක යන නැකැත්වල සුබ ග්‍රහයන්...
2022-01-06 18:30:00
ඉතා සරල ලෙස ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඔබ වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම ලිපි පෙළ සකස් කර ඇත. ක්රිෂ්ණ මූර්ති පද්ධතිය යනු, පෙරදිග ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්රයේ නව...
2021-12-09 18:30:00
අත්ලක පිහිටන ප්‍රධාන රේඛාවන් අතරින් දෙවෙනි රේඛාව ලෙස සලකන්නේ ශිර්ෂ රේඛාවයි. ශීර්ෂ කියල හඳුන්වන්නෙ හිසට. එහෙම නම් ශීර්ෂ රේඛාව කියන්නෙ හිසට සම්බන්ධ...
2021-11-25 18:30:00
ලොව වෙසෙන සියලුම කාන්තාවෝ එක සමාන නොවෙති. රූපයෙන් මෙන්ම ගතිගුණ අතින්ද කෙනකුගෙන් කෙනකුට වෙනස් ය. මෙයට හේතුව වන්නේ තමන් උපන් මොහොතේ බලපෑ රාශි අනුව හැම...
2021-11-04 18:30:00
උදරවේදනාවට හේතුව තීරණය කිරීමට පෙර රෝගය පැවති කාලය, හටගන්නා ස්ථානය, පැතිරීම, දරුණුකම, ආහාර ගැනීම, ඖෂධ, මත්පැන් පානය, ඉරියව්ව, චලනය සහ මලපහ කිරීම යන...
2021-10-28 18:30:00
ඔක්තෝබර් 22 දින අලුයම 02.02ට සටන් කාමී කුජ තුලා රාශි ගත වීමත් සමඟ රට තුළ විටින් විට පැවැති වැඩ වර්ජන රාජ්‍ය විරෝධී ක්‍රියා හා සටන් කාමී අදහස් උදහස්...
2021-10-21 18:30:00
වර්තමානයේ හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳව සමාජය තුළ ඇත්තේ සුවිශේෂී පිළිගැනීමක්. එසේම විශ්වාසයක්. සත්‍ය වශයෙන්ම එය එසේම විය යුතුය. මන්ද මුහුණ හදවතේ කැඩපත...
2021-10-14 18:30:00
ශරීරයේ නිල ගැන ආයුර්වේදයේ පැහැදිලි කරනවා. ඒ මරුනිලයි. ඒ වගේම කාමනිල ගැන ඡ්‍යොතිෂයේ පැහැදිලි කරනවා. නමුත් බොහෝ ඡ්‍යොතිර්වේදීන් මේ නිල වර්ග ගැන...
2021-10-14 18:30:00
අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට ඉතාමත් ම වැදගත් මාතෘකාවක් වන වෘත්තීය මට්ටම නැතහොත් රැකියාව ගැනයි. විශේෂයෙන් දැනට පවතින කොරෝනා වසංගත...
2021-10-07 18:30:00
විවාහය ගැන කතා කරන සෑම කෙනෙකුට අඟහරු ගැන කතා කිරීමට අමතක නොකරති. එනම් අඟහරු විවාහයට වින කරන ග්‍රහයකු වශයෙන් බොහෝ දෙනෙකු සලකති. විවාහ යෝජනාවක්...
2021-10-07 18:30:00