වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
කේන්දරයෙන් හෙළිවන රෝගාබාධ
ලේ, මුත්‍රා ඇතුලු කොටස් හා එක්ස් කිරණ හා විවිධ ස්කෑන් පරීක්ෂණවලින් අනතුරුව රෝගියාට වැළඳී තිබෙන රෝග තත්ත්වයන් පිළිබඳව නිගමනය කරනු ලබන්නේ බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ මූලධර්ම පදනම් කරගෙනය.
එහෙත් දේශීය හා පාරම්පරික ප්‍රතිකාර ක්‍රමය ඊට හාත්පසින්ම වෙනස් පිළිවෙතකි. රෝගියා හෝ ඥාතියෙකුගෙන් ලැබෙන තොරතුරු අනුව තත්කාල ශාස්ත්‍රයෙන් හා ජන්ම පතේ ග්‍රහ පිහිටීම් සැලකිල්ලට ගැනීමෙන් අදාළ රෝග නිදානය සහමුලින්ම සොයා ගැනීමට හැකි වේ.
රෝගය වැළඳීමෙන් පසුව විවිධ පරීක්ෂණ මගින් රෝගය හදුනා ගැනීම බටහිර වෛද්‍ය ක්‍රමය වුවද, ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මගින් රෝගය මතුවීමට පළමුව සියලු විස්තර දැන ගැනීම පැරණි දෛවඥයාගේ දක්ෂතාවය විය. පොදු වශයෙන් ඕනෑම පුද්ගලයකුගේ කේන්දරයේ අටවැන්නේ රවි ග්‍රහයා දක්නට ලැබුණහොත් මව්පිය දෙදෙනාට තිබූ (ජානමය හේතූන් මත) දියවැඩියාව වැනි කල් පවතින රෝගාබාධයක් මතුවන බවට සලකුණකි. එසේම එය මතුවන කාලසීමාව පිළිබඳව නිශ්චිත නිගමනයකට එළැඹීමට හැකියාවක් තිබෙන බැවින්, ආහාරපාන ගැනීමේදි සැලකිලිමත් විය යුතු අංශ පිළිබඳව ද අදාළ පුද්ගලයාට උපදෙස් දීමට දේශීය වෙදකම හා සිද්ධාන්තමය ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන ලද අපගේ වැඩිහිටියෝ පුරුදුව සිටියහ.
ලග්නාධිපති ග්‍රහයා වර්ගෝත්තම හෝ පුෂ්කර නවාංශකයට අයත් නම්, ජන්මියා නිරෝගී පද්ගලයකු වේ. එසේම ලග්නාධිපති උච්ච අංශකයේ හෝ සුබ ග්‍රහයෙකුගේ දෘෂ්ටියක් ලබා තිබේ නම්, ජීවිතයේ අවසාන කාලය දක්වාම නිරෝගී වීමේ වාසනාව හිමි වේ. තවද කල්පවතින ශරීරයට දුක්දෙන රෝගාබාධ වැළදෙන්නේ ද නැත.
16 වැනි පිටුවට
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ