වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ස්ත්‍රී කේන්ද්‍රයක හත්වැන්නෙන් විවාහය හා පුරුෂයා ගැන කිව හැකිය
හත්වැන්න රවි දුබලව සුබ ග්‍රහයන්ගේ දැකීමක් හෝ සංයෝගයක් නැතිව සිටියොත් නපුරුගති ඇති තම සිතැඟි වලට පමණක් සිත යොමු කරන අනුන්ගේ අදහස්වලට ගරු නොකරන දරදඬු කෙනෙකු සැමියා ලෙසට පත්වීමෙන් විවාහ දිවිය ඉතා කරදරවලට පත්වේ. රවි බලවත්ව සුබ දෘෂ්ටි ලබා හතේ සිටිවිට රජයේ තනතුරු දරන උඩඟු සිතක් ඇති යහපත් සැමියකු ලබා උසස් තත්ත්වයක් ඇතිවෙයි.
රුව ලක්ෂණ ගුණවත් තරුණ ස්ත්‍රියක් හා විවාහ වීමෙන් පුරුෂයාගේ අරිෂ්ට දෝශ භංග වී යහපත් සැපවත් කෙනෙක් වන බව ඡ්‍යොතිෂයේ උගන්වයි. ස්ත්‍රී කේන්ද්‍රයක සත්වැන්න විවාහය හා විවාහ වන පුරුෂයා ගැන තොරතුරු කිව හැකිය. ස්ත්‍රි කේන්ද්‍රයක සඳු, සිකුරු, දෙදෙනාත් කුජ , ගුරු දෙදෙනාත් බලවත්නම් එය හොඳ පිහිටීමකි.
යම් ස්ත්‍රියකගේ කේන්ද්‍රයෙන් ඇය ලබන පුරුෂයා කුමන ආකාරයක ගතිගුණ ඇති කෙනෙක්ද විවාහ ජීවිතය සාර්ථක වෙයිද? සහකරු මිය යයිද? අත්හැර යයිද? යන කරුණුවලට පිළිතුරු ලබා ගත හැකිය. එයට හත්වැන්න සිටින ග්‍රහයන් හා හත දකින ග්‍රහයින් හත අධිපතියාගේ බලදුබලතා ගැන දැන ගත යුතුයි.
හතේ පාපයින් සිටිවිට සැමියාගේ මරණය හෝ අත්හැර යාම සිදුවෙයි. එම පාපයින් සුබයින් සමඟ යෝගව හෝ සුබයින් දැකීම ඇතිව සිටි විට පළමු සැමියා අත්හැර යනු ඇත. කුජ භෞම දෝෂය රාහු හතේ ශනිගේ නවාංශකයක සිටීම විවාහ ජීවිතය අසාර්ථක වීම සිදුවෙයි.
දුර්වල බලයෙන් යුතු පාපයින් හත්වැන්න සිටින විට සුබ ග්‍රහයින් දකීනම් සැමියා විසින් ඇයව අත්හැර යයි. අනියම් සබඳකම් ඇතිවෙයි.
හත්වැන්න රවි දුබලව සුබ ග්‍රහයන්ගේ දැකීමක් හෝ සංයෝගයක් නැතිව සිටියොත් නපුරුගති ඇති තම සිතැඟි වලට පමණක් සිත යොමු කරන අනුන්ගේ අදහස්වලට ගරු නොකරන දරදඬු කෙනෙකු සැමියා ලෙසට පත්වීමෙන් විවාහ දිවිය ඉතා කරදරවලට පත්වේ. රවි බලවත්ව සුබ දෘෂ්ටි ලබා හතේ සිටිවිට රජයේ තනතුරු දරන උඩඟු සිතක් ඇති යහපත් සැමියකු ලබා උසස් තත්ත්වයක් ඇතිවෙයි.
කුජ, සිකුරු සමඟ හතේ සිටියොත් තම හිමියාට වඩා අන් පුරුෂයින්ව ඇලුම් කරණු ඇත. කුජ , සඳු, සමඟ තම ස්වාමියාට ඇලුම් කරනු කෙනෙක් වෙයි. සඳුගේ බල දුබලතාවය අනුව වෙනස් වෙයි. කුජ සඳු යෝගය බලවත්ව යෙදී තිබුණොත් ඉතා යහපත් සැමියකු ලැබීය. ඇය ශි‍්‍රයා කාන්තාවක් බවට පත්වේ.
හත්වැන්න ශනි , බුද යෝගය සිටියොත් ඇය ලබන සැමියා නපුංශකයෙකි. එම රාශිය චර රාශියක් වුවහොත් විවාහ වීමද බොහොම කලාතුරකිනි. නිතර විවාහය ගැන සිතා දුක්වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>